සෝමාවතිය ඇතුළු පූජා භූමි 26ක් ගැසට් කරයි
ඒ අනුව තිස්සව රජමහා විහාරය, වෙල්ගම් වෙහෙර රජ මහා විහාරය, මහසෙන් රජ මහා විහාරය, මැදගොඩ සිද්ධ පත්තිනි දේවාලය, බියගම සුධර්මාරාම මහා විහාරය, පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන, කඹලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාමය, පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය, කිරිමැටියාන ශ්‍රී සුධම්මවංශාරාම රජමහා විහාරය, කප්පින්න මහා විහාරය, මාගල්ල කච්චිවත්ත පුරාණ රජ මහා විහාරය, බුද්ධියාගම සීගල රජ මහා විහාරය, ගංගොඩවිල ශ්‍රී විජයාරාම විහාරය, රත්මලාන පුෂ්පාරාමය, අස්ගිරිය පුරාණ රජ මහා විහාරය, මදුරාවෙල බැල්ලපිටිය විද්‍යාසේකර පිරිවෙන, පොතුවිල් මුහුදු මහා විහාරය, මහසෙන් රජ මහා විහාරය, බුදුරුවයාය රජ මහා විහාරය, ඓතිහාසික පුරාණ හබරණ ටැම්පිට විහාරය, සෝමාවතිය රජමහා විහාරය, කන්දෙගම ධංනජය රජ මහා විහාරය, කන්දෙගම නාමළුව සිංහගිරි රජ මහා විහාරය, බිබිල ඓතිහාසික කොටසර පියංගල රජමහා විහාරය, මානියම්ගම රජ මහා විහාරය එලෙස පූජා භූමි ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මේ වනවිට මෙරට පුජා භූමි 101 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. 1961 ඔක්තෝම්බර් 16 දින කතරගම මෙරට පළමු පූජා භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර පසුගිය මාසයේ 23 වැනිදා මෙරට 101 වැනි පුජා භූමිය ලෙස මහියංගනය රජ මහා විහාරය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරිණ.
පූජා භූමි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශ අනුමැතියද මිනින්දෝරු සැලැස්මද ඊට අත්‍යාවශ්‍ය බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

