පන්සලේ ඉදිකිරිමට විරුද්ධව ලිපි යැවූ සෙන්දිල් තොණ්ඩමණ්ට පිළිතුරු ලිපියක්
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පුණ්‍ය භූමියක ඉදිකිරිම් නවත්වන ලෙස ප්‍රාදේශිය ලේකම් මැදිහත්
කරගෙන ජාතිවාදි, ආගම්වාදි, අන්තවාදි ආර්.සම්බන්දන්ගේ ඉල්ලිමට කටයුතු කිරිම පිලිකුලෙන් හෙලා දකින බව නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාට ලිපියක් යවමින් ත්‍රිකුණාමලයේ ප්‍රාදේශිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි පුජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස හිමියෝ පැවසුහ.
ලේඛකාධිකාරි පූජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස හිමියෝ ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාට යැවු ලිපියෙන් තවදුරටත් පවසන්නේ මධ්‍යස්ථව සැමට කටයුතු කරතැයි මහා සංඝතරන්ය ආණ්ඩුකාරවරයා කෙරෙහි තැබු විශ්වාසය මෙවන් ක්‍රියාවන් නිසා පලුදුවි යන බව ඉතා කණගාටුවෙන් සිහිපත් කරණ බවයි.
මහළු දේශපාලක හස්ථයක් මේ අත පොවන්නේ නැගෙනහිර කෝට්ටියාරම්පත්තු බෞද්ධ උරුමයට බව අවධාරණය කරන ලේඛකාධිකාරි හිමියෝ එය මහා සංඝරත්නයට වේදනාවක් බවද යැවු ලිපියේ සදහන්වේ.ත්‍රිකුණාමල නගරය කේන්ද්‍ර කරගෙන පසුගිය වසර පහ තුල කොවිල් 53ක් ඉදිවි ඇති අතර එකම කෝවිලකටවත් සිංහල බෞද්ධ ජනතාව විරුද්ධවි නැතැයිද මේ වන විටත් සර්ධාපුර සිංහල ගමක් මැදි කරගෙන තිබු කෝවිල වෙනුවටත් නව කෝවිලක් ඉදිවිම මෙයට හොදම නිදසුනක් බවද ලේඛකාධිකාරි හිමියෝ යැව් ලිපියේ අවධාරණයට කර තිබේ.
"ආණ්ඩුකාර වශයෙන් සිදු කලේ ආගම ඇදහීමට ඇති අයිතිය අපට නැති කිරිමකි.අපි කාගේවත් ඉඩම් බලෙන් අත්පත් කරගෙන නැත.ඒ සියල්ලම අප නිත්‍යානුකුලව ලබාගත් ඒවා නිසා එය රැකගැනිමට අපට අයිතියක් ඇත" යි ලේඛකාධිකාරි සද්ධාතිස්ස හිමිගේ අත්සනින් යැවු ලිපියේ තවදුරටත් දැක්වේ.

popular news
-
Demuni de Silva Tuesday, 15 August 2023 12:25 AM
Sendil, think before jump !
Reply : 2 2
Kumar Tuesday, 15 August 2023 02:38 AM
පන්සලක පැවැත්මට දායකයා සහ සභාවක් ඕනෙද.
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

