ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
තමන් ඉදිකිරිමට යෝජනා කර ඇති 'ජයග්‍රාහී ආරුක්කුව' (triumphal arch) හමුදා උපකරණ ගබඩා කරන සංකීර්ණයක් ලෙසත්, ඒ සමඟම ස්නයිපර් වෙඩික්කරුවන් සහ ඩ්‍රෝන යානා යෙදවීමේ හැකියාව සහිත ස්ථානයක් ලෙසත් ක්‍රියාත්මක වනු ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි..
ඉරිදා උදෑසන පළ කළ සටහනක ට්‍රම්ප් සඳහන් කළේ, ඇමරිකානු හමුදාවේ "දැඩි ඉල්ලීම" මත සහ "ජාතික ආරක්ෂක අරමුණු" වෙනුවෙන් තමන් මෙම සැලසුම් යාවත්කාලීන කරමින් සිටින බවයි.
මෙම "ඉහළම මට්ටමේ" හමුදා සංකීර්ණය සහ ආරුක්කුව තුළ විශාල ඩ්‍රෝන යානා සහ ස්නයිපර් වෙඩික්කරුවන් රඳවා තැබීමටත්, ගබඩා කිරීමටත්, ඔවුන්ව වහලය සහ අවට විවෘත භූමි ප්‍රදේශවල (plaza areas) සිට ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමටත් හැකි පහසුකම් පවතිනු ඇති බවත්, ඊට අමතරව විශාල ස්නයිපර් උණ්ඩ ප්‍රමාණයක් එහි ගබඩා කර තැබෙනු ඇති බවයි.
"ලෝකයේ කොතැනකවත් මෙවැනි පහසුකමක් නොතිබෙනු ඇත," යනුවෙන් ට්‍රම්ප් සිය 'Truth Social' වේදිකාවේ සටහන් කළේය.
වොෂින්ටන් ඩී.සී. හි පොටොමැක් ගඟට එපිටින්, ආර්ලින්ටන් ජාතික සුසාන භූමියට යාබදව ඉදිකිරීමට සැලසුම් කර ඇති ට්‍රම්ප්ගේ අඩි 250ක් උසැති මෙම ආරුක්කුවේ ඉදිකිරීම් කටයුතු මෙම මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරිණි.
මෙම වසර මුලදී ඉදිරිපත් කළ සැලසුම් චිත්‍රයකට අනුව, ආරුක්කුවේ මුදුනේ රන්වන් පැහැති, පියාපත් සහිත 'නිදහසේ දේවතාවිය' (Lady Liberty) රුවක් සහ දෙපස රන්වන් රාජාලීන් දෙදෙනෙකු ඇතුළත් වේ. එමෙන්ම ව්‍යුහයේ දෙපස "One Nation Under God" (දෙවියන් යටතේ එක් ජාතියක්) සහ "Liberty and Justice for All" (සැමට නිදහස සහ යුක්තිය) යන වැකි රන් අකුරින් සටහන් කර ඇත. එහි පාදමේ සිට රන්වන් දේවතාවියගේ ප්‍රතිමාවේ මුදුන දක්වා සමස්ත උස අඩි 250ක් (මීටර් 76ක්) වනු ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

