ලංකාවට හඳුන්වාදුන් නව දෙළුම් විශේෂ දෙකක් සාර්ථකව පලදාව ලබාගැනීමට හැකිවී තිබෙනබව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා(පර්යේෂණ) එල්. ජි. අයි. සමන්මලී මහත්මිය පවසා සිටිනවා.
‘’මලී පින්ක්’’, ‘’ලංකා රෙඩ් ‘’ නමින් හඳුන්වනු ලබන මෙම දෙළුම් විශේෂ දෙක පර්යේෂණයක් ලෙස අම්බලන්තොට රුහුණු පැලතවාන යටතේ අත්හදා සාර්ථක ලෙස මෙරට හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කීපයක වගාකළ හැකිබව අනාවරණය කරගෙන තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්මනා දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවේ ප්‍රතිපාදනයන්ට අනුගතව තමන් විසින් ලියනලද පර්යේෂණයකට ව්‍යාපෘතියකට මෙම පර්යේෂණ සිදුකල බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා(පර්යේෂණ) එල්. ජි. අයි. සමන්මලී මහත්මිය පවසා සිටිනවා.
විශේෂයෙන්ම මෙම නව දෙළුම් විශේෂ දෙක මෙරට වග කිරීම මගින් ඉන්දියාව ඇතුළු විදේශ රටවලින් මෙරටට ගෙන්වනු ලබන දෙළුම් ප්‍රමාණය අඩුකර ගැනීමට හැකිවීමත් මෙම දෙළුම් විදේශ වෙළදපොලට යැවීම මගින් විදේශ විනිමයක් ලබාගැනීමට හැකියාවක් ද පවතින බව පර්යේෂකයින් මෙන්ම ඒ සදහා දායකවූ වගාකරුවෙකු වන ඩී, සමරනායක මහතා පවසා සිටි.
එමෙන්ම මෙම දෙළුම් වගාව කිරීමට කැමති ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය දෙළුම් පැල මෙන්ම අවශ්‍ය දැනුම ද ලබාදීමට හැකියාවක් පවතින බවද අම්බලන්තොට රුහුණු පැලතවානනේ හිමිකරු වන කෘෂි ව්‍යවසායක ඩී, සමරනායක මහතා පවසා සිටි.


