ශ්රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා වියට්නාම් ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ටෝ ලැම් ( To Lam ) මහතා 05/07 දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .එතුමා සමග දූත පිරිස ලෙස තවත් 209 දෙනෙකු ද එම ගුවන් යානයෙන් පැමිණ සිටියහ .
ඔවුන් 05/07 දින රාත්රී 10.50 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට ( Vietnam Air Lines ) අයත් වී.එන්.- 1 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු ඇතුළු පිරිස පිළිගැනීම සදහා අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්යමිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ




