දිඹුල පතන ස්ටොනික්ලිප් වතුයායේ මන්දකට හසුව සිටි කදුකර කොටියකු බේරා ගැනිමට නුවරඑළිය වන ජිවි කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ස්ටොනික්ලිප් වතුයායේ තේ කර්මාන්ත ශාලා ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් විසින් අඩි 08ක් පමන දිග කදුකර කොටියකු මන්දකට හසුව ඇති අයුරු දැක පොලිසිය දැනුවත් කල බවත්ය.
පසුව මේ පිලිබදව නුවරඑළිය වනජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසුව එම නිලධාරින් පැමින මන්දක සිරවි සිටි කදුකර කොටියා මුදා ගෙන ප්‍රථිකාර සදහා රන්දෙනිගල පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන යාමට පියවර ගත් බවත්ය.
වන සතුන් දඩයම් කිරිම සදහා අටවන ලද මන්දකට මෙම කදුකර කොටියා හසුවන්ට ඇතයි සැක කරන බවත් මේ පිලිබදව පතන දිඹුල පොලිසිය වැඩි දුර පරික්ෂන මෙහෙයවන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
චන්ද්‍ර සෙල්ලහේවා
