2019/04/27
සයින්දමරදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසයි.
සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එම නිවසින් ආරක්ෂක අංශ දෙසට වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඒ දෙසින් වෙඩි තැබිමක්ද සිදුව ඇත. පසුව පිපිරීම් කිහිපයක්ද වාර්තා වී ඇත.
පසුව පිපිරීම් සිදුකළ නිවස පරීක්ෂා කිරීමේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට සැකකරන පිරිමි පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු හමුව තිබේ. ඊට අමතරව තවත් කාන්තාවන් තිදෙනෙකුගේ හා කුඩා දරුවන් හය දෙනෙනකුගේ සිරුරු සොයාගෙන ඇත. ඊට අමතරව නිවසින් පිටත තිබූ තවත් පුද්ගලයන් තිදෙනෙකුගේ මෘත ශරීර තුනක් සොයාගෙන ඇත.
ඒසේම නිවස තුළ බරපතල තත්ත්වයෙන් තුවාල ලබාසිටි කාන්තාවක් හා කුඩා දරුවෙකු රෝහල් ගත කර තිබේ.
කල්මුණ සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් මෘත ශරීර 4ක් සොයාගත් බව පොලීසිය පවසයි. මෙම මෘත ශරීර 4 මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගෙන් විය හැකි බව පොලීසිය සැකකරයි.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් සාමාන්‍ය වැසියන් තිදෙනෙකු රෝහල් ගත කර තිබේ. ආරක්ෂක අංශ වෙත කිසිම හානියක් සිදුව නොමැත.
කල්මුණේ ඇතුළුව ප්‍ර දේශ තුනකට පැනවූ ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක වෙයි. පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතී.
2019/04/26
කල්මුණේ සයින්දමාරුහි ආරක්ෂක අංශ හා අවිගත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදු වෙමින් තිබේ. සෝදිසි මෙහෙයුමක් අතරතුළදී මෙම වෙඩි හුමවාරුව සිදුව තිබේ.
ඒ අනුව එම මෙහෙයුම්වලට සහායක් වශයෙන් කල්මුණේ සමන්තුරේ හා චාවලකඩේට වහාම ක්‍රියාත්මක පරිදි ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.
මේ අතර පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු ලබන 6 දා ආරම්භ කිරීමටත් රජය තීරණය කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තා මෙම ප්‍රහාර මාලාවේදී ජීවිතක්ෂට පත්ව ඇති බව ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන තිබේ.
ආරක්ෂක අංශ කළ විශේෂ සමීක්ෂණයකින් හා ඡායාරූප මාධ්‍ය හා සී.සී.ටී.වී. මාධ්‍ය ඔස්සේ කළ ගැඹුරු තොරතුරු අධ්‍යනයකදී මේ බව තහවුරු කරගෙන ඇත.
මිය ගිය පුද්ගලයාගේ හිස පිළිබඳව කරන පරීක්ෂණවලදීද මේ බව හෙළිවී තිබේ. ෂැංග්‍රීලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයේදී මෙම සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කිරීමටද ආරක්ෂක අංශ සැලසුම් කර තිබේ. ෂැංග්‍රීලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති අතර ඒ සහරාන් හෂීම් හා ඉල්හාම් නැමැත්තන්ය. ඔවුන් දෙදෙනාම මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබේ.
2019-04-25
රටතුළ පවතින ආරකෂක තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් හෙට (26දා) පැවැත්වීමට නියිමිත සාමූහික ජුම්මා යාාඥාව නවතා දැමීමට මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව පුද්ගලයන් 253කට ආසන්න අගයක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊයේ වනවිට ප්‍රකාශ වූයේ මෙයින් මිය ගිය සංඛ්‍යාව පුද්ගලයන් 359ක් බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය
ත්‍රස්තවාදී ප්‍රහාර වලින් 485 කට අධික සංඛ්‍යාවක් තුවාලකරුවන් ලෙස ශ්‍රී ලංකා ජාතික රෝහලට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට, රිඡ්වේ ආර්යා ළමා රෝහලට, මඩකළපුව ශික්ෂණ රෝහලට සහ මීගමුව මුලික රෝහලට ඇතුලත් කළ අතර අද දින (25) පෙරවරු 10 වන විට එම සංඛ්‍යාව 149 දක්වා අඩු වී ඇත.
මෙම 485 ක් පමණ වූ තුවාලකරුවන්ගෙන් මෙම රෝහල්වලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත්තේ රෝගීන් 06 ක් පමණ වීම මෙම අතිශය කණගාටුදායක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය පිළිබදව ආඩම්බර විය හැකි කාරණාවක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම ප්‍රහාර නිසා මියගිය සංඛ්‍යාව ප්‍රහාරයෙන් පසු දිනයේ දී (අප්‍රේල් 22) 280 කට වැඩි සංඛ්‍යාවක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරුනි. මෙම සංඛ්‍යාව සමන්විත වූයේ මඩකළපුව ශික්ෂණ රෝහලේ 26 ක්, මීගමුව මූලික රෝහලේ 102 ක්, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ 07 ක්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ 03 ක් සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ 140 ක් වශයෙනි.
මෙවැනි බෝම්බ පිපිරීම් වලදී මියයන සමහරුන්ගේ ශරීර විශාල වශයෙන් හානියට ලක්වන අතර, ඇතැම් සිරුරු විනාශ වීමටත්, කොටස්වලට කැඩී සම්පූර්ණ සිරුරු වශයෙන් හදුනාගත නොහැකි තත්ත්වයටත් පත්වෙයි. මේ අනුව මරණ සංඛ්‍යාව නිශ්චිත වශයෙන් ගණනය කිරීමේ අසීරුතාවයක් පවතින බැවින්, මරණ සංඛ්‍යාව සෑම දිනකම ප්‍රකාශයට පත් කෙරුනේ ආසන්න අගයක් ලෙසයි.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරය හැරුණු කොට අනෙක් සියලුම රෝහල්වල මෘතදේහ ඥාතීන්ට බාරදීම ඉතා ඉක්මණින් සිදු කෙරුන අතර, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ ද දිවා රෑ දෙකෙහිම විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්, ගරු මහේස්ත්‍රාත්වරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සේවයෙහි යෙදුන ද මෙම මෘත ශරීරාගාරයට රැගෙන එනු ලැබූ මෘතදේහ ස්වභාවයෙහි සංකීර්ණ තත්ත්වයන් නිසාම මෘතශරීර නිදහස් කිරීමට සාපේක්ෂ වශයෙන් වැඩි කාලයක් ගතවෙයි. මීට හේතු වනුයේ සියලුම විදේශීය ජාතිකයින්ගේ මළ සිරුරු මෙම මෘත ශරීරාගාරයට රැගෙනඒම, කොළඹ හෝටල් 03 හි පිපිරීම් නිසා මරණයට පත්වූවන්ගේ සිරුරු කැබලි වීම, සාපේක්ෂ වශයෙන් අනෙක් පිපිරුම් ස්ථානවලට වඩා වැඩිවීම වැනි කරුණුය. විදේශිකයින්ගේ සිරුරු බාරදීම සදහා ඔවුන්ගේ ඥාතීන් විදේශ රටවල සිට පැමිණිය යුතුය. එසේ නොපැමිණිනෙන්නේ නම් අදාල තානාපති කාර්යාල මගින් මෘත ශරීර හදුනාගත යුතු වෙයි. එමෙන්ම දේශීය විදේශීය බව සාමාන්‍යයෙන් සමෙහි වර්ණය අනුව සළකා බැලිය හැකි වුවත්, ආසියාතිකයින් සම්බන්ධයෙන් මෘත ශරීර හදුනාගැනීම නිශ්චිතව කළ නොහැකිය.
මෙම තත්ත්වයන් තුල කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ මෘත ශරීර එම සංකීර්ණ ක්‍රියාවලිය ඔස්සේ යෑමේ දී කැබලි වූ සිරුරු පිළිබද මුල් තක්සේරු නිවැරදි කිරීමේ දී අද (25) වනවිට එම මෘත ශරීරාගාරයේ මෘත ශරීර සංඛ්‍යාව 113 දක්වා අඩු වී ඇත. මඩකළපුව ශික්ෂණ රෝහලෙහි මුල දී මෘතශරීර 29 ක් වශයෙන් සටහන් වුවද ඉහත ආසන්න හේතු නිසාම අවසාන වශයෙන් මෘත ශරීර 26 ක් වශයෙන් සටහන් විය.
මේ අනුව අද (25) වනවිට පසුගිය ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 253 ක් පමණ වෙයි. මේ අනුව අපගේ මුල් ඇස්තමේන්තුව වූ 290 කට ආසන්න අගයේ සිට 253 ක ආසන්න අගයකට අඩු වී ඇති අතර, මාධ්‍යයේ පළ වූ ආකාරයට මළ සිරුරු සංඛ්‍යාව 359 නොවෙයි.
මේ වන විට කොළඹ ජනපති ලේකම් කාර්යාලය හා කොළඹ ගෝල්ෆේස් හෝටලය ආසන්න වටරවුම් මාර්ග වල බර වාහන ධාවනය තාවකාලිකව නවත්වා තිබේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී.
පොදු ජනතාව ගැවසෙන් තැන්හි මෙම සෝදිසි කිරිම සිදුවන අතර ඒ සඳහා ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබාදීම ලෙස පුරවැසියන්ගේ වගකිම වෙයි.
කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයකම මේ වන විට ආරක්ෂාව තර කර තිබේ. හැකිතරම් නිවෙස් තුළට වී සිටීම ආරක්ෂක අංශ වෙත ඔබට ලබාදිය හැකි උපරිම සහයෝගයයි.
2019-04-24
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500කට අධික වෙයි.
ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයකට ලක්වූ කොළඹ කිංග්ස්බරි හෝටලයේ ව්‍යාපාරික මෙහෙයුම් නැවතත් හෙට (25දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එසේම අමුත්තන්ගේ ආරක්ෂාව සඳහා රජය සමග සාකච්ඡා කර පියවර කිහිපයක්ම ගෙන ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇති බවද වාර්තා වෙයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රරනාන්දු මහතාත් සිය ධුර වලින් ඉල්ලා අස්වෙන ලෙසට ජනපති මෛත්රීරපාල සිරිසේන මහතා පවසා ඇති බව වාර්තා වෙයි.