කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවෙල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීමට ශක්‍යතා අධ්‍යනය හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම ඳසහා වන උපදේශන සේවාව ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව රිසෝසර්ස් ඩිවලොප්මන්ට් කන්සල්ටන් ආයතනයට රුපියල් මිලියන 356.22කට ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
