වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
වප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.ශාසන ඉතිහාසයට අනුව සැරියුත් හිමියන් ප්රඥාලාභී භික්ෂූන් අතර අග්රස්ථානය ලැබීම,කල්ප ලක්ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහිපැවිදි වීම,අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භක්ෂුණීසංඝයාත්,ජය ශ්රී මහා බෝධි ධාමයේ දක්ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැගෙන අරිෂ්ඨ කුමරු ප්රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනයකය.
වප් පෝය දිනය වනවිට බෞද්ධ සිද්ධස්ථානයන්හි වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ, කඨින පූජා පින්කම කෙරෙහිය. වස් පවාරණය සිදුවන්නේ වප් පෝය දිනයේ දී ය. කඨින පූජාවට චීවරකරණයයි කියනු ලැබේ.වර්ෂයේ එක් පෝය දිනයකදී පමණක් උදාවන කඨින පූජාව බෞද්ධයාට ඉතා වැදගත් වේ. කඨින පූජාව ථෙරවාදී බුදු දහම පවතින සෑම රටකම චිරාගත බෞද්ධ චාරිත්රයක් ලෙස පිළිගෙන ඇත.
පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්රතිපත්ති පූජා සඳහා ප්රමුඛත්වයක් ලබාදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

