කඩුගන්නාවේ අවධානම් ගල් ඉවත් කිරීම හෝ ස්ථාවර කළ යුතුයි
කඩුගන්නාව සිට පහළ කඩුගන්නාව දක්වා ඇති අක්කර 400 ක් 500 ක් පමණ වන බැවුමේ ගැලවි ඒමට ඉඩ ඇති පර්වත බොහෝ ඇති බවත් බැවුමේ සෑම අගලක්ම නිරික්ෂනය කර එම පර්වත ස්ථාවර තත්වයකට හෝ ඉවත් කළ හැකි පාෂාන ඉවත් කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යාව පිළිබද සම්මාණිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
තවත් කඩා වැටිය හැකි මුහුණත් පෙනෙන පාෂාන ඇති බවත් ඒවා සම්බන්ධව දැඩි අවධානයක් යොමුකළ යුතු බවද මහාචාර්යවරයා පැවසිය.
මහාචාර්යවරයා මෙසේ පැවසුයේ අද (25) පස්වරුවේ පහළ කඩුගන්නාව ප්‍රදේශය නිරික්ෂනය කිරිම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගු පැනයන්ට පිළිතුරු දෙමිණි.
ගණේතැන්න නාය ගිය ස්ථානයේද මුහුණත පේන පාෂාණයක් ඇති බවත් එවන් පාෂාණ කඩා වැටිමේ අවධානමක් ඇති බවත් ඒ වගේම නොපෙනෙන ස්ථාන වලද කඩාවැටිමට ඇති මුහණත් ඇති පාෂාණ භු විද්‍යඥයින් හා ඉංජිනේරුවන් ලවා එහි ඇති සංවේදි ගතිය නිරික්ෂණය කර මේවා කඩා වැටිය හැකිද යන තැන් සිතියම් ගත කර වැටිමට හැකියාව ඇති පාෂාණ කොයි ස්ථානවල ඇතිද යන්න සිතියමක් සකස් කර මුලින්ම එම කඩා වැටිමට ඇති පාෂණ ඇති තැන් වලින් මිනිසුන් ඉවත් කර ඒවාට නිසි ප්රථිකර්මයන් ලබාදුනහොත් මහාමාර්ගය ආරක්ෂා කරගත හැකිවනු ඇති බවද මහාචාර්යවරයා පැවසිය.
වරින් වර සිදුවන නායෑම වලදි උත්සහ ගන්නේ ඒ සදහා පිළියම් යොදන අතර එම මුළු භුමි ප්‍රමාණය ගැනම අධ්‍යනයක් කර ඉදිරියේදී නායයැමට ඇති ස්ථාන සම්බන්ධව හදුනාගෙන ඒ සදහා අවධානය යොමු කිරිම සිදුකළ යුතු බවත් එය 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේදිද ඒ කාර්ය කළ බවත් අදාළ ආයතන භායනක ස්ථාන සම්බන්ධව ප්‍රථිකර්ම කළ බවත් ඒවා ඉතාම සාර්ථක බවත් එලෙස මෙම සම්පුර්ණ බැවුම සඳහාම ආරක්ෂාකාරි පියවරක් ගත යුතු බවද මහචාර්යවරයා කිය.
පහළ කඩුගන්නාවෙ ආශ්රිත පහළ බෑවුමේ ඇති මාර්ගයේ පැලුම් ඇතිවිම නිරින්තරයෙන්ම සිදුවන බවත් ඒවා අලුත්නි තාර දැමීමේදි වැසි යන අතර මිනිසුන්ගේ අවධානයද නොමැති වි යන බවත් මෙම මාර්ගය වසර 100 ට පමණ පෙර සිට ගල් අතුරා බැද ඇති ගල් බැමි මතුපිට මෙම මාර්ගය දුවන අතර විශාල වාහන වල බරට ඔරොත්තු නොදෙන තත්වයන් ඇති බවත් එම නිසා මෙම මාර්ග සාදා ඇති පැරනි තාක්ෂනය වෙනුවට නවින තාක්ෂනය යොදා මාර්ගයට පහලින් ඇති පැරනි බැමි සුරක්ෂත කලහොත් මෙම මාර්ගය ආරක්ෂා වන බවද මහාචාර්ය වරයා පැවසිය.
මේ අතර මාර්ගයේ ගිලා බැස ගිය ස්ථාන ය ජලය කාන්දුවි ඛාදනය විම නවතා ලිම සදහා කැගල්ල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වැලිකොට්ට අතුරන අතර මාර්ගයට පහත් වි ඇති විශාල ගස් වල අතු කපා දැමිමටද පියවර ගෙන තිබු බවද දකින්නට හැකි විය'





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

