අධික වර්ෂාව හේතුවෙන් රත්තොට රිවස්ටන් හරහා ලග්ගල දක්වා දිවෙන මාර්ගය ස්ථාන කිහිපයක් දැඩි ලෙස නාය යෑමට ලක්වු තිබු අතර 17දා උදැසන වන විට සැහැල්ලු වාහන ගමන් කිරිම සදහා පමණක් විවෘතව කිරිමට හැකි බව ලග්ගල සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි දිනේෂ් හේමන්ත මහතා පැවසිය.
එම මාර්ගය යළි ප්‍රවාහනයට සුදුසු මට්ටමට රැගෙන ඒම සඳහා අවශ්‍ය කරන පිළිසකර කිරිම් කඩිනමින් ආරම්භ කෙරුණු අතර මේ වන විට සැහැල්ලු වාහන ගමන් කිරීමට සුදුසු මට්ටමට මාර්ගය සකස් කරමින් පවතින බවද හෙතෙම පැවසිය.
මාර්ගයේ ස්ථෘන කිහිපයක් නාය යැමට ලක්ව ඇති බවත් අවදානම් තත්වය පහව ගොස් නොමැති බැවින් වෙනත් වාහන ගමන් කිරිමට හැකියාවක් නොමැති බවත් ඉදිරි දින කිහිපය තුළ මාර්ගය යථා තත්වයට පත් කිරිහට හැකි බවද හෙතෙම විශ්වාසිය පළ කළේය.
මාතලේ මහ දිසාපති ප්‍රසන්න මදනායක මහතාගේ උපදෙස් පරිදි රත්තොට සහ ලග්ගල ප්‍රාදේශීය ලේකම්වරුන් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් , මාර්ග සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු ඇතුළු කාර්යමණ්ඩලය, ලග්ගල ප්‍රාදේශීය සභාව, ලග්ගල පොලිසිය සහ එම වසම් භාර සියළුම රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් ඇතුලු ප්‍රදේශයේ ජනතාව මාර්ගය යථා තත්වයට පත් කිරිමට කටයුතු කරරමින් සිටියි.
මාතලේ මහේෂ් කිර්තිරත්න


