ලොව වටිනාම මිල කළ නොහැකි මැණික් ගල් තුනක් තිබූ තැනින් එළියට ගනියි
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබූ මිල කල නොහැකි වටිනා මැණික් 03ක් ආරක්ෂාව එම අධිකාරියේ සිට ලංකා බැංකු සේප්පුව වෙත රැගෙන ගොස් තිබේ.
කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබ්.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ මේ වන විටත් ස්ථාපිත කරමින් පවතී.
නාරාහේන්පිට මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමිය සුදානම් කරනතෙක් ජාතික වස්තුවක් වූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේප්පුවේ සුරක්ෂිතව තබා මැණික් අධිකාරියට අයිතිව තිබූ ලොව වටිනාම මිල කල නොහැකි බැව් පැවසේන වටිනා මැණික් 03ක් මෙසේ ලංකා බැංකුව වෙත ගෙනවිත් තිබේ.
ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව යොදවා තිබුණි.






popular news
-
Kumar Tuesday, 20 July 2021 06:53 AM
lankawe thibena ona galak watinawane. Ithin e gal thuna alevikarala widesha vinimaya upayaganna barida. Aththatama baluwoth oya thiriwana gal wenna athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
