පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
මහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක තිබි (17) දින සොයා ගත් තරුණිය (16) දින සිය පෙම්වතා සමග නුවරඑලිය නගරයේ සංචාරක හෝටලයක රැදී සිටි බවට ලද තොරතුරක් මත නුවරඑලිය පොලිසිය මගින්ද සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇත.
සංචාරක හෝටලයේ රැදීසිටි වැලිගම ප්‍රදේශයේ පී.ආර්. ශ්‍යාමා දර්ශනී (අම්පාර රෝහලේ භෞති චිකිත්සක වෛද්‍ය, වයස අවුරුදු 33) සහ ඇගේ පෙම්වතා වන කන්නෝරුවේ ටී.එම්.එස්. දිනෙත් දිසානායක (වයස අවුරුදු 35) යන අය පසුගිය (2026.06.03) සිට නුවරඑළියට ගොස් පෞද්ගලික හෝටලයේ නැවතී සිටින බවට පොලිසිය සැක කරන බවයි.
ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමකින් පසු, කාන්තාව ඝාතනය කර, හෝටලයෙන් රැගෙන ගොස්, මෝටර් රථයෙන් සිරුර රැගෙන ගොස් මහනුවර තෙල්දෙණිය රෝහල අසළ දමා යන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
එම හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන පද්ධතියේ ඇගේ මුහුණ වසා පෙම්වතා විසින් ඔසවාගෙන යන අයුරු දත්ත පද්ධතියේ සටහන් වී තිබුණි.
ඒ ඔස්සේ පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ උසස් නිළධාරියෙකු කියා සිටියේ, තෙල්දෙණිය පොලිසියෙන් අදාළ තොරතුරු ලබා ගෙන ඒ ඔස්සේ නුවරඑලිය පොලිසිය මගින් මියගිය තරුණියගේ සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන බවයි.







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

