ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි විජය පුවත්පත් සමාගමට සම්මාන ත්රිත්ත්වයක් හිමිවිය. මෙහිදී 'ඩේලි මිරර්' (Daily Mirror) පුවත්පතේ විශේෂාංග අංශයේ නියෝජ්ය කතෘ කමන්තී වික්රමසිංහ සහ වෙබ් අංශයේ නියෝජ්ය කතෘ චතුරංග ප්රදීප් සමරවික්රම යන මහත්ම මහත්මීන්, පාරිසරික දැනුවත් කිරීම් සහ සන්නිවේදන කටයුතු සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් 'ජනාධිපති පරිසර සම්මාන 2026' උළෙලේදී පිළිවෙලින් රන් සහ ලෝකඩ සම්මාන දිනා ගත්හ.
එමෙන්ම, මාධ්ය ක්ෂේත්රයේ ආයතන කාණ්ඩය යටතේ, පුවත්පත් අංශයෙන් 'විජය ළමා පුවත්පත' කුසලතා සම්මානයකින් (Merit Award) පිදුම් ලැබීය. එම සම්මානය විජය ළමා පුවත්පතේ ප්රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය මහතා ලබා ගත්තේය.
මධ්යම පරිසර අධිකාරිය (CEA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ජනාධිපති පරිසර සම්මාන උළෙල මගින්, පරිසර සංරක්ෂණය, දැනුවත් කිරීම් සහ තිරසාර භාවිතයන් වෙනුවෙන් දායකත්වය ලබා දෙන පුද්ගලයින් සහ ආයතන ඇගයීමට ලක් කෙරේ.



