මගේ ජීවිතයට දැඩි අනතුරක් තියෙනවා
අද අලුයම තමන්වහන්සේට වෙඩි ප්රහාරයක් එල්ල වූ බවත් තමන්වහන්සේගේ ජීවිතයට දැඩි අනතුරක් ඇති බවත් අම්පිටියේ සමුන හිමියෝ පවසති.
අද අලුයම වෙඩි ප්රහාරය එල්ල වීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව දැනුම් දුන්හ.
"අද හදිසි වෙඩි ප්රහාරයක් මට එල්ල වෙනවා. ඒ වෙඩි ප්රහාරයත් එල්ල වෙනවාත් සමගම මොකක්ද වුණේ කියන්න දන්නේ නෑ. සියලු දෙනාගේම දැන ගැනීමට කියන්නේ මගේ ජීවිතයට දැඩි අනතුරක් තියෙනවා මේ වෙලාවේ.
මේ වෙනකොට මංගලගම පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වාගෙන යනවා. කුමන හේතුවක් නිසා කවුරුන් මෙම වෙඩි ප්රහාරය තිබ්බද කියලා නිශ්චිත හේතුවක් නෑ.
අපි මේ විමර්ශන අනුව කරුණු සමාජ ගත කරනවා. නැගෙනහිර, මඩකලපුවේ මම අවුරුදු 30ක් ගත කළත් මෙවැනි වෙඩි ප්රහාරයකට මුහුණ දුන්නේ නෑ. මේ ගැන කනගාටුවක් තියෙනවා. මම හිතනවා පොලීසිය පරික්ෂණ කරලා වෙඩි තැබීම සිදුකළ කෙනා අත්අඩංගුවට ගනීවි කියලා."
popular news
-
උපාසක Monday, 13 February 2023 12:06 PM
පන්සලට වෙලා බන බාවනා කර ගෙන ඉන්න
Reply : 2 2
Belson Tuesday, 14 March 2023 02:40 PM
Who cares????
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
