’’අද’’ පුවත්පතට තවත් ජනාධිපති සම්මානයක්
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2025 “නව්‍යකරණ තුළ විශ්වසනීය මාධ්‍යකරණයක්” යන සංකල්පය යටතේ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය 11 වනදා සවස පැවැත්වූ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම විමර්ශනාත්මක මාධ්‍යවේදියාට හිමි මුද්‍රිත මාධ්‍ය සිංහල අංශයේ සම්මානය ''අද'' පුවත්පතේ රාහුල් සමන්ත හෙට්ටිආරච්චිට හිමිවිය. මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇත්තේ සෞඛ්‍ය හා ජානාමාධ්ය අමාත්‍යාංශය විසින් වේ.
''අද'' පුවත්පත නියෝජනය කරමින් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මිට පෙරද මාධ්‍ය වේදියෙකු ලෙස පරිසරය වෙනුවෙන් සිදුකළ මෙහය වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය සම්මානය ද, විශිෂ්ටතම විමර්ශනාත්මක මාධ්‍යවේදියාට හිමි ජනාධිපති සම්මානය, විමර්ශනාත්මක මාධ්‍යවේදියාට හිමි ජාතික සම්මානය සහ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී 2018,2019,2022 .2023 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මානයන්ද ලබාගෙන තිබේ. දකුණු ආසියාවේ මාධ්‍යවේදියෙකු ලෙස මාධ්‍ය ශේත්‍රය තුලදී සිදුකළ මෙහෙය ඇගයීමට ලක්කරමින් 2025 වසරේදී ඉන්දියාවේ යුගල් ක්‍රිෂෝර් ශුක්ලා ජ්‍යාත්‍යන්තර මාධ්‍ය සම්මානයද හිමි මාධයවේදියෙකි. (I J)


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

