නුවරඑලියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්රදේශයෙදි මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතර වීමෙන් සිදු විමට ගිය විශාල අනතුරක් වැළකී ඇති බව වලපනේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
(28) දින පස්වරු 4:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය වලපනේ ප්රධාන මාර්ගයේ වලපනේ මහ ඌව ප්රදේශයෙදිය.
අධික බෑවුමක් සහිත එම මාර්ගයේ මහ ඌව වංගුව ප්රදේශයේ මීට ප්රථම රිය අනතුරු ගණනාවක් සිදු වූ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අධික බෑවුම් සහිත ස්ථානයේ පස් වලින් ආරක්ෂිත බැම්මක් ඉදි කිරිම නිසා මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් බස් රථය පස් කන්දේ ගැටී නතර වී ඇති බවයි වලපනේ පොලිසිය කියා සිටියේ.
යාපනයේ සිට නුවරඑලිය සංචාරයක් සදහා පැමිණි 28 දෙනෙකු එම බස් රථයේ පැමිණ ආපසු යාපනය දක්වා බස් රථය ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය ඉදිරියට ඇදී ගොස් ආරක්ෂිත පස් බැම්මේ වැදී නතර වි ඇත.
අනතුරින් කිසිවෙතුටත් තුවාල සිදු නී නොමැති බවත්, අනතුරට පත් බස් රථයේ ගමන් ගත් පිරිස යාපනයේ සිට වෙනතු බස් රථයක් ගෙන්වා ගෙන පිටත් විය ගිය බවයි වලපනේ පොලිසිය කියා සිටියේ.


