කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දත්ටනා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී මගී බස්රථයක් සාලියවැව පලුගස්සේගම ප්රදේශයේ දි අද සවස 6.00පමණ මාර්ගයෙන් ඉවතට පැන අධිබල විදුලිය රැහැන් කණුවක ගැටි පෙරළීමෙන් දෙදෙනකු මියගොස් මගීන් 15 දෙනකු තුවාල ලබා ඇතැයි සාලියවැව පොලිසිය කියයි. බස් රථය යතුරුපැදියකද ගැටී තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ ගමන් ගත් කාන්තවක සහ යතුරු පැදියක ගමන් ගත් අයකු බව පොලිසිය කියයි.ප්රදේශවාසීන් හා පොලීසිය එක්ව තුවාලකරුවන් රෝහල් ගතකර තිබේ. බස් රථය ගැටී අධි බලැති විදුලි කණුවට හානි වීම හේතුවෙන් ප්රදේශයේ විදුලිය විසංධි වී ඇත.
ජයරත්න වික්රමාරච්චි





