Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 07 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 07 වන සෙනසුරාදා
"ඇත්තටම රජයක් ලෙස අකමැතිම කාරණයකට මුලපුරමින් වැට් බදු සංශෝධනය සිදුකරන්නට අපට සිදුවුණා. මේ අවස්ථාවේ ඉතා පැහැදිලිව කියන්න ඕන මේක තාවකාලික බද්දක් බව. පසුගිය රජයෙන් අපිට බලහත්කාරයෙන් ලබාදුන් ණය කන්දරාව රජයේ ආදායම වැඩිකර ගන්නාතුරු මෙහෙම ගෙවන්න වෙනවා. මේ ණය කන්දරාව බිලියන දහදාහකටත් වැඩියි. ඒ මුදල ගෙවාගන්න තමයි අපිට අකමැත්තෙන් වුණත් බදු වැඩිකරන්න සිදුවෙන්නේ.
අපි මේ බදු වැඩිකිරීම සිදුකළෙත් ජනතාවට අවම වශයෙන් පීඩාවන් ඇතිවන ලෙසයි. විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවලට, සෞඛ්‍යයෙන් විශාල ප්‍රමාණයකට බදු අය කළේ නැහැ. ඒ වගේම දුප්පත් අහිංසක ජනතාවට පීඩාව, බර දැනෙන්නේ නැති වෙන්නයි වැට් බද්ද යෙදුවේ. රටක් ලෙස ආර්ථික වශයෙන් ඉදිරියට යන්න අපි නොයෙක් ආකාරයෙන් පියවර අරන් තියෙනවා. වැඩි කාලයක් යන්න කලින් මේ වැට් බද්ද සංශෝධනය කරන්න හැකිවෙතැයි අපි අපේක්ෂා කරනවා.
අපි ජනතාවට සහනාධාර අනිවාර්යෙන් ලබාදෙනවා. පසුගිය අතුරු අයවැයෙන් කවදාවත් නැති විදිහට සහනාධාර ලබාදුන්නා. ඒ විතරක් නෙවෙයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දසදහසකින් ඉහළ දැමුවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල ඉහළ අගයකින් අඩු කළා. මේ වගේ දැවැන්ත සහනාධාර ලබාදුන්නා. ඒ වගේම සමෘද්ධිය දෙගුණයක් කළා. වැඩිහිටි සහනාධාරය දෙගුණයක් කළා. ඉතින් ඉදිරියේදීත් අපි සහනාධාර පමණක් නොවෙයි රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමත් කරනවා. මේ හැම පැත්තක්ම බලලා ජනතාවාදී අයවැයක් අපි ඉදිරිපත් කරනවා."
"වැට් බද්ද අලුතින් පැනවීමෙන් ආණ්ඩුව ජනතාවට පැහැදිලි වංචාවක් තමයි නීතිගත කරන්නේ. මෛත්‍රීපාල, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පළමු අයවැයේදී ඔවුන් ඉතා වගකීමෙන් අවස්ථා කීපයකදීත් කිව්වා ජනතාව මත පනවන වක්‍ර බදු අඩුකර ඍජු බදු වැඩිකරනවා කියලා. මේක තමයි ගිය අයවැයට කලින් කරපු මූලික ප්‍රතිපත්ති ප්‍රකාශය. දැන් ගිය සැරෙත් වැට් එක දාලා වැට් වැනි වක්‍රබදු මගින් රජය අයකරගන්නා මුදල් ප්‍රමාණය ලංකා ඉතිහාසයේ වැඩිම ගාණකට අරගෙන ගියා. ඒ කියන්නේ සමස්ත බදුවලින් 85%කට. ඊට පස්සේ සමාගම් මත පනවන ආදායම් බද්ද අඩු කළා.
මෙයාලා කිව්වෙ එකක්. කරන්නේ හාත්පසින්ම වෙනත් දෙයක්. කිව්වේ වක්‍ර බදු අඩු කරලා ඍජු බදු වැඩිකරනවා කියලා. කළේ වක්‍ර බදු 85෴ට වැඩි කරලා ඍජු බදු 15% අඩු කරපු එක. ඒ අයවැය ප්රකාශනයට අදාළවයි මේ වැට් බද්දත් අය වෙන්නේ. රටට බදු සම්බන්ධව ප්‍රකාශ කළ ප්‍රතිපත්තියට සම්පූර්ණ වංචාවක් මේ කරන්නේ. ඔවුන් මිනිසුන්ට කිව්වේ යන්නේ මාතර කියලා. නමුත් යන්නේ පුත්තලමට. ඒ අනුව පැහැදිලියි මේක සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුගත වංචාවක්.
දෙවනුව මේ ආණ්ඩුව ජනවරම ගත්තේ ජනතාවට සහන දෙනවා කියලා. අපි පිළිගන්නවා ආණ්ඩුවක් කරන්න බදු ආදායම් අවශ්‍යයයි කියලා. නමුත් මේ බදු වැඩි කරලා තියෙන්නේ ජනතාව මත අමතර වැය බරක් පැටවෙන්නයි. ජනතාවගේ ආදායම වැඩිවෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථික වශයෙන් පොදු ජනතාවට අමාරු වෙනවා. ඒ නිසා ජනවරම පැත්තෙන් බැලුවත් මේ වැට් අයකිරීම ජනවරමට විරුද්ධයි.
11% සිට 15% දක්වා බදු වැඩි කරලා තියෙනවා. මීට කලින් බදු අය නොකළ ඒවාට බදු අයකරලා තියෙනවා. ජනතාව කෑ ගහපු නිසා සමහර ඒවයේ බදු අයකිරීම නතර කරලා තියෙනවා. උදාහරණ ලෙස එක්ස් කිරණ පරීක්ෂණ සඳහා පනවා තිබූ වැට් එක නතර කරලා තියෙනවා. ජනතාව කෑ ගහපු නිස සොච්චමක් අඩුකරලා තිබෙනවා. අඩුකරලා කියල කියන්නෙත් ඔවුන් අලුතින් ඇතිකළ බද්ද ඉවත් කරගෙන තියෙනවා කියන එක. අවසාන වශයෙන් මේ බද්ද මෙහෙම සන්සන්දනයක් කළ හැකියි. ආණ්ඩුව බදු අය කරන්නේ ජනතා සේවයටනේ. නමුත් ආණ්ඩුව බදු වැඩි කළාට 2017 විසර්ජන පනතේ මහජන සේවා සඳහා ආණ්ඩුව වෙන්කරන වියදම් බිලියන 60කට වඩා කපා හැරලා තියෙනවා.
උදාහරණ විදියට සෞඛ්‍ය අංශයෙන් බිලියන 13ක් කපා හැරලා. එතකොට රෝහල්වලින් මහජනතාවට ලැබෙන සේවා තව අඩුවෙන එකයි වෙන්නේ. බෙහෙත් ගන්න බැරිවෙනවා, බෙහෙත් අඩුවෙනවා. එතකොට ජනතාව පෞද්ගලික අංශයට ගියාම ඒවායෙන් වැට් අය කරනවා. අධ්‍යාපනය බැලුවම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට වෙන්කර ඇති මුදල බැලුවාම රුපියල් බිලියන 6කින් අඩුකරලා තියෙනවා. ළමා හා කාන්තා සුභසාධන කටයුතුවලට වෙන්කරන වියදමින් බිලියන 4ක් කපලා තියෙනවා. කෘෂිකර්මයෙන් බිලියන 32ක් කපලා. ඒ කියන්නේ අනිවාර්යෙන් කෘෂි සහනාධාර කීපයක්ම කැපිලා ඇති. මෙහෙම ගත්තට පස්සෙ ජනතාවගෙන් වක්‍ර බදු ගන්නා ගමන් එක පැත්තකින් ජනතාවට ලැබෙන්න තියෙන සේවාවලට වෙන්කරන මුදලත් කපලා තියෙනවා. මේක හරියට මහජනතාව ගහෙන් වට්ටලා ගොනා ඇන්නා වගේ වැඩක්.
"වැට් රකුසාගෙන් ජනතාව බේරාගන්න අපි දැඩි පරිශ්‍රමයක් දැරුවා. එහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් මාසයේ 02 වැනිදා සිට හඳුන්වා දුන් වැට් බද්ද නොවැම්බර් පළමුවැනිදා දක්වා අත්හිටුවා ගන්න අපිට හැකියාව ලැබුණා. අවසානයේ අපි තෙවැනි වතාවටත් අධිකරණයට ගියා මේ බද්ද ව්‍යවස්ථා විරෝධී යැයි කියන්න.
පාර්ලිමේන්තුවේදී අපි මේක අසාධාරණයි කියල කිව්වා.
නමුත් අධිකරණය කියනවානම් මේක ව්‍යවස්ථා විරෝධී නෑ කියලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් කියනවානම් මේක අසාධාරණ නැහැ කියලා අපිට කරන්න දෙයක් නැහැ. මහ බැංකුවෙන් බිලියන ගණන් වංචා කරලා එහි ප්‍රතිඵලයක් ලෙස රටේ පොලී අනුපාත ඉහළ ගිහිල්ලා. ආණ්ඩුවේ වියදම ඉහළ ගිහිල්ලා. ඒක පියවගන්න තමයි ආණ්ඩුවට මේ වැට් බද්ද ගෙන එන්න සිද්ධ වුණේ. අපි ආණ්ඩුවෙන් අන්තිම මොහොතේ ඉල්ලනවා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයුතු ලෙස උපයා ඇති මුදල්, ඔවුන්ගේ ගිණුම් සීල් තබා නැවත අරගෙන මහජනතාව පෙළන මේ බද්ධ අහෝසි කරන ලෙසට."
"මමත් ඇතුළුව අපි සියලු දෙනා අධිකරණයට ගිහින් කිව්වේ මේ වැට් බද්ද අසාධාරණයි කියලා. එකක් තමයි ලංකා ඉතිහාසයේ පළමු වතාවට රෝගීන්ටත් බදු පනවා තිබෙනවා. සමහර ඒවා වෙනස් වෙලා තිබුණත් දුප්පත් මිනිස්සුත් ගම්වල ඉඳලා එනවා වෛද්‍යවරුන් චැනල් කරලා බෙහෙත් ගන්න. ඒ අයට අද ඉඳන් අලුතින් 15% ක් ගෙවන්න වෙනවා. අපි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට කිව්වා මේ රෝගීන්ගෙන් බදු අය කිරීම අමානුෂිකයි කියලා. ඒ වගේම විදුලි සංදේශවලට විදුලි සංදේශ බද්දක් තියෙනවා. අද සිට වැට් 15% ක් එකතුවුණාම රීලෝඩ් කාඩ් එකක් දැම්මම ඒකෙන් භාගයක් යන්නෙ ආණ්ඩුවට. ඉතින් මේ පනවපු බද්ද නිසා මිනිස්සුන්ගේ පණිවුඩ හුවමාරුවට, මානව සබඳතා පවත්වාගෙන යන්න අසාධාරණයක් සිදුවෙනවා.
ඒ වගේම ඉල්ලා සිටියා සිල්ලර කඩවලට බදු දැමීමේදී කාර්තුවකට මිලියන සියයක් කරන්න කියලා. නමුත් ඒක ඇහුවේ නැහැ. කාර්තුවකට මිලියන 12.5 සිට බදු අය කරනවා.ඒ වගේම භාණ්ඩ වර්ග 80 ක් පමණ වැට් බද්දෙන් නිදහස් කළා කිව්වා. ඒ වුණාට ඊට වඩා ගණනකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙ භාණ්ඩවලට සහන දුන්නා. මේ අය බලයට පත්වෙද්දි කිව්වෙ වංචාව, දූෂණය අවසන් කරලා ඒ ඉතිරි වන මුදල් මහජනයාටත්, සුභසාධනයටත් යොදවනවා කියලා. නමුත් දැන් ලංකා ඉතිහාසයේ මහ පොළොව උහුලන්නේ නැති වැඩිම වංචාව වන මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වී තිබෙනවා. එම සමාගම ලබා තිබෙන ශුද්ධ ලාභය බදුවලින් රජය ලබන ආදායමටත් වඩා වැඩියි.
ඉතින් මේ හොරකම සිදු නොවුණා නම් මහජනතාව පිට බදු පැනවීම නොකර ඉන්න තිබුණා. මහ බැංකු බැඳුම්කර නිකුතුවෙන් මහජනයා මත වැටුණු පීඩනය වැට් එකෙන් තවදුරටත් වැඩි වෙනවා. ඒ වගේම අයවැය ලේඛනය සකසද්දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මුදල් ඇමතිවරයා දිවුරලා පොරොන්දු වෙලා තියෙනවා කරුණු තුනක් පිළිබඳව.
එකක් තමයි රාජ්‍ය ආදායම වැඩි කරන එක. අනික රාජ්‍ය වියදම අඩු කරන බවට. තෙවැන්න 2020 දී රාජ්‍ය ආදායම් වියදම් පරතරය 3෴කට ගේන බව. ඉතින් මේ පොරොන්දු තුනට ආදායම් වැඩි කරන්න නම් බදු වැඩි කරන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම අයවැයේදීත් බදු වැඩිවෙනවා. වියදම් අඩු කරන්න ඉතිහාසයේ පළමු වරට දැනටමත් අධ්‍යාපනයෙන් කෝටි දාහත්දහස් පන්සීයක් කපා හැරලා. සෞඛ්‍ය වියදම්, සමාජ සුභසාධක වියදම් කපාහැර තිබෙනවා. එතකොට තමයි ආදායම වැඩි කරලා වියදම අඩු කරලා ආදායම් වියදම් පරතරය අඩු කරලා පෙන්වන්න පුළුවන්. ඒකට මොන කතන්දර කිව්වත් මේ පොරොන්දු තුනෙන් පිට පැනලා මුදල් අමාත්‍යවරයාට කටයුතු කරන්න බැහැ"
"උසාවි තීන්දුවක් අනුව අවස්ථා කිහිපයකින් සංශෝධනය වුණු මේ වැට් එක අපි කැමැත්තෙන් කරපු එකක් නොවෙයි. හිටපු ආණ්ඩුව කාලේ කෝටි ප්‍ර‘කෝටි ගාණක් ගත් ණය අපි ගෙවන්න ඕන. රජයට තියෙන ආදායම දැන් ණයයි, පොලියයි ගෙවා ගන්නවත් මදි තැනක තියෙන්නේ. ඒවා ගෙවන්නනම් ජනතාවගෙන් අයකර ගත යුතුයි. මේ ණය අපි සියලුදෙනා ගෙවිය යුතුයි. ඉතින් ඒ ණය ගෙවන්න ලෝක බැංකුවෙන්වත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්වත්, ආසියානු සංවර්ධන බැංකුවෙන්වත් සල්ලි දෙන්නෙ නැහැ. ඔවුන් සල්ලි දෙන්නේ සංවර්ධන වැඩසටහන්වලටයි.
ඒ නිසා අපි මේ වැට් එක දාල තියෙන්නේ යෝජනා කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනුත් ගෙනත්, පාර්ලිමේන්තුවත් යොමුකරලා අධිකරණයෙන් නියම කළ සංශෝධන ආදියත් සලකා බලලයි. ඒ අනුව මේ වැට් බද්ද අධිකරණ සංශෝධනවලටත් අනුකූලවයි අරගෙන තියෙන්නේ. මෙය පාර්ලිමේන්තුවෙන් සම්මතවෙලත් තියෙනවා. අපි මේ බද්ද දිගටම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි පුළුවන්තරම් දුරට ජනතාවට සහන දෙන්නයි කටයුතු කරන්නේ.
රටේ ණය බර ටිකෙන්ටික තුරන් කරන්න ක්ර‘මවේද අරගෙන යනවා. උදාහරණ ලෙස හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, එයාර් ලංකා ආදී පාඩු ලබන ආයතන පිළිබඳ යම් යම් තීන්දු ගණනාවකට ඇවිත් තියෙනවා. මේ තීන්දුවලින් අපිට රටක් හැටියට සහනයක් ලැබුණොත් වැට් බද්ද කෙටි කාලයකින්ම අවසන් කරන්න හැකිවේවි. අයවැයෙන් වෙන්කරන මුදල්වලට අමතරව අපිට සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි ක්ෂේත්රවලට විදේශ ආධාර වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ මුදල් එක්ක බැලුවම සහන සඳහා වෙන්කරන මුදල්වල වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. අධ්‍යාපන, සෞඛ්‍ය වගේ ක්ෂේත්රවල ව්‍යාපෘති සඳහා විදේශ ආධාර ගණනාවක් ලැබී තිබෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ වැට් අය කළේ වෛද්‍යවරුන් චැනල් කරන්නයි, පෞද්ගලික රෝහල්වල නේවාසිකව ගන්නා ප්‍රතිකාර වලටයි. ඒ හැර කිසිදේකට සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ බදු ගහලා නැහැ. අධ්‍යාපනය ගැන බැලුවාම අපි වැට් බද්දෙන් විශාල සහන ලබාදී තිබෙනවා."
"මේ වැට් බද්ද එහෙම්පිටින්ම ක්‍රියාත්මක නොකළානම් හොඳයි. මොකද කවුරුත් කැමති නෑනේ බදු ගහනවට. හැබැයි රජයකට බදු නොගහ රටක් දුවන්න බැහැ. ලෝකෙ ඕනෑම රටක බදු ක්‍රියාත්මක කරන්න වෙනවා. හැබැයි බදු ගන්නකොට මලකින් බඹරා රොන් ගන්න විදිහටයි බදු පනවන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණයි, ඒකාබද්ධ විපක්ෂයයි කියන්නේ රොන් ගන්නම එපා කියලනේ.
එක්සත් ජාතික පක්ෂය හැදුවේ සම්පූර්ණ රොන් ටික ගන්න. එතකොට මල මැරෙනවා. ඒකාබද්ධ විපක්ෂයට අමතකයි අපියි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අයයි එකට මහින්ද රාජපක්ෂ ජනාධිපති සමග ආණ්ඩු කරද්දිත් බදු ගැහුවා කියලා. හැබැයි අපි ඒ කාලෙ බදු ගැහුවේ මල නොතලා බඹරා රොන්ගත් ආකාරයට. ඒ නිසා තමයි අපි පළමුවෙන්ම වැට් ගෙනාව වෙලාවේ ඉඳලා ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙනත් මේකට විරුද්ධත්වය පාලා මුදල් ඇමතිතුමාට කිව්වෙ අපි මේකට සහය දක්වන්නේ නැහැ කියලා. හැබැයි අපේ මැදිහත්වීම මත හැකියාව ලැබුණා.
මුලින් ඉදිරිපත් කළ වැට් බද්දේ දවසක ආදායම රුපියල් 33,000ක් නම් බදු ගහන තත්ත්වය, අපේ මැදිහත්වීම නිසා දවසක ආදායම රුපියල් ලක්ෂයක් නම් ඉන් එහාට බදු ගහන තත්ත්වයට පත්වුණා. අපේ මැදිහත් වීමෙන් තමයි හැකිවුණේ සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ තිබුණු සම්පූර්ණ බද්ද වෙනස් කරන්න. දැන් චැනලින් හා රෝහල් වාට්ටු පහසුකම්වලටයි බදු ගහන්නේ. වත්මන් වැට් බද්ද හරහා මල නොතලා බඹරු රොන් ගන්නා ආකාරයෙන් සිද්ධවෙලා තියෙන්නේ. එම ක්රමයම අපි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සන්ධාන ආණ්ඩුවෙ ඉන්න කාලෙත් කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම කිව්වේ ඍජු බදු වැඩිකර වක්‍ර බදු අඩුකරන ලෙසයි. මොකද වක්‍ර බදු වැඩි වෙනකොටයි සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ. ඍජු බදු ලංකාවේ ගෙවන ප්‍රමාණය ඉතා අඩුයි. ගෙවිය යුතු අය ගෙවන්නේ නැති ප්‍රවණතාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ වැට් බද්ද හරහා ඍජු බදු ගෙවිය යුතු, ගෙවිය හැකි ප්‍රමාණය හරියටම හොයාගන්න පුළුවන්. ඊට පස්සෙ අපිට ප්‍රතිපත්තියක් ලෙස වක්‍ර බදු අඩුකරලා ඍජු බදු වැඩිකිරීමේ ක්‍රියාවලියකට යා හැකියි.
මේ අවුරුද්ද ඇතුළත අපිට පුළුවන් වෙනවා ඍජු බදු ගෙවිය හැකි, ගෙවිය යුතු අය බදු දැලට හසුකර ගන්න. ඊට පස්සෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ආණ්ඩුව ඇතුළේ දිගින්දිගටම අරගල කරනවා. ආයෙමත් පාරක් වක්‍ර බදු වැඩි කරන්නේ නැතිව ඍජු බදු වැඩිකරන ලෙසට ඉල්ලනවා. අපේ ප්‍රතිපත්තිය තමා වක්‍ර බදු වැඩි නොකළ යුතුයි, ඍජු බදු වැඩි කළ යුතුයි. හැබැයි ඍජු බදු ගෙවිය හැකි, ගෙවිය යුතු අය ගෙවන්නේ නැත්නම් දැලට හසුකරගත යුතුයි. එය මේ වැට් සංශෝධනයෙන් සිදුකළ හැකියි"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd