2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
මෙරට 09 වැනි පාර්ලිමේන්තුවේ සිටි හිටපු කථානායකවරයා විසින් 2023 හා 2024 යන වර්ෂයන් වෙනුවෙන් ඉන්ධන සදහා රුපියල් හාරකෝටි,පනස්හතරලක්ෂ,දහඅටදහස් නමසියහැටනමයක (45,418,969) මුදලක් වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් සිදුකරණු ලැබු විශේෂ විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
ශ්රිලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඉන්ධන භාවිතය සම්බන්දයෙන් සිමාවන් පනවා නොතිබිම හේතුවෙන් සිමාරහිත ලෙස ඉන්ධන භාවිතා කිරිමට අවස්ථාව සලසා දි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ඒ අනුව හිටපු කථානායකවරයා විසින් 2023 වර්ෂයේ දි ඉන්ධන ලිටර් 3,994ක් වෙනුවෙන් ඉන්ධන සදහා වැයකොට ඇති මුදල රුපියල් එක්කෝටි අනුතුන්ලක්ෂ,හැත්තැතුන්දහස්,අටසියහැටහයකි. (19,373,866) 2024 වර්ෂයේ දි ඉන්ධන ලිටර් 6,122ක් සදහා රුපියල් දෙකෝටිහැටලක්ෂ, හතලිස්පන්දහස් එකසියතුනක (26 ,045,103) මුදලක් වැයකොට තිබුණි.
ඉන්ධන ලිටර් ප්රමාණයේ වර්ධනය 2022 වර්ෂයට සාපේක්ෂ 2023 වර්ෂයේ දි සියයට 66කි. 2022 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දි ඉන්ධන ලිටර් ප්රමාණයේ වර්ධනය සියයට 155කි. මෙය ප්රශ්නගත වර්ධනයක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ඒ අනුව අනෙකුත් වර්ෂයන්ට සාපේක්ෂව මෙම වර්ෂයන් දෙකෙහිදි ඉන්ධන භාවිතය සැලකියයුතු ප්රමාණයක වැඩිවිමක් බව ද විගණනය මගින් පෙන්වාදි ඇත.
ශ්රිලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ කථානායකවරයාගේ කාර්යමණ්ඩලය වෙත ඉන්ධන හා වාහන වෙන්කිරිමේ දි රජය විසින් වරින්වර නිකුත්කරණු ලබන නිතිරිති රෙගුලාසින්ට යටත්ව සිමාවන් ඇති කිරිමට ගතහැකි පියවර පිළිබද අවාධනය යොමුකළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. ශ්රිලංකා පාර්ලිමෙන්තුවේ අටවන හා නවවන පාර්ලිමේන්තු වාරයන් පිළිබදව මෙකි විශේෂ විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
