ටොන් බිලියන 3.1 ධමනි තිරුවානා නිධිය ඇමති සුනිල්ගේ නිරීක්ෂණයට
මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කොටිකම්බොක්ක ධමනි තිරුවානා (Vein Quartz) නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල්හඳුන්නෙත්ති මහතා (01) වෙනිදා එහි ගියේය.
මීටර් 700ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම නිධියේ මෙට්‍රික් ටොන් බිලියන 3.1 අතිවිශාල තිරුවානා සංචිතයක් පවතී.
අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී මෙසේ පැවසීය,
"මෙවන් වටිනා ජාතික සම්පත් අවිධිමත් ලෙස විනාශ වීමට ඉඩ නොතබා, ඒවා විධිමත් ලෙස ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගැනීම අමාත්‍යංශයේ අරමුණයි.කොටිකම්බොක්ක මෙට්‍රික් ටොන් බිලියන 3.1 වටිනා තිරුවානා සම්පතක් පවතිනවා. නිධිය අනවසර කැණීම්කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වහාම විධිමත් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතයි. වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් නිධිය පවතින කලාපයේ සීමා සලකුණු කිරීම සහ රාජකාරි කටයුතු වලදී මතුවන බාධාවන් පිළිබඳ පූර්ණ වාර්තාවක් ප්‍රාදේශීය ලේකම්වරිය වෙත කඩිනමින් යොමු කරන්න. නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කරමින් නිධියේ පවතින සංචිත ප්‍රමාණය වඩාත් නිවැරදිව යළි ගණනය කරන්න'
පවතින පාරිසරික සහ නීතිමය බාධාවන් නිරාකරණය කිරීමෙන් අනතුරුව, විධිමත් කැණීම් කටයුතු සඳහා කඩිනමින් අභිලාෂයන් කැඳවීමට (Calling for EOIs) කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නවා."
මෙම අවස්ථාවට මොනරාගල දිස්ත්‍රික් පා.ම චතුරි ගංගානි,ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය එස්.පී චමින්ද,කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේශ් අබේසේකර,භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති ජේ.එම්.එස්.එන්.ජයසිංහ,මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ රොහාන් ප්‍රනාන්දු,වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් වලිමුණි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
