ශ්රී ලංකාවේ ආකර්ෂණීය වෙරළ තීරයක් වන උණවටුන වෙරළ තීරයේ ඓතිහාසික වැල්ලේ දේවාලය පිහිටා තිබේ.
උණවටුන දෙවොල් දේවාලය දෙවොල් දෙවියන් උදෙසා කරවන ලද්දකි.
වසර 2000 ක පමණ ඉතිහාසයක් සහිත මෙම දේවාලයේ අතීතයේ දෙවොල් දෙවියන් වැඩ සිට ඇතැයි සැලකෙන ශෛලමය ගුහාවක්ද දක්නට ලැබේ.
උණවටුන දේවාලයේ දෙවියන් මුල්කොට පැවැත්වෙන උපහාර පූජා පෙරහරක්ද ඇසළ මාසයේ පවත්වයි.
උණවටුන වෙරළේ සංචාරය කිරීමට පැමිණෙන බොහෝ සංචාරකයන් මෙම වැල්ලේ දේවාලය නීරීක්ෂණය කිරීමට පැමිණෙති.
වීඩියෝව මෙතනින් නරඹන්න