Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
'මහජනතාවට සහ වාහන හිමියන්ට අවශ්‍ය සේවය ලබාදීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති අංක 2032/36 හා 2017 අගෝස්තු 18 දිනැති නියෝගයට පාර්ලිමේන්තුවේ අනුමැතිය අපේක්ෂා කරනවා. මෙයින් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ මෝටර් රථ වාහන සඳහා තියෙන අංක තහඩු පිළිබඳ යම් නිගමනයක් ඇතිකර මහජනතාවට අවශ්‍ය සේවය ලබාදීම. ලංකාවේ දැනට ලියාපදිංචි වාහන ලක්ෂ 71ක් තිබෙනවා. දිනපතා මොටර් රථ අංක තහඩු විශාල ප්‍රමාණයක් නිකුත් කරනවා. 2017 වසරේදී පමණක් අංක තහඩු 1,216,805 නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාසයකට අංක තහඩු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් නිකුත් වෙනවා. මෙම අංක තහඩුවල ප්‍රමිතියක් තිබෙනවා. 2013 ඔක්තෝබර් 24 අංක 1813/27 ගැසට් පත්‍රය අනුව මිලිමීටර් 290 x මිලිමීටර් 280 හා මිලිමීටර් 280 x මිලිමීටර් 200 ප්‍රමාණයේ කහ පැහැති ප්‍රතිපූර්ණ වාර්තා අංක තහඩු සඳහා යම් මිලක් නියම කර තිබුණා. නමුත් සුදු පැහැති ඉදිරිපස අංක තහඩු සඳහා මිලක් නියම වී තිබුණේ නැහැ. නවීනතම වාහනවල ඉදිරියෙන් සන්නිවේදන උපකරණ සවිකර තිබෙනවා. ඉදිරියෙන් එන වාහනවල දත්ත එමගින් ලබා ගන්න පුළුවන්. දැනට තිබෙන මිලිමීටර් 520 x මිලිමීටර් 110 සුදු පැහැති අංක තහඩුව නවීන වාහනවල සවිකළ විට සන්නිවේදන උපකරණය වැහෙනවා. එවිට අවශ්‍ය දත්ත වාහනය තුළට ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා ඉල්ලීමක් ආවා නවීන වාහනවලට මිලිමීටර් 280x180 සහ 280x200 වැනි සුදු පැහැති ඉදිරිපස අංක තහඩු නිකුත් කරන ලෙස. එසේ කිරීමෙන් වාහන හිමියන්ගේ අවශ්‍යතා ඉටුවන බව දන්වා තිබුණා. ඒ නිසා මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු විසින් එවැනි අංක තහඩු නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අද දින පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙතැයි විශ්වාස කරනවා.
එවැනි අංක තහඩුවක් රුපියල් 1,500 බැගින් මිල නියම කර තිබෙනවා. ඒ සඳහා අනුමැතිය බලාපොරොත්තු වෙනවා. 2003දී මි.මී. 280x180 සහ මි.මී. 280x200 අංක තහඩුවලට මිලක් නියම නොවීම නිසා ගැසට්පත්රය අනුමත කිරීමට සිදුවුණා.
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වන විට විශාල වැඩකටයුතු කරගෙන යනවා. වසරකට බිලියන 05ක මුදලක් රජයේ භාණ්ඩාගාරයට ලබාදෙන රාජ්‍ය ආයතනයක් මෙය. ඊ-මෝටරින් ව්‍යාපෘතිය හරහා ක්රමානුකූලභාවයකට පත්කරන්න නව රජය 2018දී කටයුතු කළා. එමගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිගොනු අඩුකරලා පරිගණකගත කරලා පාරිභෝගිකයන්ට අවශ්‍ය සහන සලසන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 500කට වැඩි මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා. 2018 වසරේදී මෙය අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා 2017දී ටෙන්ඩර් කැඳවීමක් කළා. 2018 දෙවැනි අදියරට ටෙන්ඩර් කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රියදුරු බලපත්‍රය නවීකරණය කිරීමට අවශ්‍යයි. පැරණි රියදුරු බලපත්‍රයේ කාලය 2018 වන විට අවසන් වෙනවා. එය නැවත අලුත්වැඩියා කිරීම අවශ්‍යයි. අපි මෙවර බලාපොරොත්තු වෙනවා රියදුරු බලපත්‍රය මගින් වැරැද්දක් කළොත් ලකුණු දීමේ ක්‍රමයක් ආරම්භ කරන්න. ඒ සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ගන්නවා.
අද ඉදිරිපත් කරන පනත මගින් වාහන හිමියන් සඳහා අංක තහඩුවට අවශ්‍ය ප්‍රමිතිය ලබාදීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා සිදුවන බවට ජනතාව අතර මතයක් තියෙනවා. එම අක්‍රමිකතා නැවැත්වීමට තාක්ෂණය යොදා ගන්නවා.
පවුල් ලක්ෂ 52ක් රටේ තිබුණද, වාහන ලියාපදිංචි කර තියෙනවා ලක්ෂ 71ක්. මෙයින් මෝටර් සයිකල් ලක්ෂ 39ක්, ත්‍රිරෝද රථ 11,500,000ක්, මෝටර් රථ 750,000ක්, ද්විත්ව කාර්යය වාහන ලක්ෂ 04ක්, ට්‍රැක්ටර්, ලොරි ලක්ෂ 04ක්, ඩීසල් වාහන ලක්ෂ 13ක් රටේ තියෙනවා. මේ නිසා අංක තහඩු නවීකරණය කිරීම අවශ්‍යයි.'
'කොළඹ ඇතුළු නාගරික ප්‍ර‘දේශවල මාර්ග තදබදය උග්‍ර‘ වෙමින් තිබෙනවා. සෑම ආණ්ඩුවකටම වගකීමක් තිබෙනවා මෙම මාර්ග තදබදය වැළැක්වීම සඳහා. මේ රටේ වාහන අධික ලෙස ලියාපදිංචිය හා ආනයනය වැඩි වීම නිසා මාර්ග අනතුරු අධික වෙනවා. ඒ නිසා වඩාත් සාධනීය ප්‍රවාහන සේවාවක් ලබාදිය යුතුයි.
අද කොළඹට කේන්ද්‍රගතව තිබෙන ආර්ථික හා පරිපාලන මධ්‍යස්ථානය වෙනස් කළ යුතුයි. අපි දකින උපනගර දියුණු කිරීම අවශ්‍යයි. අපගේ ආණ්ඩුව කාලයේ ආරම්භ කළ අධිවේගී මාර්ගයෙන් පසුව කොට්ටාව නගරය දියුණු කිරීම ආරම්භ කළා. එහි සිට අධිවේගී මාර්ග පිවිසුම, දුම්රිය මාර්ය, කොළඹ නගරයට ඇතුළු වීමේ මාර්ග පිළිබඳ ව්‍යාපෘතියක් අප හඳුන්වා දුන්නා.
උපනගරවලින් එහා ජනතාව කොළඹට යොමු කිරීමේ වැඩසටහනක් අවශ්‍යයි. නැතහොත් කොළඹ අගනගරයේ වාහන තදබදය ඉහළ යාවි. 2020 වන විට කොළඹ නගරයේ වාහනයක් ධාවනය කළ හැක්කේ පැයට කිලෝමීටර් 6-8ත් අතර වේගයකින්. එය ඉතාම නරක තත්ත්වයක්.
සමහර තැන්වල උදය වරුවේ බස් රථ ප්‍රමුඛතා මංතීරු හඳුන්වා දීම හොඳ දෙයක්. පසුගිය කාලයේ මෙවැනි වැඩසටහන් පිළිබඳ පසුවිපරම් නැති නිසා එම වැඩසටහන් අඩාළ වුණා. ප්‍රමුඛතා මංතීරු ක්‍රම‘යේත් ආරම්භයේ තිබුණු ජවය දැන් නැහැ. මුල් මාසවල තිබුණත් දැන් ප්‍රමුඛතා මංතීරුවල ගමන් කරන්නේ බස් රථ නොව කාර්, ලොරි පමණයි. ඒ නිසා අඛණ්ඩව කැපවෙන වැඩපිළිවෙළක් දියත් කිරීම අවශ්‍යයි. ඉදිරි වසර වන විට කොළඹ මාර්ග තදබදය වැඩිවිය හැකියි.
මාර්ග අනතුරු අවම කර ගැනීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි. පසුගිය කාලයේදී මෙවැනි අනතුරුවලින් මියගිය සංඛ්‍යාව හා පූර්ණකාලීන හා අර්ධකාලීන ආබාධයකට ලක්වූ විශාල පිරිසක් ඉන්නවා. අනතුරුවලින් මියයන ප්‍රමාණය නාගරික ප්‍ර‘දේශවල අඩුයි. නමුත් ග්‍රාමීය ප්‍ර‘දේශවල මියයන ප්‍රමාණය වැඩිවන්නේ ළඟ රෝහලක් නොමැති වීම නිසයි.
නාගරික ප්‍ර‘දේශවලින් බැහැරව රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක අවශ්‍යයි. කරාපිටිය රෝහලේ එවැනි ඒකකයක් පිහිටෙව්වා. පසුගිය කාලයේදී කොළඹ හා තදාසන්න ප්‍ර‘දේශවල හදිසි ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීම අපි අගය කරනවා. මේ ආණ්ඩුවේ කරපු අකටයුතුකම් අතරේ එය මේ ආණ්ඩුව කළ හොඳ දෙයක්. ඒ හරහා රෝගීන් සීමිත ප්‍රමාණයක් බේරාගන්න පුළුවන් වුණා. ඒ නිසා මීට වඩා මාර්ග අනතුරුවලින් මියයන ප්‍රමාණය අඩුකර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.*
'අපේ ප්‍රවාහන ක්ෂේත්රය විශාල ගැටළුවලට මුහුණපා තිබෙනවා. ආණ්ඩුව මෙය නිවැරදි නොකළහොත් රටේ ආර්ථිකයට මීළඟ මරු පහර වදින්නේ ප්‍රවාහනයෙන්. ප්‍රවාහන ප්රශ්නය විසඳීමට යම් හෝ වැඩපිළිවෙළක් පසුගිය කාලයේ දියත් කළේ නැහැ. පසුගිය ආණ්ඩුව තිබෙන පාරවල් පුළුල් කරනවා හැර ප්‍රවාහන ප්රශ්නය විසඳීමට විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ.
පසුගිය කාලයේදී විද්වතුන් ඉදිරිපත් කළ කිසිදු විසඳුමක් ගණන් නොගෙන තමයි ආණ්ඩුව අලුත් අලුත් විසඳුම් ඉදිරිපත් කරන්නේ. මෙගා පොලිස් අමාත්‍යාංශය වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරද්දි විද්වතුන්ගේ බුද්ධිමතුන්ගේ දායක්තවය ගත්තද කියන ප්රශ්නය තිබෙනවා.
ප්‍රවාහන ප්රශ්නය විසඳනවා නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ හරි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හරි, සී.ටී.බී. එකේ ප්‍රශ්නයක් නොව සමස්ත සමාජය සමග ගැටගැසී තිබෙන ප්‍රශ්නයක්.
පාසල් ආරම්භ වෙන වේලාවේත්, පාසල් අවසන් වෙන වේලාවේත් රටේ තිබෙන මාර්ග තදබදය කවුරුත් දකිනවා. ජනප්‍රිය පාසල් ප්‍රමාණයක් නඩත්තු කරමින් පාසල් බස් රථ ගාල් කිරීමෙන් කෙතරම් ප්‍රශ්නයක් ඇති වෙලාද? ප්‍රධාන නගරවල ටියුෂන් පන්ති ආශ්‍රිතවත් මෙවැනි තදබදයක් තිබෙනවා. උදේට නුගේගොඩ තදබදය බලපාලා තියෙනවා. නුගේගොඩ පෞද්ගලික පාසලක සැලැස්මකට අනුව රථ පෙළගැස්වීම නිසා අමතර රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.
මේක අධ්‍යාපනයත් එක්ක කර්මාන්ත එක්ක, වෙළෙඳ පොළත් එක්ක, රාජ්‍ය ආයතන ස්ථානගත තිබෙන ආකාරය එක්ක ඇති වූ ප්‍රශ්නයක්. මේක පාරවල් පළල් කිරීමෙන් හෝ වාහනවලට බදු ගහලා වාහන ගෙන්වීම අඩුකිරීමෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. රටට සම්පූර්ණ සැලැස්මක් අවශ්‍යයි. එහෙම නැතිව තැන්තැන්වලින් අල්ලාගෙන විසඳන්න බැහැ.*
'ආණ්ඩුව ආර්ථිකය හදන්න ගමේ බලය ඉල්ලුවා. ජනතාව ආණ්ඩුවට බලය පෙන්නුවා. ආයෝජකයන් අද මේරටට එන්නේ නැහැ. රට අරාජික වෙලා. රුපියල බාල්දු වෙලා. ආර්ථිකය හමස් පෙට්ටියට වැටිලා.
බොන්න වතුර ටිකක් නැති පාසල්වල දරුවන්ට ආණ්ඩුව ටැබ් පරිගණක දෙන්න හදනවා. ආණ්ඩුවට කිසිම කාර්යයක් ගැන විඥානයක් නැහැ. ඊළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සමග එකට ගමනක් යන්න ජනතාව තීරණය කර තිබෙනවා.*
'මේ වගේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට එවපු එක ගැන ජනතාව ලැජ්ජාවට පත්විය යුතුයි. පාර්ලිමේන්තුවේ අද තිබෙන මාතෘකාවට අනුව කතා කළ යුතුයි. උදයශාන්ත මන්ත්‍රීතුමා මාතෘකාව ගැන වචනයක්වත් කතා කළේ නැහැ. *
අපේ මාර්ග පද්ධතිය පිළිබඳ අපට සෑහීමකට පත්විය නොහැකියි. පෞද්ගලික වාහන වැඩි වෙනවා කියන්නේ රටේ පොදු ප්‍රවාහන සේවය විධිමත් තත්ත්වයෙන් නොපවතින බවයි.
අධිවේගී මාර්ග පද්ධතිය අපි සංවර්ධනය කරගෙන යනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පරිගණක තාක්ෂණය හඳුන්වා දීම සම්බන්ධව ඇතැම් නිලධාරීන් විරුද්ධයි. තාක්ෂණය මුසු වීම නිසා ඔවුන්ගේ %අතයට ව්‍යාපාර^ කරගෙන යන්න ලැබෙන්නෙ නෑ. මේ නිසා ඇතැම් නිලධාරීන්ගේ බාධා තිබෙනවා. *
ප්‍රවාහනය දකුණට පමණක් සීමා කරන්න එපා. එය මුළු රටටම එක ලෙස අවශ්‍යයි. විශේෂයෙන් ලංගම බස් රථ ධාවනය උතුරු පළාතේ සීමා සහිතව සිදුවන්නෙ. මේ පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතුයි.*
අංක තහඩුවලට අදාළ මෙම රෙගුලාසිය ඉදිරිපත් කළේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍ර‘යේ විධිමත් දියුණුවක් අපේක්ෂා කරමිනුයි. ප්‍රවාහනයේ වර්තමාන අභියෝගවලට මුහුණදීමට ආණ්ඩුවක් ලෙස අපි කටයුතු කරනවා. රියදුරන්ගේ විනය ඇති කිරීම සඳහා අපි ඇති කළ කුසලතා ලකුණු වැඩපිළිවෙළ සාර්ථක වුණේ නැහැ.
ඊ-මෝටරින් ක්‍රමය පිළිබඳ අපට සෑහීමකට පත්වෙන්න බැහැ. රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී පුදුම විදියට අක්‍රමිකතා සිදුවෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත කරන නීති ප්‍රා‘යෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් අපි කරන දේවල්වලින් ප්‍ර‘යෝජයක් අත්වෙන්නේ නැහැ. මෝටර් වාහන අනතුරු පිළිබඳ දැවැන්ත අර්බුදයක් රටේ ඇතිව තිබෙනවා.*
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd