තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් අග්‍රා වත්තේ ජලය සහිත විශාල වළකට වැටී අත් පා තුවාල ලබා ඇවිද යාමට නොහැකිව සිටි කඳුකර කොටියෙකු අද (20) බේරා ගත් බව හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු පවසති.
වයස අවුරුදු හතරත් පහත් අතර වයසේ පසුවන හොදින් වැඩුණු පිරිමි සතෙකු මෙම අනතුරට ලක්ව සිටි බවත්, විශාල උසකින් යුත් ගල් කොරියක ජලය සහිත වළකට වැටීම හේතුවෙන් සතාගේ පිටුපස පෙදෙසට හානි සිදුව ඇති බව මුලික විමර්ශණවලදී අනාවරණය වූ බව රන්දෙණිගල වන සත්ත්ව කළමනාකරණ ඒකකයේ ස්ථාන භාර වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා පැවසීය.
මෙම සතාගේ ශරීරයේ අභ්යන්ත්රරයට හානි සිදුව ඇද්දැයි බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ කීපයකට ලක් කළ යුතුව ඇති බවත්, එම වෛද්‍ය පරීක්ෂණ සිදු කොට කොටියාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවද පිනිදිය මහතා කීය.
දැඩි පරිශ්‍රමයක් දරා බේරා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සිදු කිරීම සඳහා කඳුකර කොටියා රන්දෙණිගල වන සත්ත්ව පශු වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීමට හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු පියවර ගෙන තිබිණි.
ශාන් හුලංනුගේ


