ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවරදී පවත්වා තිබේ.
AI Impact 2026 සමුළුව සඳහා ආරාධනා කිරීම පිළිබඳ මෙහිදී තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කළ බව ජනපති අනුර කුමාර මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.
ඉන්දු - ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සහයෝගීතාව පුළුල් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහය අගය කරමින්, ඒ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත කෘතඥතාව පළ කිරීමටද ජනපතිවරයා කටයුතු කර තිබේ.



