ප්‍රථම වතාවට ජාත්‍යන්තර බෞද්ධ සමුළුවක් යාපනයේ පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය . අරලිය ගහ මන්දිරයේදි බෞද්ධ හිමිවරුන් සහ හින්දු පූජකතුමන්ලා ඊයේ (15)හමු වූ අවස්ථාවේදි අගමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
අගමැතිවරයා මෙසේ ද පැවසීය.
ජාතික සමගිය සහ ඉන්දු -ශ්‍රිලංකා බෞද්ධ සම්බන්ධතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම සම්මේලනය යාපනයේ පවත්වන වා. මේ සඳහා දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ බෞද්ධ නියෝජිතයින් හැත්තෑවක් සහ මෙරට ද්‍රවිඩ බෞද්ධයන් තුන්සියක් සහභාගි වෙනවා. සහභාගි වූ හිමි නමක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිවරයා උතුරු ප්‍රදේශයේ අහිමි වූ විහාරස්ථාන ප්‍රශ්නයක් ඇති නොවන සේ යළි ආරම්භ කිරිමට පියවර ගත හැකියි.
මෙම සම්මේලනය පැවැත්විමට යළි පදිංචි කිරිමේ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා මූලික වු බවත් මෙහිදි ද්‍රවිඩ බෞද්ධ සාකච්ජාවක් පවත්වනවා .
මෙම 20 වැනිදා යාපනයේදි පැවැත්වෙන කරුණා ජාත්‍යන්තර සමුළුව නමින් හැඳින්වෙන මෙය හින්දු -බෞද්ධ සම්බන්ධය ශක්තිමත් කිරිමට ආණ්ඩුව ගත් වැදගත් පිවරක් . මේ සම්මේලනයට සමගාමිව ඉන්දියාවේ ලෝකය පිළිගත් හින්දු නායකයකු වන හින්දු පූජක පක්ෂයේ ප්‍රධානි සංඛාචාර්යතුමා මෙහි පැමිනිමට නියමිතයි. හින්දු අධ්‍යාපනය දියුණු කිරිම සම්බන්ධයෙන් එතුමා සමඟ සාකච්ජා පවත්වනවා. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල දැනටමත් පාඨමාලා සකස් කර තිබෙනවා.වතුකරයේත් මේ පිළබඳව උනන්දුවක් ඇති වි තිබෙනවා . සංඛාචාර්යතුමාගේ සංචාරය සැලසුම් කිරිම සඳහා කොමිටියක් පත් කරතිබෙනවා.එතුමා සමඟ සාකච්ජා කිරීමට බෞද්ධ භික්ෂුන් වහන්සේලාට අවස්ථාව ලැබෙනවා. යාපනයේ මෙන්ම ද්‍රවිඩ බෞද්ධයන් ඉන්දියාවේ තමිල්නාඩුවේ ද සිටිනවා. යාපනයේ ජනතාව බුද්ධාගමටත් ගරු කරනවා. තමිල්නාඩුවේ ද්‍රවිඩ බෞද්ධයන් මහාබෝධිය සමඟ එක්ව කටයුතු කරනවා. දකුණු ඉන්දියාවේ බුද්ධාගම පැවතියා. විශේෂයෙන් කාංචිපූරම් වල බෞද්ධ සහ හින්දු මධ්‍යස්ථාන තිබුණා.
සංඛාචාර්යතුමා මා හොඳින් දන්නවා. එතුමාට ආරාධනා කිරිමට විශේෂ නියෝජිතයකු යැව්වා. ඉදිරියේදි තවත් ආගමික නායකයින් මෙරටට පැමිණෙනවා.
එක්සත් භික්ෂු සංගමයේ ජාතික සංවිධායක අඹන්වල ඥාණාලෝක හිමියෝ මෙසේ පැවසුහ .
උගත් බුද්ධිමත් ශ්‍රේෂ්ඨ පරපුරකින් පැවත එන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තරම් බුද්ධාගමටත් ,සිංහලකමටත් උරුමකම් ඇති වෙනත් නායකයෙක් නැහැ.මෙම සම්මන්ත්‍රණය යාපනයේ පැවැත්විම සාමයේ පාලමක් ලෙස හැඳින්විය හැකි.දෙමළ අය මහණ නොකිරිම නිසා අප අතර ප්‍රශ්න ඇති වුණා.සියලුම ජාතින් එක් කිරිමට සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.ඔහු ජාතිවාදය අවුස්සන්නේ නැහැ.අභයාරාමය සෑදූ අබේරත්න පවුල අගමැතිවරයාගේ පවුලේ අයයි.අද එය දේශපාලන මූලස්ථානයක් වෙලා.මහින්ද ආගම්වාදියෙක්.රනිල් දර්ශනවාදියෙක්.මැතිවරණ 29ක් පැරදිලාත් රනිල් මහත්තයා තව තවත් ශක්තිමත් වුණා .එක ඡන්දයක් පැරදුණු මහින්ද පිස්සු හැදිලා වාගෙයි.දින සියයට අවුරුදු සියයක් රට ආපස්සට ගොස් ඇතැයි මහින්ද කියනවා.නමුත් සිදු වී ඇත්තේ රාජපක්ෂ පරම්පරාව අවුරුදු දෙසියක් ආපස්සට ගොස් තිබිමයි .
ඉතිහාසයේ පළමු වතාවට සංඛාචාර්යවරයා මෙරටට පැමිණිම හින්දුන්ට ආඩම්බරයක් බවත් රට තුළ සියලුම ආගම් එකමුතු කිරිමට ගන්නා උත්සහය පිළිබඳව අගමැතිවරයාට ස්තූතිය හිමි විය යුතු යැයි යළි පදිංචි කිරිමේ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා පැවසිය.
.