කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ බළන්ගොඩ පහළ ඇල්ලෙපොල ප්රදේශයේ දී අද (11) පෙරවරු බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්විය.පෙරවරු 6ත් 6.20. ත් අතර අනතුර සිදුවී ඇත.
පැල්මඩුල්ල දෙසින් බළන්ගොඩ දෙසට පාසල් දැරුවන්ද ඇතුළු ව මගීන් රැගෙන ගිය ලංගම බසයක් හා බළන්ගොඩ සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයත් හා එම දෙසටම ධාවනය වූ ලංගම බස් රථය එකට ගැටීමෙන් මෙලෙස අනතුරට පත්ව ඇත.
එම අවස්ථාවේ පැමිණි ගිලන් රියකින් සුළු තුවාල ලැබූ පාසල් දරුවන් සහ තවත් මගීන් කීපදෙනෙක්ආසන්න රෝහල් කරා යොමු කිරීමට ප්ර දේශවාසීහු විසින් කටයුතු කළහ. අනතුර හේතුවෙන් බදුල්ල කොළඹ ප්රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනාගමනයට අවහිර වී පැවතිණි. සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
බෙලිහුල්ඔය එස්.රත්නායක





