ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
පිලිපීනයේ පැවති 12 වන ලෝක විවාහක සංචාරකරූ රැජින - 202 ( Mrs Tourism World - 2026 ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එහි කිරුළ දිනා ගත් අතර , ඇය සමග මෙම තරගාවලියට සහභාගී වූ ඇයගේ සැමියා මලිත් ගිහාන් විතාන මහතා මෙම තරගාවලියේ හොදම සහායක සැමියාට ( Best Supporting Husband ) ලෙස සම්මානයට පාත්‍ර වූ අතර ඔවුහු 10/05 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලිය සදහා සෑම වසරකම ශ්‍රී ලංකා රූමතියන් සහභාගී වුවද , එම ඉතිහාසයේ පළමු වරට මෙම තරගාවලියේ කිරුළ දිනා ගැනීමට නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත් වීම විශේෂත්වයකි .
මෙම තරගාවලිය ලෝකයේ ප්‍රධාන රටවල් 20 ක විවාහක සංචාරක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 09/24 දින සිට 10/02 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර පවත්වා තිබුණි. මීට අමතරව නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම තරගාවලිය තුළ පැවති තවත් අනුතරග රාශියක් ද ජයග්‍රහණය කරන්නට සමත් වී සිටියාය .



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
