අපි ක්‍රීඩා කළේ පාසල් ළමයි ටිකක් වගේ
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළේ පාසල් ළමුන් මෙන් බවත්, කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරගත යුතු අවස්ථාවක වඩාත් හොඳින් පන්දු රැකීම සිදුකළ යුතු බවත් ශ්‍රී ලංකා එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පෙරේදා (01දා) රාත්‍රියේ අවසන් වූ දෙවැනි එක්දින තරගයෙන් පසුව පැවැති ත්‍යාග ප්රදානෝත්සවයේදී මැතිව්ස් මේ බව පවසා සිටියේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම සමස්තයක් ලෙස ඉතා දුර්වල මට්ටමක පැවැතියේය. ඒ හේතුවෙන් අතිරේක ලකුණු රැසක් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවට එක්විය.
එමෙන්ම අම්ලා ලකුණු 05ක් ලබා සිටියදී කුසල් පෙරේරා වෙත ලබාදුන් පහසු උඩපන්දුවද, ක්වින්ටන් ඩි කොක් ලකුණු 18ක් රැස්කරගෙන සිටියදී අකිල ධනංජය වෙත ලබාදුන් පහසු උඩපන්දුවද සුරක්ෂිතව රැකගැනීමට ඔවුන් කිසිවෙකුටවත් නොහැකි විය.
ඒ අවසරයෙන් ඩි කොක් ලකුණු 87ක් දක්වාත්, අම්ලා ලකුණු 43ක් දක්වාත් තම තමන්ගේ ඉනිම් දීර්ඝ කරගත්හ. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක්ද පැවැත්වූයේ ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය සම්පූර්ණයෙන් ඈත් කරමිනි.
පරාජය පිළිබඳ විස්තර කරමින් තවදුරටත් අදහස් දැක් වූ මැතිව්ස්,
"අපි තරගය ආරම්භයේදී නිකරුණේ කඩුලු පූජා කළා. ඒ වගේම තීරණාත්මක අවස්ථාවලදී කඩුලු බිඳගත්තා, ඒ නිසා අපිට නැගිටින්න බැරි වුණා. අපි උඩපන්දු ඇල්ලුවේවත් නැහැ. අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරන අතර තුර, කිසිම අවස්ථාවක්ම උඩපන්දු අතහරින්න බැහැ. පන්දු යවන්නන් හොඳට ක්‍රීඩා කරලත්, පන්දු රැකීම අතින් අපිට අද නරක දවසක්. අපි ක්‍රීඩා කළේ හරියට පාසල් ළමයි ටිකක් වගේ.
අකිල විශිෂ්ට විදිහට පන්දු යැවුවා. ඒ වගේම දික්වැල්ලත් ලකුණු අතරට ආවා. ඒක අපිට ධනාත්මක සාධකයක්. කෙසේ නමුත් අපි තවමත් මේ තරගාවලියේ රැඳිලා ඉන්නවා. සැරින් සැරේ කඩුලු වැටුණ නිසා මට නිදහසේ පහර දෙන්න බැරි වුණා. නමුත් පෞද්ගලිකව මම මගේ ඉනිම ගැන සතුටු වෙනවා."

-
Giman Sunday, 05 August 2018 06:44 AM
ඇන්ජලෝ මැතිව්ස් ව ටීම් එකෙන් අයින් කරන්න ඔනේ. ලොව අසාර්ථකම නායකයා. ටීම් එකට ඇති වැඩකුත් නැහැ. ලකුණු ගන්නෙත් නැහැ. වෙන පුළුවන් එකෙක්ට කැප්ටන්සි එක දීලා අයින් වෙන්න. ලොකු උදව්වක්. ඔයා ගහන ගේම් ගැන අපි දන්නවා. ආයෙත් ටීම් එකට එන්නත් එපාපාපාපා...........!!! Injury එකක් හරි වෙලා අයින් වෙන්න. ලොකු උදව්වක්.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

