මෛත්රීගේ වැඩක් සාර්ථක වෙයි
ජාතික උරුමයක් බවට පත් කළ ථේරවාදී ත්රිපිටක ධර්මය ලෝක උරුමයක් කරා ගෙනයාමේ වැඩසටහන සාර්ථක වී ඇති බව හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කරයි.
ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඒ අනුව පෙර රජ දවස ලියැවුණු ඉපැරණි ථේරවාදී ත්රිපිටක ධර්මය ඇතුලත් පෞරාණික පුස්කොල පුස්ථකය ලෝක උරුමයක් කර ගැනීම සඳහා වු දොරටු යුනෙස්කෝ සංවිධානය මේ වන විට විවෘත කර ඇති බවයි.
එම කාර්යය සාර්ථක කර ගැනීමට දායකත්වය සැපයූ මහා සංඝරත්නය ප්රමුඛ ආචාර්ය,මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුව නැවත වතාවක් රැස්කොට ත්රිපිටක සද්ධර්මය ලෝක උරුමයක් කර ගැනීමේ උතුම් කාර්යයට ඊයේ (09) දිනයේ දී නැවත වතාවක් තමා මුල පුරන ලද බවද ඔහු පවසයි.
උත්තරීතර ථේරවාදී ත්රිපිටක ධර්මය සමස්ථ ලෝකය තුල සුරක්ෂා කොට රැක ගැනීම තම ඒකායන ප්රාර්ථනය බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පවසයි.
popular news
-
Prageeth W Wednesday, 21 July 2021 03:11 PM
මෙය භයානක පියවරකි! ලෝක උරුමයක් වූ විට, අපේ උරුමය අපට නැතිවැව යයි! වියුතේ, ථෙරවාදී ත්රිපිටක පනත සම්මත කරැ ගැනුමය!
Reply : 3 501
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

