ඉස්ලාම් දහමට අනුව දෙවිවරුන් නැත. සිටින්නේ එකම දෙවියෙකුය. ඒ 'අල්ලාහ්' පමණක්ය. 'අල්ලාහ්'ට සමාන වූ කිසිවක් නොමැත. 'අල්ලාහ්' ට කිසිවක් සමාන කිරීමද නොකළ යුතුය. එසේ කිරීම මිනිස් සමාජයට විශාල පාපයක්ය.
මෙම විශ්වාසය තවදුරටත් විහිදී යන්නේය. එනම් සමාන්‍යයෙන් ඉස්ලාම් භක්තිකයෙකු තමන්ගේ අවශ්‍යතාවක් හෝ උවමනාවක් වෙනුවෙන් කිසිම මිනිසෙකු ළඟ දණින් වැටෙන්නේ නැත. මිනිසෙකු තවත් මිනිසෙකුට උදව් කළ හැක්කේ 'අල්ලාහ්'ගේ කැමැත්ත මත පමණක්ය.
මෙය ඉස්ලාම් දහම නොදන්නා පුද්ගලයෙකු විශ්වාස කරන්නේ තම ඉරණම ලෙසයි. මෙය ඉස්ලාම් භක්තිකයන්ගේ අනුපමේය විශ්වාසයකි.වැඩිදුරටත් පවසන්නේ නම්, මිනිසාට කිසිම ශක්තියක් නොමැත.
මිනිසාට සියල්ල ලබාදෙන්නේ 'අල්ලාහ්' පමණක්ය. ඒ සඳහා ඔවුන් ප්‍රයෝගික ජීවිතයෙන් ප්‍රශ්නයක් මතු කරන්නේය. යම් මිනිසෙකුගේ ශක්තියට පිටින් දෙයක් වීමේදී එම මිනිසා තමන් නොදැනුවත්වම අහස දෙස බලන්නේය.
එසේ නැත්නම් නොදැනුවත්ම අහස දෙස බලා ‘දෙයියනේ’ යැයි කෑ ගසන්නේය. මීට හේතුව නම් ඉස්ලාම් භක්තිකයන්ගේ විශ්වාසයට අනුව 'අල්ලාහ්' සිටින්නේ ඉහළ අහසේ තමන්ටම උචිත ස්ථානයක බවත්, එය අරාබියෙන් ‘අර්ෂ්’ යන්නෙන් හදුන්වන බවත්, මේ සියල්ල පාලනය කරන්නේ දෙවියෙක් විසින් බවත්, එය 'අල්ලාහ්' බවත් මෙයින් තහවුරු වන බවයි.
කුර්ෂිඩ් අහමඩ්