Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
දේශපාලන විද්‍යානුකූලව මේ ප්රශ්නය දෙස බැලුවොත් රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ සමාජ, ආර්ථික, දේශපාලන දිශානතිය පෙන්වන මාර්ගෝපදේශයක් වශයෙන්. ඒක තවත් පැත්තකින් මාර්ග සිතියමක්. ඒ ඔස්සේ රට යා යුතුයි. එනිසා එය රටේ මූලික නීතිය යනුවෙන් හැඳින්වෙනවා. ඒ රටේ සිදුවන දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි සිදුවිය යුතුයි. එතනදී බලය බෙදීම, රජය අතර ඇති අයිතිවාසිකම්, පරමාධිපත්‍යය, රටේ විදේශ ප්‍රතිපත්තිය තීරණය වන්නේ මේ ව්‍යවස්ථා අනුවයි.
බොහෝ විට එම රටට දෙන නාමය ජාතියේ නාමයයි. රටේ නාමයෙන් ඒ ජාතිය පෙනී සිටියා. ඉන්දියාවේ ඉන්දියානුවන් ඉන්නවා. ජර්මනියේ ජර්මානුවන් ඉන්නවා. ඇමෙරිකාවේ ඉන්නේ ඇමෙරිකන්කාරයන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයන් සිටිය යුතුයි. එතකොට සුද්දා විසින් 'සිලෝන්' කියන නම අනුව යමින් 'සිලිනික්' යනුවෙන් හැඳින්වූවා.
ජාතියකට ජාතික භාෂාවක් ඕනෑ. ඒ ජාතියට ජාත්‍යන්තරය පිළිගත් භූමියක් ඕනෑ. ඒ ජනතාවට පරමාධිපත්‍යයක් ඕනෑ.
හෙළදිව කියන ඒ නමේ තියෙන්නේ ජාතික අනන්‍යතාවයි. ඊළම යන්න ශෛලාම් යන වචනයේ අදහසයි. එහෙම බැලුවාම ඊළම යැයි ඉල්ලන්නේ සිංහල දේශයයි. සිලනින් කියන එක ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුව තියපු නමක්. ඒ නම දීමට පදනම වුණේ අපේ රටට පෙර සිට හඳුන්වාදුන් නාමය අනුවයි. සිහල ද්වීප, සිහලම්, ශෛලාම් මේ වචන බිඳීම අනුව ඉංග්‍රීසීන් භාවිතය අනුව සිලෝන් කියා දැමුවා. සිලෝන් නම හැදෙන්නේ සිංහල ජාතිය පදනම් කරගෙනයි.
ලංකාවට දැනට භාවිත වන නම් 02 ක් තියෙනවා. කිසිම රටකට නම් දෙකක් නැහැ. ඒත් අපේ රටට ශ්‍රී ලංකාව කියනවා. ඉංග්‍රීසියෙන්ද
ශ්‍රී ලංකා කියනවා. දෙමළෙන් ඉලංකෙයි කියනවා. අදට වලංගු රුපියල් පහේ කාසිය බලන්න. ඒකෙ තියෙන්නෙත් එහෙමයි. ඒ කියන්නෙ දැනටමත් රට භාෂාව වශයෙන් ජාතීන් දෙකට බෙදාගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ ජාතිය තවමත් ගොඩ නැගී නැහැ. ශ්‍රී ලංකා කියන නාමය පිළිගැනීමට යම් පාර්ශ්වයක් කැමති නැහැ. නොවිසඳෙන අර්බුදයත් එතැනයි.
එදා උතුරු හර්තාල්වලින් ශ්‍රී අකුර ඉවත් කරගත්තා. එයත් ශ්‍රී ලංකා ජාතිය ගොඩනඟාගැනීමට තිබූ අවස්ථාව අහිමි කරගැනීමක්. මෙවැනි උදාහරණ අවශ්‍ය තරම් එදිනෙදා හැම කටයුත්තකදීම බැලුවොත් දකින්න පුළුවන්. මේ ජාතිවාදය කතා කරනවා නෙවෙයි. අපේ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට තිබූ අවස්ථා හිතාමතා අහිමි කරගැනීමේ අවාසනාවන්ත තත්ත්වය විමසුමට ලක් කිරීමක්. එවැනි පටු අදහස් ඉවත් නොකර ඔය කියන ජාතික සංහිඳියාව, වාර්ගික සහජීවනය කියන ඒවා උදාකරන්න බැහැ. එය අධ්‍යාපනයේ සිටම අර්බුදයක්. ප්‍රතිපත්තියක් නැති තැනක මෙවැනි අර්බුද නිර්මාණය වෙනවා.
අධ්‍යාපනය ජාතික විය යුතුයි. හැම කෙනෙකුටම තමන්ගේ භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමට අයිතිය තියෙනවා. එය ජාතිය ගොඩනැගීමට බාධාවක් නෙවෙයි. අධ්‍යාපනයේදී එසේ වුණත්, පොදු කාරණාවලදී අප එකතු විය යුතුයි. අපට වෙන්වූ සංස්කෘතියක් තියෙනවා. ආගම් තියෙනවා. මේ සියල්ල නියෝජනය කරන මහා පොදු සාධකය ලෙස ලාංකේය ජාතිය පිළිබඳ හැදෑරීම සියල්ලන් තුළ සහතික කළ යුතුයි.
ඒ සඳහා තමයි දෙමළ දරුවාටත්, සිංහල හෝ මුස්ලිම් දරුවාටත් ජාතික අනන්‍යතාවක් පිළිබඳ පුහුණුවක් සහ නම් කිරීමක් තියෙන්නේ. ආගම, සංස්කෘතිය, පෞද්ගලික අනන්‍යතාවට ගැනෙනවා. ජාතික කොඩිය, ජාතික පුෂ්පය, ජාතික ගීය යන මේවා පොදු අනන්‍යතාවට ගැනෙනවා. හැමදෙනාම එක් ජාතික ගීයක් එක් ජාතික කොඩියක් යටතේ ගායනා කළ යුත්තේ එනිසයි. ඒ සඳහා මගපෙන්වීමට ආණ්ඩුවකට විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉටුවුණාද කියන ප්රශ්නය තියෙනවා.
ඒ වගකීම ඉෂ්ට කළ යුත්තේ ජාතික ප්‍රතිපත්ති තුළින්. එහෙත් ගත වූ හැත්තෑ වසර තුළ එහෙම දෙයක් වුණේ නැහැ. අධ්‍යාපන, සෞඛ්‍ය, රැකියා, ඉඩම්, ප්‍රතිපත්ති උදාහරණ කීපයක්. එතැනයි මේ අර්බුදය මතුවන්නේ. අද අපේ අධ්‍යාපනයට විධිමත් ප්‍රතිපත්තියක් තියෙනවාද? පෙළපොත තුළින් එවැනි දේ දැකිය හැකිද? මේ අර්බුදය එතැන සිට තේරුම්ගත යුතුයි.
අධ්‍යාපන ප්‍රතිපත්තිය ගනිමු. සිංහලෙන් ඉගැන්වුවත්, දෙමළෙන් හෝ ඉංග්‍රීසියෙන් ඉගැන්වුවත් එකම ඉතිහාසය පොතක් වෙන්න එපායැ. නැගෙනහිර මුස්ලිම්වරුන්ට එක ඉතිහාසයකුත්, උතුරේ දෙමළ ජනතාවට තවත් එකකුත්, දකුණේ සිංහලයන්ට වෙනත් ඉතිහාස පොතකුත් වුණොත් ඔය කියන අධ්‍යාපන ප්‍රතිපත්තිය එතැනින් සහතික වෙනවාද? ඒත් එහෙම වෙනවා නම් ඒ දේ පෙන්වාදීම සමහර විට යමෙකු වරදක් ලෙස දැකිය හැකියි. එහෙම වෙනකොට අපි කියන ශ්‍රී ලාංකේය කියන එකම ජාතිය වෙනුවෙන් යමෙකු පෙළඹවීමක් කරන්නේ කොහොමද ?
වෙනම රාජ්‍යයක් බිහි කිරීමේ හෝ පිළිගැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් සම්මුති තියෙනවා. 1933 මොන්ටිවීඩියෝ නගරයේදී ඇති කරගත් සම්මුතිය එකක්. ඒ අනුව රාජ්‍යයේ පිළිගැනීමට අදාළ සුදුසුකම් දක්වා තිබෙනවා. ඒ සුදුසුකම් සම්පූර්ණ කළ විගස ජාත්‍යන්තරය ඒ රාජ්‍ය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ලක් කරනවා.
පළමු කාරණය පැහැදිලි මායිම් සහිත භූමියක් තිබිය යුතුයි. ඒ තුළ දීර්ඝ කාලයක් එකම ජාතිය පදිංචිව සිටිය යුතුයි. දෙවැන්න ඒ අයට වෙනම පාලනයක් තිබිය යුතුයි. තුන්වෙනුව ඒ රාජ්‍යයට අන්තර්ජාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට හැකියාව තිබිය යුතුයි. ආණ්ඩුව මේවාට අනුබලයක් නොලැබෙන පරිදි තීරණ ගත යුතුයි.
නිදහසෙන් පසු ගෙවුණු හැත්තෑ වසරක කාලය තුළ ඒකීය රටක් වශයෙන් පැවැති ලංකාව තුළ දෙමළ ජාතිය ස්වයං පාලනයක් සඳහා අරගල කළා. මෙරටට නිදහස ලැබීමෙන් පසු මූලික ගැටලු දෙකක් තිබුණා. අදටත් ඒ දෙක එසේම පවතිනවා.
පළමු ගැටලුව බලය බෙදීමයි. දෙවැන්න රටක් සහ එහි මිනිසුන් පිළිබඳ ගැටලුවයි. අපට අපේම කියලා ස්වාධීන ආර්ථිකයක්, ජාතියක් ගොඩනගන කාර්ය පැවරී තිබුණා. නිදහස් වූ විගස යම් රටකට ජාතියක් බිහි විය යුතුයි. අපි එතනදි ලාංකේය කියන ජාතිය ගොඩනැගීමට උත්සාහ කළේ නැහැ. එනිසා සිංහල, මුස්ලිම්, දෙමළ ජාතිකයෝ තම තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කළා. මහ ජාතිය ඒ අයගේ බලය පවත්වාගැනීම සඳහා පොරොන්දු දෙමින් තමන්ගේ බලයට මුක්කුවක් කරගැනීමට උත්සාහ ගත්තා.
සුළු ජාතීන්ට ඡන්ද ක්‍රමය පිළිබඳ පැවැති විශ්වාසය අඩු වුණාද? එහෙම නම් ඒ ඇයි? මේ ෆෙඩරල් ඉල්ලනවා යැයි කියන්නේ කිනම් පදනමක් තුළද?
ඡන්ද බලයෙන් දමිළ ජනතාවට කවදාවත් විශාල නියෝජනයක් ආණ්ඩුවක් තුළ ලබාගත නොහැකියි. එනිසා ඔවුන් යටත් විජිත යුගයේ ඉල්ලා සිටි සමාන නියෝජනය නැතහොත් පනහට පනහ ඉල්ලීම කිසිදු යථාර්ථයක් නොවන බව නිදහසින් පසු අවබෝධ කරගත්තා. එනිසා ඔවුන් බලය බෙදීම පිළිබඳ විශාල උනන්දුවක් යොමු කළා. නමුත් එවැනි අවශ්‍යතාවක් අදටත් උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාවට නැහැ. වෙන්ව පාලනය ගැන අවශ්‍යතාව ඔවුන්ට නැහැ. උතුරේ ගැටලුව ගැඹුරින් බැලුවොත් සමාජය තුළ තියෙන්නේ කුල ගැටුමක්. ඒ ගැටුම තුළ පහත් යැයි සම්මත කුලවලට අවශ්‍ය යැයි උසස් කුල ප්‍රධානීන්ගේ පීඩනයෙන් මිදෙන්න. ප්රභාකරන් නායකත්වය දෙන්නේ ඒ අවශ්‍යතා පූර්ණය කරගැනීමටයි.
වෙල්ලාලයන්ගේ කුල පීඩනයෙන් මිදීමට උතුරේ ජනතාවට අවශ්‍ය වී තිබෙනවා. එනිසා ප්‍රභා වැනි ත්‍රස්තවාදියෙකු බිහි වුණා. දකුණු පළාතේ අපි මෙසේ දෙමළ තරුණයන් ආයුධ අතට ගැනීම දුටුවේ දේශපාලන දෘෂ්ටිකෝණයෙන් පමණයි. එහෙත් එයින් ඔබබ්ට ගිය තවත් සාධක තිබුණා.
අපේ රටේ තියෙන ගැටලු බොහෝමයක් බටහිර අධිරාජ්යාවාදීන් විසින් මෙහි පැලපදියම් කොට පෝෂණය කළ ඒවා. ඉංග්‍රීසීන් ඔවුන්ගේ පාලනයට අවශ්‍ය නව ප්‍රාදේශීය පාලන ව්‍යුහයක් ඉංග්‍රීසි පරිපාලනය තුළ ඇති කළා. මහනුවර යුගයේ සිට පැවැති පාලනය තුළින් කාර්යක්ෂම පාලනයක් මෙන්ම ආර්ථික සංවර්ධනයක් රට තුළ තිබුණා. එහි තිබූ එකම වරද ඒ තුළ අන්තර්ගත වූ වැඩවසම් ලක්ෂණයයි.
එතනදි කුල ක්‍රමය නිසා නිදහස සීමා වීම වැනි සාධක ඉවහල් වුණා. ඉංග්‍රීසින්ට අවශ්‍ය වූයේ අලුත් ව්‍යුහයක් ඇති කර ඔවුන්ගේ සූරාකෑමේ ප්‍රතිපත්තිය ඒ තුළින් ක්‍රියාත්මක කරවීමයි.
පෙර පැවැති ක්‍රමය කෙතරම් වැඩවසම් වුවත් ඉංග්‍රීසි ක්‍රමයට වඩා එයට රටවැසියා කැමති වුණා. ඉංග්‍රීසි පාලනය නිසා අපට සිද්ධ වුණේ වැවිලි ආර්ථිකයකට යන්නයි. එනිසා දේශීය ආර්ථිකය බිඳවැටුණා. බෙදා වෙන් කිරීමේ පාලනය නිසා ජාතිය ගොඩනැගීමට බැරි වුණා. ආගමික ශ්‍රමිකයන් නිසා උඩරට ඉඩම් හිඟය, සේවා වියුක්තිය වැනි ගැටලු ඇති වුණා. මෙම තත්ත්වයේ එක් විපාකයක් ලෙස සිංහල භාෂා ප්රශ්නය අර්බුදයක් බවට පත් කළා. අපි නිදහස ලැබුවද ඒ නිදහස භුක්ති විඳීමට සූදානම් වූ පිරිසක් බවට සූදානම් වුණේ නැහැ.
එහෙම වුණොත් මේ තත්ත්වය භයානයකයි. නැගෙනහිර මුස්ලිම් සහ මධ්‍යම කඳුකරයේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවද එය වැරදි පූර්වාදර්ශයක් කරගත හැකියි. සම්බන්ධන්ලා ඉතා විවෘතව කියනවා මේ රට අනාගමික විය යුතුයි කියන කතාවක්. අපට ඇහෙන දේ අනුව බටහිර අදහසත් එය විය යුතුයි. ඒ රටවල විවිධ ආගම් තියෙනවා. ඒවායේ සුවිශේෂී ආගමක් නැහැ කියන අදහසයි අනාගමික කියන්නේ.
ඇයි උන්වහන්සේලාට ඡන්ද බලය සහ ඡන්ද අයිතිය තහනම්ද? එහෙම නම් ව්‍යවස්ථා යෝජනා රැගෙන පාලකයන් නායක හිමිවරුන් හමු වීමට යන්නේ නැහැනෙ. මේ රටේ දේශපාලනයේදී භික්ෂු අනුශාසකත්වය ඉතා ඉහළින් සැලකෙනවා. එනිසා බටහිරට අවශ්‍ය පරිදි අපේ රටේ දේශපාලනය ඇතැමුන්ගේ පටු අරමුණු ඔස්සේ වෙනස් කිරීමට භික්ෂූන්ගේ සක්‍රීය මැදිහත් වීම නිසා නොහැකි වී තිබෙනවා. මේ සක්රීයත්වය ඉවත් කරනවා නම් ඒකට ඒ බලපෑම සිදුවන්නේ බටහිර අවශ්‍යතාව අනුවයි. මේ බටහිර අවශ්‍යතාව ඉටු කිරීම සඳහා වත්මන් ආණ්ඩුව උත්සාහ ගන්නා බවට ඇසෙන චෝදනාව ආණ්ඩුවේ ප්‍රතිරූපයට හොඳ මදි. ආණ්ඩුව පැහැදිලි මනසින් දුරදිග බලා බුද්ධිමත් තීරණ ගත යුතුයි. අපි
ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කර ගන්නා තුරු මොන බලය බෙදීමකින්වත් නිසි ප්‍රතිඵල ලැබෙයි කියා හිතන්න බැහැ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd