වීරවිල ලංගම අනතුරින් 4ක් මරුට, 37ක් රෝහලට, 05කට බරපතළයි
වීරවිල පොලිස් වසමට අයත් තුරු සෙවන ප්රදේශයේදි ලංගම බස් රථ දෙකක් මුහුණට මුහණු ගැටීමෙන් අද (18) පෙරවරුවේ දරුණු අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ 25 දෙනෙකු ප්රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති අතර තවත් තුවාල කරුවන් 12 දෙනෙකු දෙබරවැව මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. මීට අමතරව අනතුරින් මියගිය තිදෙනෙකුගේ සිරුරු මේ වන විට හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කර ඇති අතර තවත් මිය ගිය එක් අයෙකුගේ සිරුරක් දෙබරවැව මූලික රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවැසුවේ. රෝහල් ගත කල පිරිසෙන් 05 දෙනෙකුගේ තත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.
තිස්සමහාරාම මාතර ප්රධාන මාර්ගයේ තුරු සෙවන ප්රදේශයේදි මෙම අනතුර සිදුව ඇත්තේ ලංගම බස් රථ දෙකක් මුහුණ මුහුණ ගැටීමෙනි.අනතුර සිදුව ඇත්තේ මොරටුව ඩිපෝවට අයත් කොළඹ කතරගම ගමන් කරන මගී බස් රථයක් හා තිස්සමහාරාම කරාපිටිය බස් රථ දෙක අතරය.
සිද්ධිය පිළිබදව වීරවිල් පොලිසිය විමර්ෂණ පවත්වන අතර අනතුර හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පැවැතිණි.
සූරියවැව නුවන් ජයසේකර




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

