රාවණා ඇල්ලෙහි සහ කිරිඳිඔයෙහි අනාගත ඉරණම කුමක් වනු ඇත්දැයි මේ වනවිට පරිසරවේදීන්ගේ, සංචාරකයන්ගේ මෙන්ම ගොවි ජනතාවගේ දැඩි අවධානයට ලක්වූවකි. මේ පිළිබඳ වඩාත් ගැඹුරින් සොයාබලනු වස් අපි පසුගියදා එම ප්‍ර‘දේශවල සංචාරයක නිරත වීමු. එහිදී ගොවි ජනතාව හා ගම්වාසීන්ගෙන් ලබාගත් තොරතුරුද ඇතුළත් කරමින් මෙම ලිපිය සකස් කෙරිණි.
දෙස්, විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර දියඇල්ලක් වන 'රාවණා ඇල්ල' හෙවත් 'බඹරගම ඇල්ල' පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරයේ සිට කිලෝමීටර් 06ක් පමණ වැල්ලවාය දෙසට වන්නටය.
රාවණා රජු විසින් සීතා දේවිය සඟවා තබන ලද ඉසව්වක් බවට හා සීතා දේවිය රහස් මගක් ඔස්සේ මෙම දියඇල්ල සමීපයට පැමිණ ඇති බවට ජනප්‍රවාදයන් පවතී.
එවන් ඉතිහාසයකට උරුමකම් කියන මෙම දියඇල්ල ආශ්‍රිතව ඇති රාවණා ඇල්ල රක්ෂිතය අක්කර 4774ක් පුරා පැතිර පවතී. ඖෂධ ශාක, අතරමැදි කලාපීය වනාන්තර, තණබිම් ආදියෙන් යුත් ප්‍ර‘දේශයක් ලෙස රක්ෂිතය පෙන්වා දිය හැකිය.
රාවණා දියඇල්ලෙහි වත්මන් තත්ත්වය පිළිබඳ දැකබලා ගැනීමට අපි දියඇල්ල පිහිටි ප්‍රදේශයට ගියෙමු.
නියං කාලවලදී දියඇල්ලේ ජලය අඩුවීම සාමාන්‍ය දෙයක් වුවද මේ දිනවලද ඇල්ලෙහි ජල ප්‍රමාණය විශාල ලෙස අඩුවී තිබේ. සවස වනවිට එම ජල ප්‍රමාණයට ක්‍රමයෙන් අඩුවන බව දියඇල්ල පාමුල වෙළෙඳාමේ නිරත පිරිස් පවසති.
දියඇල්ලෙහි සුන්දරත්වය අඩු වීම තම ව්‍යාපාර කටයුතුවලටද බලපෑම් කරන බව ව්‍යාපාරිකයෝ පවසති.
ඩී.එම්. සමන්ත,
'මේ දියඇල්ල නිසා ජීවත්වන විශාල පිරිසක් ඉන්නවා. දියඇල්ල නැති වුණොත් අපි ඔක්කොම ඉවරයි. ලෝකයේ විවිධ රටවල සංචාරකයන් වගේම දේශීය සංචාරකයන් විශාල වශයෙන් මේ දියඇල්ල බලන්න එනවා. මේ ජාතික සම්පත රැකගන්න වහාම පියවර ගත යුතුයි.'
ජයමිණි මෙන්ඩිස්,
'මමත් සංචාරකයන්ට බඩු විකුණලා ජීවත්වෙනවා. අපි විතරක් නොවෙයි විදේශීය සංචාරකයන් පවා මේ දියඇල්ලට වෙච්ච විනාශය දැකලා දුක්වෙනවා. වියළි කාලෙට දිය අඩුවෙනවා තමයි. හැබැයි මේපාර තරම් කවදාවත් අඩුවෙලා නැහැ. මේක සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් කරන නිසා වහාම සොයාබලා විසඳුම් ලබාදිය යුතුයි.'
රාවණා ඇල්ලට දියවර සපයන ප්‍රධානතම ඔය මාර්ගය මෙන්ම, කිරිඳිඔයේ අතුගංගාවක් වන අඹදණ්ඩේගම ඔයෙහි ජලය ගලහිටියාව ප්‍රදේශයෙන් එක්වරම පොළොවට කිඳාබැස තිබුණේ අවදානමක පෙරනිමිතිද පහළකරමිනි.
උමාඔය උමං මාර්ගය කැණීම් කටයුතු හේතුවෙන් ප්‍ර‘දේශයට මෙවන් ව්‍යසනයක් සිදුවන බව බොහෝ දෙනෙක් පවසති.
උමාඔය උමඟ කැණීමේදී ජල උල්පත් හා ළිං සිඳී උග්‍ර ජල හිඟයකට මුහුණපා සිටින පවුල් 1300කට ජලය සැපයීම සඳහා අඹදණ්ඩේගම ඔය බඹරගම විදුහල අසලින් හරස් කර ආරම්භ කරන ලද ජල ව්‍යාපෘතියේ බලපෑමද මීට හේතුවන්නට ඇතැයි තවත් මතයකි.
බඹරගම ප්‍රදේශවාසීහුද මෙකී ව්‍යවසනය පිළිබඳ මෙසේ සිය අදහස් දැක්වූහ.
ආර්.එම්. ජයවර්ධන,
&අඹදණ්ඩේගම හා බඹරගම කියන අපේ ගම්මාන දෙක තමයි බණ්ඩාරවෙලින් වැඩිපුරම එළවළු වගා කරන්නෙ. මේ ගම්මාන දෙක මැදින් තමයි මේ ඔය ගලා බසින්නෙ. දවසින් දවස මේ ජලය අඩුවෙනවා. හේතුව ගම්වල තියෙන පරිසර හානිය තමයි. ගස්කොළ කපනවා, ඇළදොළ ගොඩකරනවා. ඔය දෙපැත්තට තියෙන කැළෑව සේරම දානවා. දැන් ඔය ගොඩවෙලා තියෙන්නෙ. ඒ නිසා එන වතුර ටිකවත් අපට ගේන්න බැහැ කුඹුරුවලට. අපි තුන්හතර පාරක් බලධාරීන්ගෙන් ඉල්ලුවා, කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මේ ගමේ ගොවි පවුල් එක්දස්ගාණක් ඉන්නවා. ඒකට මොකක් හරි වැඩක් කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නෙ.
දැනට අවුරුදු හතර පහකට උඩදී හොඳට වතුරපාර ගියා, ඔයේ එගොඩ මෙගොඩ වෙන්න බැරිවෙන්න. ගොඩක් අය උමාඔය සම්බන්ධව කියනවා. සමහර විට උමාඔයත් මේකට බලපානවා. අපේ ගමේ හොඳ උල්පත් දෙක තුනක් සිඳිලා තියෙනවා. අපි නම් හිතන්නේ උමාඔය වෙන්න ඇති කියලා. අපට ඒ ගැන හරියටම කියන්න බැහැ. ව්‍යාපෘතියක් කරනවා මකුල්ඇල්ල කුරුදුගොල්ල හීල්ඔයට වතුර දෙන්න. ඇත්තෙන්ම කියනවා නම්, මේ වතුරපාර දෙන එක නිසා හානි ගොඩක් වෙනවා. බඹරගල දියඇල්ල තියෙනවා. දියඇල්ල සංචාරකයන්ගේ ප්‍රධාන තැනක්. ඒකත් දැන් නැත්තට නැති වෙනවා මේ වතුරපාර නිසා. ඉතින් මේකට බලධාරීන් මැදිහත්වෙලා කිසිම දෙයක් කළේ නැහැ. අපි ඉස්සරහටත් කියන්නේ සංචාරක ව්‍යාපාරය රැකගන්න ඕන නම්, මේ ගැනත් අවධානය යොමුකරන්න කියලා. අපි ඔය වතුරපාර ගන්නකොට කිව්වා මේ ගමේ උඩම තියෙනවා බ්‍රෝටන් වත්තේ වැව. අක්කර ගාණක් තියෙනවා කියනවා. අක්කර ගාණට ඒ වතුරපාර එහෙට ගන්න කිව්වා. එහෙනම් මෙච්චර වියදමකුත් යන්නේ නැහැ. රජයේ මුදල් නාස්ති වෙන්නෙත් නැහැ. ඒක ඇහුවෙත් නැහැ. මේක කාටද කියන්න ඕන කියලා තමයි අපි කල්පනා කරන්නෙ. රාවණා දියඇල්ල ගොඩක් පරණ දියඇල්ලක්. මේ දියඇල්ලට බඹරගම දියඇල්ල කියලත් කියනවා. රාවණා ඇල්ල කියලත් කියනවා. මේ නම් දෙකම පාවිච්චි කරන්නේ එකම දියඇල්ලට. දැන් ඒ දියඇල්ල සිඳීගෙන ගිහින් ඉවරයි.'
ආර්.එම්. චන්දන ගුණතිලක,
'මම දැන් අවුරුදු 15ක් තිස්සේ වගා කටයුතු කරනවා. 2015 ඉඳන් තමයි අපට මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. මේ කුඹුරු යායට වතුර ගේන්න මුල් අමුණ තියෙන්නේ කිලෝමීටර් දෙකක් විතර ඈතින්, ලියන්ගහවෙල කියන කොටසේ. ඉස්සර අපට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හවස හතරේ ඉඳන් උදේ හතර වෙනකම් යායෙන් යායම බෙදලා වතුර දුන්නෙ. මගේ අක්කරයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ වගා කරද්දි කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. වෙනදා අපි ලක්ෂ හතරක් පහක් එළවළු කන්නයේ ආදායම ලැබුවා.
කිලෝමීටර් දෙකහමාරක් විතර තියෙන අමුණෙන් මූලිකව එන වතුරපාර අමුණේ ඉඳන් ටිකක් දුර එනවිට අඟල් දෙකක විතර වතුරපාරක් වෙනවා. මේ කුඹුරු යායේ එක රැයකට ගොවීන් හතර පස්දෙනෙක් වතුර දානවා. දැන් එහෙම බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. පොළොවේ දෙදරීම් පේනවා. වතුර ටිකක් හැරෙව්වාම එන්න එන්න වතුර ප්‍රමාණය අඩුවෙලා යනවා. මේකට පැහැදිලිවම බලපාලා තියෙන්නේ උමාඔය තමයි. අවුරුදු දෙකකට විතර කලින් එතනත් ගිලා බැස්සානේ. ඒ ගිලාබැහැපු තැනට පහළින් තමයි ඔයේ වතුරපාර යට වීම සිදුවෙන්නෙ උඩ පැත්තේ ඉඳන් බැලුවොත් කෙළින්ම පහළ පැත්තේන් වගේ. ඒ එක්කම තියන කුඹුරු යායවල්වල පැහැදිලිවම ඉරි පේනවා. සමහර අය කානු දාන්න කලින් පොලිතීන් එකක් එළනවා යටින්. අර වතුර ටික රඳවා ගන්න.
ඇතිවෙලා තියෙන තත්ත්වය අනුව බ්‍රෝටන් වැව තිබුණා නම්, ඇත්තටම මේ වතුර ප්‍රශ්නයට විසඳුමක් තියෙනවා. විශාල ජල ධාරිතාවක් රඳවා ගන්න පුළුවන්, අක්කර හතක් අටක් පිරෙනවා එතැන. හිටපු වාරිමාර්ග අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා මහතා විවෘත කිරීමේ ලොකු උත්සවයක් තියෙන වෙලාවක ගමේ ගොවීන් ඔක්කොම ඉස්සරහා කිව්වා ලබන අවුරුද්දේ මේවගේ කිරිබත් උයලා වැඩ ඉවර කරනවා කියලා. අවුරුදු තුනක් හතරක් තිස්සේ ඒ වැඩේ කෙරුණේ නැහැ. කෙරෙන්නේ නැති තත්ත්වයක් පේන්නෙ. ගොවියො අසරණ වෙලා තියෙන්නෙ. බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලොකුම ගම්මානය මේක. බණ්ඩාරවෙලට වැඩිම එළවළු යන්නෙ අඹදණ්ඩ ගමෙන්. ලොරි හයක් හතක් යනවා. බලධාරීන් මැදිහත්වෙලා කිසිම දෙයක් කළේ නැහැ. අපි ඉස්සරහටත් කියන්නේ ඉතින් සංචාරක ව්‍යාපාරය රැකගන්න ඕන නම්, මේ ගැනත් අවධානය යොමුකරන්න කියලා.'
මීට දින කිහිපයකට පෙර අඹදණ්ඩේගම ඔයෙහි ජලය එක්වරම කිඳාබැස ගිය බව කියන ගලහිටියාව ප්‍රදේශයටද අප ගිය අතර, ජලය පොළොවට කිඳාබැස්ස ස්ථානය කොළරොඩු දමා වසා දැමූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.
අපි මේ පිළිබඳ වැඩිදුරටත් සොයාබැලීමට මෑතකදී විවෘත කරන ලද ජල ව්‍යාපෘතිය පිහිටි ප්‍රදේශයට ගිය විට මේ පිළිබද බොහෝ තොරතුරු අනාවරණය කරගත හැකිවිය.
එම ඔයේ ගොවිබිම් අවසන් වන ප්‍රදේශයෙන් ඔය හරහා තාවකාලික වේල්ලක බැඳ අඩි 15ක් පමණ ගැඹුරු නළ ළිඳකින් ජලය දිනකට ලීටර් 80,000ක් බඹරගම විදුහල් භුමියේ ඉදිකරන ලද පිරිපහදුවට පොම්ප කරන බවත්, ඒ හරහා යළි මීටර් 300ක් පමණ ඉහළ ජල ටැංකියට ජලය පොම්ප කර මකුල්ඇල්ල ගම්මානයට ජලය සපයන බවත් ජලසම්පාදන මණ්ඩලය පවසයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඌව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රුවන් ලියනගේ මහතා, 'දියඇල්ලට බලපෑමක් නොවන අයුරින් රාත්‍රී කාලයේ පැය 10ක් සහ වැසි සහිත කාලයන්හි දිවා කාලයේ පැය කිහිපයක් මෙම ස්ථානයෙන් ජලය පොම්ප කිරීමට තීරණය කර තිබෙනවා. ගොවීන් අවධාරණය කරන්නෙ බ්‍රෝටන් වත්තේ ඉදිකිරීමට ගිය වැව ඉදිකළොත් මේ ගැටලු බොහොමයක් නිරාකරණය වන බවයි. එහෙත් ඒ සඳහා තවත් බොහෝ කලක් ගතවිය හැකියි* යනුවෙන් පවසා සිටියේය.