මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බව කියන රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අධි බලැති යතුරු පැදි පහක් තලවිල හා නාවක්කාඩු ප්‍රදේශ වලින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කල වැටලීමකදි සැකකරුවන් ද සමග අත් අඩංගුවට ගැනිමට හැකිව තිබුනී.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙරටට රැගෙන ඒම තහනම් එන්ජීන් ධාරීතාවය 800 හා 400 යුත් යතුරු පැදි හතරක් හා කිසිදු නිත්‍යානුකුල ලියවිලි නොමැතිව සගවා තිබු 250 ධාරිතාවයකින් යුතු යතුරුයක් බව කියයි.
අදාල යතුරු පැදි සමග අවුරුදු 50,45, හා 20 සිමා වල සැකකරුවන් සිව් දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගත් බව වැටලිම් සදහා එක්වු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුර නිළධාරීන් හා කල්පිටිය පොලිසිය කියයි.
ලැබුන තොරතුරක් මත මෙම වැටලිම කර තිබු අතර අදාල යතුරු පැදි වලින් එන්ජීන් ධාරීතාවය 800,400, 250 , යතුරු පැදි මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ ඒවා බවට අත් අඩංගුවට ගත් සැකකරුවන් පවසා තිබේ.
මෙම යතුරු පැදි අත් නිවෙස් වල සගවා තබා තිබු බවත් ඇතැම් යතුරු පැදි රාත්‍රි කාලයෙ රහසේ ධාවනය කර ඇති බවද පරික්ෂණ වලදි හෙලිව තිබේ.
මෙම යතුරු පැදි වලින් 800 හා 400 ධාරීතාවයෙන් යුතු යතුරු පැදි මෙරටදී ලියාපදිංචිය ලබා නෙදෙන බවත් 250 ධාරිතාවය යතුරු පැදියට ලියාපදිංචිය ලබා දුන්නද එහි තිබු නොම්බර තහඩු ව්‍යජ ලෙස සැකසු ඒවා බවට වැටලිමට එක්වු නිළධාරීන් පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හා යතුරු පැදි පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
වැටලිම සදහා කල්පිටිය පොලිසියෙ නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් එක්ව තිබුනී.




