සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරි කුමරු හා මේගන් කුමරිය නැවත එක්සත් රාජධානියට පැමිණිමට සැලසුම් කරන බව බීබීසී පුවත් සේවය වාර්ත කරයි.
ඩේලි ටෙලිග්රාෆ් සහ සන් පුවත්පත් විසින් මුලින්ම වාර්තා කළ පරිදි, හැරී කුමරු සහ මේගන් මෙම මස අගදී එක්සත් ජනපදයේ සිට ලන්ඩනයෙන් පිටත පෞද්ගලික, රාජකීය නොවන නිවසකට පදිංචියට යාමට අදහස් කරගෙන සිටියි.
යුවළගේ දරුවන් වන හත් හැවිරිදි ආචී කුමරු සහ පස් හැවිරිදි ලිලිබෙට් කුමරිය සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය පාසලකට ඇතුළත් කර ඇත.
ඉරිදා චාල්ස් රජුට මෙම මාරුවීම පිළිබඳව දැනුම් දී ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. හැරී කුමරු හෝ මේගන් කුමරිය මීට පෙර රාජකීය කටයුතුවලින් ඉවත් විය. කෙසේ වෙතත් නැවතත් එංගලන්තයට යාම හරහා ඔවුන් රාජකීයයන් ලෙස නැවත ඔවුන්ගේ භූමිකාවන් ආරම්භ කිරීමට වත්මන් සැලසුම් කර ඇත්දැයි යන්න තවමත් තීරණයක් ගෙන නොමැත.