ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් ඊයේ (4) රාත්‍රි රාවණා ඇල්ල රක්ශිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් බස් රථයේ රියැදුරු ඇතුලු 15 ක් මියගොස් 18 ක් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව ඇල්ල පොලිසිය පවසයි .
ඊට අමතරව මෙම අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් බේරාගැනීමට කබවල ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට යාමේදී යුධ හමුදා නිළධාරින් දෙදෙනකු ඇද වැටී තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලේ ප්‍රතිකාර ලබන බවත් , බස් රථයේ ගමන් ගත් තවත් පහලොස් දෙනෙකු දැනට නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පොලිසිය සදහන් කලේය .
මෙම පිරිස ඊයේ (4) අලුයම තංගල්ල සිට නුවරඑළිය විනෝද චාරිකාවක යාමට මෙසේ පැමින ඇති අතර පසුව ඔවුන් උදෑසන රාවණා දියඇල්ල නරබා හපුතලේ එඩිසන් බංගලාව නැරඹා බෝබුරුදිය ඇල්ල නරබා නුවරඑළිය ගොස් විනෝද වී ආපසු වැලිමඩ බණ්ඩාරවෙල ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ඔස්සේ තංගල්ල බලා ගමන් කරමින් සිටියදි මෙසේ ඇල්ල රාවණා ඇල්ල 15කනුව ප්‍රදේශයේදී බස් රථය ජීප් රථයකද ගැටී පසුව මාර්ගය අසල ආරක්ශිත යකඩ වැටේ ගැටී මෙලෙස රාවණා ඇල්ල රක්ෂිතයේ අඩි දහස් ගණනක ප්‍රපාතයට පෙරලී ගොස් ඇති බවත් පොලිසිය පැවසීය .
අනතුර සැලවූ වහාම බදුල්ල ශික්ශන රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය නිළධාරි රජයේ වෛද්‍ය නිළධාරි සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු විශේෂ වෛද්‍ය නිළධාරි කංඩායාමක් ඇතුලු සෞඛ්‍ය කාර්ය මංඩලය වහා අනතුර සිදු වූ ඇල්ල රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයට ගියහ .
ඔවුන් ත්‍රිවිධ හමුදා , පොලිස් නිළධාරින් සහ ගම්වාසීන් එක්ව ප්‍රපාතයෙ තුවාල ලබා සිරවී සිටි තුවාලකරුවන්ට වහා ප්‍රතිකාර ලබා දෙමින් කබවල ආධාරයෙන් ප්‍රපාතයෙ න් උඩට තුවාලකරුවන් ගෙන ගිලන් රථ ඇතුලු රථවාහන මගින් බදුල්ල ශික්ශන රෝහලට යැවීමට කටයුතු කලහ.
අනතුරින් ප්‍රපාතයට පෙරලී ගිය බස් රථය කුඩුපට්ටම් වී ගොස් කැබිලිවලට කැඩී විනාශ වී තිබින.
මෙහි ප්‍රපාතයෙ රැදී වැටී සිරවී සිටි තුවාලකරුවන් බේරා ගෙන උඩට ගැනීමට අදුර මෙන්ම ප්රපාතය නිසාවෙන් දැඩි වෙහෙසක් දැරීමට පිරිසට සිදුවිය.
මේ අතර අනතුරින් මියගිය හත්දෙනෙකු ගේ සිරුරු දියතලාව රෝහලේ ත්, දෙදෙනකු ගේ සිරුරු බණ්ඩාරවෙල රෝහලේ සහ හයදෙනෙකු ගේ සිරුරු බදුල්ල ශික්ශන රෝහලේ දැනට හදුනාගැනීමට තබා තිබෙන බවත් පොලිසිය පවසයි .
අනතුරින් පසුව විපතට පත් පිරිස සොයා ගැනිම සදහා ගුවන් හමුදා වසදහන් මගින් බීච් කාප්ට්ගුවන් යානයක් ඊයේ (4) රාත්‍රි රාවණා ඇල්ල ප්‍රදේශයේ යොදා තිබු බවත් , දැනට බදුල්ල ශික්ශන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික මහ රෝහලට මාරු කර යැවීම සදහා යොදා ගැනීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා වක් දියතලාව ගුවන් හමුදා කදවුරේ ස්ථාපනය කර ඇතයි පොලිසිය වැඩිදුර ටත් පැවසීය.
දියතලාව යුධ ,ගුවන් නාවික හමුදා මෙන්ම ඇල්ල බණ්ඩාරවෙල හාලිඇල පොලිස් නිළධාරින් , වෛද්‍යවරුන් ,සෞඛ්‍ය කාර්ය මංඩලය , ප්‍රදේශයේ ජනතාව , ප්‍රාදේශීය සභාව ඇතුලු විවිධ උදවියගේ මනා සහයෝගයක් මෙම කටයුතු සදහා ලැබුණු බවද බදුල්ල ශික්ශන රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය නිළධාරි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කලේය .
මීට අමතරව තවදුරටත් අනතුරින් විපතට පත් පිරිස් බස් රථය ට සිරවී ඇත්දයි සෙවීමට කුඩාඔය කොමාන්ඩෝ සෙබද්ලුන් අද (5) බස් රථය ප්‍රපාතයට පෙරලී ගිය පප්රපාතයට බැස සොයන්නට වුහ.
දියතලාව , බණ්ඩාරවෙල සහ බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් සෞඛ්‍ය කාර්ය මංඩලය මහත් කැපවීමෙන් මෙහිදී කටයුතු සිදු කලහ.
මෙම අනතුර සමග තංගල්ල ප්‍රදේශයේ ජනතාව වැලනොකැඩී රාත්‍රියේ ම බදුල්ල ශික්ශන රෝහලට පැමින තුවාලකරුවන් , මිය ගිය පිරිස සොයා බැලූහ .
මෙම අනතුර බසයේ කාර්මික දෝශයක් හේතුවෙන් සිදුව ඇත්ද යන සොයා බැලීමට මෝටර් රථ වාහන පරීක්ශකවරුන් පැමින පරික්ෂා කිරිමට නියමිතව ඇත.
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍ර්සේකර මහතා බණ්ඩාරවෙල රෝහලේ සහ දියතලාව රෝහලට ගොස් එහි තිබු මළසිරුරු පරික්ෂා කර බලා මහේස්ත්‍රාත් පරීක්ෂනය අද (5) පස්වරුවේ සිදුකල හ.
අනතුරින් මිය ගොස් ඇත්තේ තංගල්ල දංකැටිය සගබෝමාවත පදිංචි ව සිටි චිරාත් නිමන්ත (27) නැමති පෞද්ගලික බස් රියදුරු සමග බෙලිඅත්ත පල්ලවල පදිංචි ව සිටි තංගල්ල නගර සභාවේ සේවය කල ලක්මිණි තුශාරි රත්නායක (45) ඇයගේ 14 හැවිරිදි සෙනෙත් තේජාන් පුතා , තංගල්ල කදුරුපොකුන අලුත්ගේ පදිංචි ව සිටි තරිඳු උදාර හේවාගම (39), තංගල්ල නැගෙනහිර කදුරු පොකුන පදිංචි වල්ගමගෙ ජයනි ජීවන් තිකා , තංගල්ල පන්නිතුඩාව පාර වර්නකුලසූරිය පටබැදිගේ මදූශා අනුරාදනි(42), හක්මන දෙනගම උතුර කබලහේන කුඩාඅන්තෝනිගේ දිනුදිකා ලක්මිණි ජයවීර (32), තංගල්ල දන්කැටිය පාර වීරසිංහ නිහාල් රංජිත් (54), තංගල්ල දන්කැටිය සුසාන භූමියපාර අබේධීර ගුණරත්න පටබැදිගේ නිලුශා ශ්‍රීමාලි (39), තංගල්ල හේනකඩුව තෝමරා හැන්නැදි ගේ චිරාත් දිමන්ත(27), තංගල්ල වීරකැටිය පාර ශානිකා අනුරාදා මතගවිර (42) තංගල්ල දන්කැටිය වීරකැටිය පාර මද්දුම පටබැදිගේ නාමල් රුවන්ත, බෙලිඅත්ත ගැටමාන්න ඇල්දෙණිය එස්. එම්.කේ. සුගත් ඉංදික වෙදගෙදර (54), තංගල්ල කදුරුගමුව හේවා ගමගේ තරිඳු පැතුම් උදාර (37), අම්බලන්තොට රුහුණු විජයහම ටි. කේ . රූපසේන (51), බෙලිඅත්ත අරන්වල ඒ. ඒ.සෙනෙත් තේජාන් (14), ලක්මිණි තුශාරි රත්නායක (45) තංගල්ල නෙටොල්පිටිය ගොඩිගමුව තිස්ස පාර මින්සදී සසිත්මා මතගවීට(12), දුනිදු කෞශල්‍ය පුංචිහේවා (39) යන අයහේ මෘත දේහයන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂනය බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා විසින්අද (5) පස්වරුවේ බදුල්ල ශික්ශන රෝහලේ දී පැවත්විය.
මෙම අනතුරින් විනෝද චාරිකා බස් රථයේ කොන්දොස්තරවරයාද (සහයක )තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.
මළසිරුරු සම්බන්ධයෙන් දියතලාව රෝහලේ අධිකරන වෛද්‍ය නිළධාරිවරයා හා බදුල්ල ශික්ෂන රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලබා ලවා පශ්චාත් මරණ පරීක්ෂන සිදු කර අධිකරනයට කරුණු වාර්තා කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍ර්සේකර මහතා හා බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා පොලිසියට නියම කළහ .
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ .ඒ. ආර් පී අමරසිංහ සහකාර පොලිස් අධිකාරි 111 රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් පී පාලිත මහතා ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ බදුල්ල පාලිත ආරියවංශ









