තරුණ භික්ෂූන් වහන්සේලා ආගමික හා සමාජ සේවා කටයුතු සඳහා පුහුණු කිරීම සඳහා කුරුණෑගල වාරියපොල මියුගුණරාමයේදී සමාජ සේවා භික්ෂු පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
එම අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක මහතා සඳහන් කළේ තරුණ භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් ලෙස තෝරාගෙන උන්වහන්සේලාගේ ධර්ම ඥානය වැඩිදියුණු කිරීමට මෙහිදී බලාපොරොත්තු වන බවයි.
එසේම ගිහි සමාජය සමග මනා සබඳතා පවත්වාගනිමින් ඔවුන්ගේ ගැටලු විසඳීමට භික්ෂුවට කළ හැකි කාර්යභාරය පිළිබඳව අවබෝධයක් ලබාදීමටද අදහස් කරගෙන ඇතැයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.