සාර්ථකම ගොවිජන ව්‍යාපාරයක් වන නීලබැම්ම ගංවතුරට බිලි වූ හැටි
වයඹ පළාතට අයත් පුත්තලම දිස්ත්‍රීක්යේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි මහාවාරි ගොවි ජනපදයක් වන නීලබැම්ම ව්‍යාපාරයට පසුගියදා කලාඔය පිටාර ගැළීමෙන් ඇතිවූ මහා ගංවතුනේ සිදුවූ විනාශයේ තරම කොතෙක්ද යත් මුළු ව්‍යාපාරයේම මෙවර මහ කන්නයේ වගාකර තිබූ කුඹුරු ඇතුළු වගා අක්කර දෙදහසක් පමණ හා නිවාස රැසක් බිමටම සමතලාවී ඇතැයි නීලබැම්ම නේවාසික ව්‍යාපාර කළමනාකරු එච්.එම්.දිසානායක මහතා කලාඔය හරස්කර බැඳි අමුණේ සිට යෝධ ඇළ ඔස්සේ පැය විසිහතර පුරාම වගාබිම් වෙත උස්සාන හා ගුරුත්ව ක්‍රමයට ජල සම්පාදනය කෙරෙන නීලබැම්ම ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ මීට වසර තිහකට පමණ ඉහතදීය.
වම් ඉවුර හා දකුණු ඉවුර වශයෙන් කොටස් දෙකකින් සමන්විත එය පහළින් පිහිටි ඔට්ටුපල්ලම ජලාශය දක්වා කිළෝ මීටර් 13 ක පමණ දුරක් කලාඔයට සමාන්තරව පිහිටා ඇත. මෙරට ජලසම්පාදනය හා වගා ක්‍රමවේද අතින් සාර්ථකම ගොවි ජනපදයක් ලෙසට සැලකෙන මෙහි අක්කර එකයි තුන්කාල, දෙක, පහ සහ විසිපහ වශයෙන් ගොවිපල බිම් පිහිටා ඇති අතර එමගින් නිරන්තව ලබා ගන්නා විවිධ වගා අස්වනු වලින් රටේ කෘෂි ආර්ථිකයට ලබාදෙන දායකත්වය සුලුපටු නොවන බවද එහි ඇතිවී තිබන තත්වය පිළිබඳව 12 දින නීලබැම්මේදී අප කළ විමසුමකට පිළිතුරු දෙමින් දිසානායක මහත එසේ සඳහන් කළේය.
එවන් පසුබිමක් තුළ අතීතයේදී සිදුවූ ගංවතුර තත්වයන්ට වඩා කිහිප ගුණයකින් වැඩි ගංවතුරක් මෙවර නීලබැම්ම ව්‍යාපාරයට ඇතිවූ බවත් එමඟින් ඇතිවූ වීනාශය යථාතත්වය පත් සඳහා සියලු පාර්ශවයන් ගේ එකතුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගතයුතුව ඇති බවත් පැවැසූ දිසානායක මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.
‘‘ නීලබැම්ම ව්‍යාපාරයේ පොහොර ලේඛනයට අනුව නිලවශයෙන් ගොවිබිම් අකර 1750ක් විතර හා නොනිල වශයෙන් තවත් අකර දෙසීයක් දෙසිය පනහක් විතර වගා කරනව. වී වගාවට ඇරුණුකොට මෙහි ගොඩ වගාවන්ට කන්නයක් කියල නෑ හැමදාම වවනව. පල නෙළනව. ඉවරයක් නෑ. වී, එළවළු පලතුරු දෙහි දොඩම් පොල් කොස් දෙල් ඇතුළු සෑම වගාවක්ම මෙහි තියෙනව. ගොවි පවුල් හාර පන්සියයක පිරිසක් එමඟින් යැපෙනව පමණක් නොවෙයි ඔවුන් රටටත් ලොකු සේවාවක් මෙමඟින් සිදු කරනව.
නමුත් මේ සැරේ ඇතිවූ ගංවතුර ඒ සියල්ලම විනාශ කළා. ආයේ ගොවියන්ට ස්ව ශක්තියෙන් ඔළුව උස්සන්න බැරි තරමට ඒ දේ සිද්ධ වෙලා. උන්හිටි තැන්, බඩුමුට්ටු ඇඳුම් පැළදුම්, දරුවන්ගෙ පාසල් පොත් පත්, ඇළවේලි, මංමාවත්. පාලම්, විදුලිය මෝටර්, සතා සීපාව. පානීය ජල සම්බන්ධතා, සියල්ලම විනාශ වෙලා. තාම හරියට ගණනය වෙලා නෑ විනාශයේ තරම. වැඩි දෙනෙකුට ඇඳිවත පමණයි ඉතිරි වෙලා තියෙන්නෙ.. හරිම කනගාටුදායක තත්වයක්. වතුර අඩුවෙනකොට තමයි විනාශයෙ තරම හරියට පෙනුනෙ.
ඒ කොහොම වුණත් නීලබැම්ම ව්‍යාපාරය වේගයෙන් යළි යථාවත් කරන්න නම් ඒ සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. ඊට කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් ඇතුළත් විය යුතුයි. කෙටි කාලීනව ගත්තහම ආහාර ප්‍රශ්න, නැවත වගා කටයුතු ආරම්භ කිරීමට බිත්තර වී පොහොර ඇතුළු අනෙකුත් බීජ වර්ග. බහුවාර්ෂික රෝපණ ද්‍රව්‍ය, කෘෂි උපකරණ, කැඩීබිඳී ගිය ඇළවේලී තාවකාලිකව හෝ සකස් කිරීම, විදුලිය, පානීය ජලය ලබා ගැනීම, මංමාවත් වගේම ඔවුන්ට ඉන්න හිටින්ට තැන්ද සකස් විය යුතුයි.
ඒ සඳහා අදාළ පාර්ශවයන් සමග එක්ව විධිමත් වැඩපිළි වෙලක් සකස් කිරීමට පියවර ගන්න විශේෂ ව්‍යාපාර කමිටු රැස්වීමකුත් අපි පවත්වන්න තීරණය කරල තියෙනව ‘‘
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාච්චි






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

