අමිල ප්රසාද්ගෙන් ශ්රී ලංකාවට රන් පදක්කමක්
ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්රීඩා උළෙල අද (08දා) පැවති ඉසව් කිහිපයකින් (ප.ව. 1.00 වනවිට) රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවෝ සමත් වූහ.
මෙහිදී ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනාදීමට පිරිමි මීටර 200 (T42, 63 ) තරගයට සහභාගි වූ අමිල ප්රසාද් සමත් විය. මීට අමතරව කාන්තා දුර පැනීම (T45/46/47) ඉසව්වෙන් අමරා ඉන්දුමතී රිදී පදක්කකමක්, පිරිමි හෙල්ල විසිකිරීම (F42-44/61-64) ඉසව්වෙන් චමින්ද සම්පත් රිදී පදක්කමක් හා පිරිමි මීටර 200 (T42, 63) ඉසව්වෙන් ඉන්දික චූලදාස රිදී පදක්කමක් මවුබිමට දිනා දුන්හ. එමෙන්ම නිර්මල බුද්ධික පිරිමි මීටර 200 (T42, 63) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය.
ආසියානු පැරා ක්රීඩා උලෙළ පසුගිය සෙනසුරාදා (06දා) ආරම්භ වූ අතර, මේ සඳහා ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් තරග සඳහා ඉදිරිපත් වූ පළමු දිනය අදයි. ක්රීඩා උළෙල එළඹෙන 13 වැනිදා දක්වා පැවැත්වේ.
මෙම පදක්කම් 05 සමග මේ වනවිට (ප.ව. 1.00 වනවිට) ශ්රී ලංකාව පදක්කම් සටහනේ 10 වැනි ස්ථානයේ රැඳී සිටියි. රන් පදක්කම් 19ක් සමගින් පදක්කම් 33ක් දිනා සිටින චීනය මෙහි පෙරමුණේ රැඳී සිටියි.
popular news
-
Champa Monday, 08 October 2018 03:42 PM
නියමයි...... මගේ උණුසුම් සුභ පැතුම් පදක්කම් දිනූ සියලු දෙනාට සහ සහභාගී වූ සියලු ක්රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

