Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මම මුල ඉඳන්ම දැරූ ස්ථාවරය වන්නේ මේ ව්‍යවස්ථා ක්‍රියාවලියට ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ වීම වැරදියි යන්නයි. මේ ව්‍යවස්ථාව ගෙනඒමට ආණ්ඩුවට ජන වරමක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පෙරළුවේම මෙවැනි ව්‍යවස්ථාවක් ගෙනැවිල්ලා, මේ රටේ පවතින ඒකීය පාලනය වෙනස් කරලා, බෙදුම්වාදී අරමුණු ඉෂ්ට කරගන්න. ඒක අපි තේරුම්ගන්න ඕන. ඒ සඳහා ගෙනඑනු ලබන කපටි, කෛරාටික වැඩපිළිවෙළකට අපි හවුල් වෙන එක වැරදියි. ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටෙව්වෙ මේ ව්‍යවස්ථාවට සුජාතභාවයක් ලබාගැනීමේ අවශ්‍යතාව නිසයි. මේකට රටේ සියලු දෙනා සම්බන්ධ වුණා කියලා ලෝකයට පෙන්වීමට අවශ්‍ය නිසයි. ඒකට හවුල් වීමෙන් අාණ්ඩුවේ උපක්රමයට ඒකාබද්ධ විපක්ෂය ගොදුරු වුණා. ඒක අපි නොකළ යුතුව තිබුණු එකක්.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කියනවා ඔවුන් ප්‍රකාශ කළ කිසිම කරුණක් වාර්තාවට ඇතුළත් කර නැහැ කියලා. එහෙම නම් මොන දේකටද මේක ඇතුළෙ තවත් ඉන්නේ. අපි කියන දේවල් ඇතුළත් කරලා නැත්නම්, ඒ අයගේ වාර්තා විතරක් නම් මේකට දාන්නේ ඇයි අපි තවදුරටත් ව්‍යවස්ථා ක්‍රියාවලියේ ඉන්නේ. අපි කියන දේට ඇහුම්කන් දෙන්නැත්නම් මේකේ ඉන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ.
සමහරුන්ගේ මතයක් තියෙනවා නව ව්‍යවස්ථාව සම්බන්ධව ජනමත විචාරණයකට යන්න ඕන කියලා. වර්තමාන ව්‍යවස්ථාව අයින් කිරීම සඳහා නව ව්‍යවස්ථා කෙටුම්පතක් හදලා ඒ ගැන කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගතහොත් එම කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව දැක්වෙන වගන්ති වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. කැබිනට් මණ්ඩලය එවැනි තීන්දුවක් ගතහොත් සුප්‍රීම් උසාවියට බලයක් නැහැ ඒ පිළිබඳ සලකා බලන්න. මොකද සුප්‍රීම් උසාවිය තීන්දු කරන්නේ ජනමත විචාරණයක් අවශ්‍යද, නැද්ද කියන එක විතරයි. මේකේ තියෙන අඩුපාඩු ගැන සාකච්ඡා කිරීමට, ජනතාව දැනුවත් කිරීමට, ඒ ගැන විමසා බැලීමේ අවස්ථාවක් ශ්‍රෙෂ්ඨාධිකරණයට අහිමි වෙනවා. ඒක ඉතාම භයානක දෙයක්. ඒ නිසා මේ අයට කරන්න පුළුවන් ජනමත විචාරණයකට යන එක විතරයි. ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට මහජනතාවට තියෙන අයිතිය අහිමි වෙනවා.
ජනමත විචාරණයක් නැතිව බෙදුම්වාදී පාලනයක් ඇති කිරීමේ සම්පූර්ණ හැකියාව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ සඳහන් කර තිබෙන කාරණා 12 අවශ්‍ය වෙන්නෙ නෑ බෙදුම්වාදී ෆෙඩරල් පාලනයක් ඇති කිරීමට. ෆෙඩරල් පාලනයක් ඇති කිරීම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් පමණක් කරන්න පුළුවන්. ඒ නිසා මගේ විශ්වාසය නම් ආණ්ඩුව ජනමත විචාරණයකට නොයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් පමණක් ව්‍යවස්ථාව සම්මත කර ගනීවි.
මහින්ද රාජපක්ෂගේ උදව්වෙන් පාර්ලිමේන්තුවට ආව මිනිස්සු ආණ්ඩුවෙන් යන්න හදන විට ජනාධිපතිතුමා දිගින් දිගටම කියනවා දෙසැම්බර් 31 වෙනකම් ඉන්න කියලා. මේ විදියට දෙසැම්බර් 31 වෙනකම් ඉන්න කියන්නේ ඊට පෙර තුනෙන් දෙක අවශ්‍ය වන සියලු ආණ්ඩු විරෝධී ඡන්දවලින් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අවශ්‍ය නිසයි. ඒ නිසා මගේ විශ්වාසය තමයි ජනමත විචාරණයකට යෑමට අවශ්‍ය දේවල් අයින් කරලා තුනෙන් දෙකෙන් පමණක් ව්‍යවස්ථාව සම්මත කරගනීවි කියන එක හොඳට පැහැදිලියි පළාත් සභා සංශෝධන පනත ගෙන ආ ආකාරයෙන්. එම පනත ගෙනා වෙලාවේ ජනාධිපතිතුමා ලංකාවේ හිටියේ නැහැ. නිව්යෝර්ක්වල ඉඳන් රිමෝට් කන්ට්‍රෝල් එකෙන් තුනෙන් දෙක ලබදුන්නා. ඉස්පිරිතාලවල ලෙඩ වෙලා හිටි මිනිස්සුන්ට ටෙලිෆෝන් එකෙන් කතා කරලා ඡන්දේ දෙන්න සැලැස්සුවා. ඒ වගේ සුළු දේකට එවැනි බලපෑමක් කළා නම් මේ ආණ්ඩුව බලයට පත්කිරීමේ ප්‍රධාන අරමුණ වුණු නව ව්‍යවස්ථාවක් ලබාගෙන බෙදුම්වාදී පාලනයක් ලබාගැනීම සඳහා ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේදී මොනවගේ බලපෑමක් කරයිද? ඒ නිසා තුනෙන් දෙක ලබාගැනීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවේ තිබෙනවා. මේක පරාජය කිරීමේ ඒකායන මාර්ගයේ පළමු පියවර වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකබද්ධ විපක්ෂය ජනතාවට කියන්න ඕන මෙම ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා කියලා. ආණ්ඩුව වංචනික ක්රියාලියක නිරත වෙලා ඉන්නවා. මෙවැනි වංචනික වැඩ කරන පිරිස් එක්ක අපට එකතු වෙලා ඉන්න බැහැ කියලා පැහැදිලිව කියන්න ඕන. ව්‍යවස්ථා සභාවෙන් ඉවත් වෙනවා කියලා ප්‍රකාශයක් කරලා අයින් වුණොත් ආණ්ඩුවට තුනෙන් දෙක ගන්න ලැබෙන්නැහැ. ඒක නොකළොත් තුනෙන් දෙක ලබාගැනීමේ බිහිසුණු අනතුරක් තියෙනවා. ජනමත විචාරණයක් නැතිව තුනෙන් දෙකෙන් පමණක් මේ ව්‍යවස්ථාව සම්මත කර ගනීවි. ඒකෙදි පාර්ලිමේන්තුව කරන දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ඇතුළු අවස්ථා ගණනාවකදී හොර රහසේ වගන්ති රිංගවපු හැටි අපි දන්නවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිතුමා අයින් කරන්න ජනාධිපතිතුමාට බැහැ. කොහොමද ඒක කළේ? කලින් ව්‍යවස්ථාවේ 47 වැනි වගන්තියෙ පැහැදිලිව කියලා තිබුණා අගමැතිතුමා, ඇමති මණ්ඩලය, නියෝජ්‍ය ඇමතිවරු ජනාධිපති විසින් ධුරයෙන් පහ නොකළොත්, ඉල්ලා අස්නොවුණොත්, මන්ත්‍රී ධුරය අහිමි නොවුණොත් ඒ අය කැබිනට් මණ්ඩලය සිටින තාක් ඉන්නවා කියලා. 19 වැනි සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 08 වැනි පරිච්ඡේදයම අයින් කරලා අලුත් පරිඡච්ඡේදයක් ඇතුළත් කළා. ජනාධිපතිට අයින් කරන්න පුළුවන් ඇමති කෙනෙක් හෝ නියෝජ්‍ය ඇමතිවරයෙක් පමණයි. නමුත් අගමැති අයින් කරන්න බැහැ. ඒ වගේම තවත් වගන්තියක් හොරෙන් දැම්මා කැබිනට් මණ්ඩලය තිබෙන තාක්කල් අගමැතිවරයා ධුරයේ සිටිය යුතුයි කියා. ඒක අලුතෙන්ම දාපු වගන්තියක්. මෙවැනි වැඩ සිද්ධවෙද්දි අපි කොහොමද විශ්වාස කරන්නෙ මෙවර ව්‍යවස්ථා සංශෝධනයේදී එවැනි දේවල් නොකෙරේවි කියලා. මේ බිහිසුණු අනතුරෙන් ගැලවෙන්න තියෙන හොඳම දේ තමයි දැන්මම මේකෙන් අයින් වෙන එක.
මෙවැනි ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු දේශපාලන බලවේගයට ජනවරමක් ලැබී නැහැ. ජනවරමක් නොලැබ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඉතාම අන්තරාදායක, අනර්ථකාරී දෙයක්. මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියන ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රකාශනයේ දෙවැනි පරිච්ඡේදයේ තියෙන්නෙ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවයි. මාස 60කින් අලුත් රටක් හදනවා කියන පංචවිධ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් එක්සත් ජාතික පක්ෂය අලුතින් ව්‍යවස්ථාවක් හදනවා කිව්වා. නමුත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න තබා ආණ්ඩුවක් හදන්නවත් ජනවරමක් ලැබුණෙ නැහැ. මන්ත්‍රී ධුර 113 ක් ලැබුණෙ නැහැ. ව්‍යවස්ථාවක් හදන එක මේ මොහොතෙ රටේ ප්‍රමුඛතාවක් නොවෙයි. අපේ රට පීඩාවට පත්කරන ප්‍රශ්න සමුදායක් තිබෙනවා. ඒවාට නව ව්‍යවස්ථාවෙන් විසඳුමක් ලැබෙන්නැහැ. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට ජනතාව අතරින් ඉල්ලීම් ආවේ නැහැ. වී ගොවීන් වී විකුණගන්න බැරිව, කිරි ගොවීන් කිරි විකුණගන්න බැරිව, සයිටම් විරෝධීන් දිනපතාම උද්ඝෝෂණ කරන ආකාරය අපි දකිනවා. නමුත් ඔබ දැක තිබෙනවාද කොතනක හෝ මිනිසුන් කණ්ඩායමක් එකතු වෙලා ව්‍යවස්ථාවක් ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. එහෙනම් මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ වෙනත් ව්‍යාපෘතියක් යටතේ. ඒ ව්‍යාපෘතිය තේරුම්ගන්න නම් 2015 ජනවාරි 08 දේශපාලන වෙනස නිර්මාණය කළ බලවේග හඳුනාගන්න ඕන. එම බලවේග අතර සිටිනවා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ මේ රටේ දේශපාලන කණ්ඩායම්. එම කණ්ඩායමේ සිටි දෙමළ ජාතික සන්ධානයේ අභිලාෂය තමයි ව්‍යවස්ථා වෙනසකින් ෆෙඩරල් ව්‍යුහයක් නිර්මාණය කර අනාගතයේ යම් දිනක බෙදී වෙන් වී යාම. එවැනි බෙදී වෙන් වී යාමක් අපි වැනි කුඩා රටකට බියකරු ව්‍යසනයක්, ලේ වැගිරීමක් ඇති කරන සිද්ධියක් වීම වළක්වන්න බැහැ. එවැනි තත්ත්වයකදී ඉන්දියාව හමුදාව එවලා මේ රටේ උතුරු නැගෙනහිර හෝ මුළු රටම ග්‍රහණයට ගන්න ඉඩ තිබෙනවා. එවැනි අවස්ථා සඳහා ලෝකයෙන් උදාහරණ තිබෙනවා. මෑතකදී යුක්රේනයේ මෙවැනි ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවේදී රුසියාවේ ජනාධිපතිවරයා ක්රිමියාව ඈඳාගත්තා. අසල්වැසි රටක බරපතළ දේශපාලන අස්ථාවරත්වයක්, ව්‍යාකූලත්වයක් ඇති වනවිට අසල්වැසි බලසම්පන්න රාජ්‍ය ඊට මැදිහත් වීම වළක්වන්න බැහැ. මේ නිසා තමයි අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීම අපි කෙසේ හෝ නතර කරගත යුත්තේ.
අපේ රටේ දෙමළ ප්‍රභූ පැලැන්තිය නිදහස ලැබීමට පෙර සිටම වෙනම බලයක්, වෙනම පාලනයක් ඉල්ලා සිටියා. එල්.ටී.ටී.ඊ.ය පරාජය වීමෙන් පසු 2012 මැයි මාසයේදී මඩකලපුවේ තිබුණු දෙමළ ජාතික සන්ධානයේ වාර්ෂික සමුළුවේදී සම්බන්ධන් කියනවා අද තියෙන අන්තර්ජාතික පරිසරය අනුව අපට අවස්ථාව උදාවෙලා තියෙනවා අවි බලයෙන් අපි දිනාගැනීමට උත්සාහ කළ අරමුණු ජීවිත විනාශයකින් තොරව සාක්ෂාත් කරගැනීමට කියලා. ඒ විදියට මෙරට දෙමළ ප්‍රභූ පන්තිය නිදහසට පෙරත්, නිදහසට පසුවත්
එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමෙන් පසුවත් තමන්ට වෙනම රාජ්‍යයක් තිබිය යුතුයි කියන අදහසින් ඈත් වුණේ නැහැ. ඒ ඉලක්කය සපුරාගැනීමට තමයි ඔවුන් ජනවාරි 08 වෙනසට සහාය දුන්නේ. මේ ගැන කෙනෙක් ජාතිවාදී දෘෂ්ටියකින් අර්ථ දක්වන්න පුළුවන්. ජනවාරි 08 ජනාධිපතිවරණයේදී මෙරට බහුතර ජනයා වෙසෙන ප්‍රදේශවලින් හිටපු ජනාධිපති ඡන්ද දෙලක්ෂ විසිහතරදාහකින් දිනුම්. දැනට සිටින ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ආවේ දෙමළ ජාතික සන්ධානයට බලය තිබූ ප්‍රදේශවලින්. ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ඇතුළු ලෝකය පාලනය කරන අධිපති රටවල් මේ අවශ්‍යතාව පිටුපස බලසම්පන්න කණ්ඩායමක් විදියට සිටිනවා. ඒ අය ජනවාරි 08 වෙනස පිටුපස පැහැදිලිව සිටි බවට දැන් සාක්ෂි එකින් එක එළිවෙමින් තිබෙනවා. ඒ රටවලට අවශ්‍යයි තමන්ගේ ආර්ථික ආධිපත්‍යයට අභියෝගයක් වෙමින් නැගී සිටින ආසියා මහද්වීපයේ බලය තහවුරු කරගැනීමට. ඒ සඳහා මේ රටවල තමන්ට කීකරු අවනත ආණ්ඩු හදන්න ඕන. 2015 ඔක්තෝබර් 01 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කරපු ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේ ක්‍රියාකාරී ඡේදවල 16 වැනි වගන්තියේ සඳහන් කරනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්රියාදාමයකින් මේ රටේ බලය බෙදීම ස්ථීර කළ යුතුය,
13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ යුතුය කියලා. ඉන්පසුව 2016 ජුනි මාසයේ තිබුණු මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසි වාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස් අල් හුසේන් කුමාරයා කියනවා ලංකාව සාධනීය පියවර කිහිපයක් තියලා තියෙනවා අලුත් ව්‍යවස්ථාවක් හදන්න කියලා. එතකොට කෙහෙන්ද මේ ව්‍යවස්ථාවේ අදහස එන්නේ. බෙදුම්වාදී බලවේගවල අවශ්‍යතාව තමන්ගෙ අරමුණු සඳහා ප්‍රයෝජනයට ගන්නා අධිපති රටවල අවශ්‍යතාව මතයි. මේ සියල්ලේ අවසානය වෙන්න පුළුවන් සුඩානයේ, ලිබියාවේ, සිරියාවෙ සිද්ධ වුණා වගේ අපේ රටේත් ඉතාම නරක ඛේදවාචකයක් නිර්මාණය වීම. ලෝකයේ දැන් බෙදුම්වාදී ප්රවණතා තිබෙනවා. ස්පාඤ්ඤ ව්‍යවස්ථාවේ තිබෙනවා ස්පාඤ්ඤ රාජ්‍යයේ ස්වභාවය ගැන. එහි කියනවා ස්පාඤ්ඤ රාජ්‍යය බෙදිය නොහැකි රාජ්‍යයක් කියලා. පසුගියදා ඉදිරිපත් කළ ව්‍යවස්ථා අතුරු කමිටුවෙත් මේ බෙදිය නොහැකි රාජ්‍යයක් කියන අදහස දක්වා තිබෙනවා. ඒ පදය දැමුවාට රටක් වෙන් වී යන්න වුවමනා වන බලවේග නිර්මාණය වුණොත් පාලනය කරන්න බැරි වෙනවා. ස්පාඤ්ඤයේ සමෘද්ධිමත්ම කලාපය වන බාසිලෝනා නගරය තිබෙන කැටිලෝනියාවේ ජනමත විචාරණයක් තියලා දැන් බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. එය ප්‍රචණ්ඩත්වයකට පෙරළෙන්න පුළුවන්. යුරෝපයේ එවැනි ප්රචණ්ඩත්වයක් ඇති වීම මුළු ලෝකයටම බලපානවා. මේ නිසා තමයි අපි මේ ව්‍යසනය වළක්වාගත යුත්තේ. මම දකින ආකාරයට එහිදී ඒකාබද්ධ විපක්ෂයේ කාර්යභාරය ප්‍රමාණවත් නැහැ.
ජනවාරි 08 වෙනසේ සැබෑ සංයුතිය හඳුනාගන්න ඒකාබද්ධ විපක්ෂය සමත් වෙලා නැහැ. ඒක පිටුපස තිබෙන දැවැන්ත විදේශ බලවේගවල අභිලාෂය තේරුම්ගන්න සමත්වෙලා නැහැ.
මම දකින විදියට ඒකාබද්ධ විපක්ෂය බොහෝ විට සහයෝගිතා දේශපාලනයක ඉන්නේ. නමුත් ආණ්ඩුව සහයෝගිතා දේශපාලනයක නැහැ. අගමැතිවරයා සම්මුතිවාදී ආණ්ඩුවක් හදන්නේ තමන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මිස ඔහුගේ ප්රජාතන්ත්රවාදී ගුණය නිසා නෙමෙයි. ඔහු ප්රජාතන්ත්රවාදියෙක් නම් පළාත් සභා ඡන්ද නින්දිත ආකාරයෙන් කල්දමන පනතක් අර විදියට පාර්ලිමේන්තුවේ සම්මත කරන්නෙ නෑ. මේ නිසා දේශපාලන පක්ෂ අවශ්‍ය ප්‍රමාණය කරන්නෙ නැත්නම් ජනතාව හෝ දැනුවත් වෙලා නැගිටිය යුතු අවස්ථාවකට අප එළඹ තිබෙනවා.
මහානායක හිමිවරු ඒකාබද්ධ ප්‍රකාශයකින් රජයට දැනුම් දුන්නා මේ අවස්ථාවේදී ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව ඉටුකිරීමක් වන බව. ඒ නිසා අණ්ඩුව මේක නතර කරන්නේ නැත්තේ ඇයිද කියන එක අපි අහනවා. ඒක තමයි දැන් තියෙන ප්රශ්නය. ව්‍යවස්ථා පරාද කරන්න පුළුවන් හැම ක්රියාවලියකටම අපි සහභාගි වෙන්න ඕන. එතනදි පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න පුළුවන් නම් පාවිච්චි කළ යුතුයි. මගේ නම් අදහස ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා ක්‍රියාවලියෙන් ඉවත් වුණොත් ආණ්ඩුව පැයක් ඇතුළත බෙදුම්වාදීන්ට අවශ්‍ය කෙටුම්පත හදලා සම්මත කර ගනීවි. ඒකාබද්ධ විපක්ෂය ඒක තුළ සිටීම නිසා තමයි අවුරුදු දෙකකට හරි ව්‍යවස්ථාව ගෙනඒම වළක්වාගන්න හැකි වුණේ. ගිය අවුරුද්දේ ජනවාරිවල අගමැතිවරයා මුලින්ම පාර්ලිමේන්තුවට යෝජනාව ගේනකොට ගිය අවුරුද්දේ අගෝස්තු වනවිට මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න දිනදාතම යොදා තිබුණා. මේ වනකොට එම අවස්ථාව රජයට අහිමි වෙලා තිබෙනවා. බෙදුම්වාදීන්ගේ මනදොළ සපුරලා දිගටම බලයේ ඉන්න දරන ප්රයත්නය මේ වනතෙක් 100෴ ක් සම්පූර්ණ කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව කරලා තියෙන මැදිහත්වීම ගැන අපි ඒකාබද්ධ විපක්ෂයට ස්තුතිවන්ත විය යුතුයි.
මහජනයාට නිකුත් කළ අතුරු කමිටු වාර්තාවේ පළමු වගන්තියෙ ඉඳන් ඉතාම පැහැදිලිව දක්වලා තිබෙනවා ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වූ බව. වගන්ති වෙනස් කිරීමට ඒකාබද්ධ විපක්ෂය යෝජනා කළ බව එහි දක්වා තිබෙනවා. එම වාර්තාව බැලූ විට ඉතාම පැහැදිලියි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ උවමනාව ඉෂ්ට කරලා නැහැ. ජනතාවගේ උවමනාව වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා.
වාර්තාව හැටියට ගෙනැවිත් තිබෙන යෝජනාවලියට ඒකාබද්ධ විපක්ෂයේ අදහස් ඇතුළත් කරලා නැහැ. නමුත් අඩුගාණේ විරෝධය පළ කළා, එකඟ වුණේ නැහැ කියන කාරණය ඒකට ඇතුළත් වෙලා තියෙනවා. ව්‍යවස්ථා ක්‍රියාවලියේ පොදු එකඟතාවක් නැත්තේ ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වන නිසා. ඒකාබද්ධ විපක්ෂය අයින් වුණා නම් ආණ්ඩුව කියාවි සියලු දෙනා එකතු වුණා කියලා.
30, 31 හා නොවැම්බර් 01 වැනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විවාදයක් පාර්ලිමේන්තුවේ තිබෙනවා. එතනදි මේ ව්‍යවස්ථාවේ හා එහි වගන්තිවල තිබෙන භයානක තත්ත්වය, ඇතුළත් කරලා තියෙන රැවටිලිකාරී දේවල්, සිංහලෙන් ඒකීය යොදලා, දෙමළෙන් ඔරුමිත්ත නාඩු කියලා වෙනත් තේරුමක් දීලා, සිංහලෙන් එක පිටපතකුයි, දෙමළෙන් එක පිටපතකුයි, ඉංග්‍රීසියෙන් එක පිටපතකුයි දාලා නින්දිත විදියට රවට්ටන්න හදන අවස්ථාවක ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එතන ඉඳලා ඒ විනාශකාරී හා රැවටිලිකාරී දේවල් රටට හෙළිදරව් කරන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ එතන ඉඳගෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන කාරණය උඩ බෙදුම්වාදී ව්‍යවස්ථාවට සහාය දෙන්න යනවා.
60,000 ක් ජීවිත පරිත්‍යාග කරපු එක ගැන ප්‍රශ්න කරන්න එතන කවුරුහරි ඉන්න ඕන නැද්ද? මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය මොකද්ද කියන්න අපි දන්නෙ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ වගන්තිවලට විරුද්ධව අදහස් දක්වලා තියෙනවා. ඔවුන්ගේ හඬ යටපත් කරගන්න නොදී එම හඬ මතු කිරීමට දිනේෂ් ගුණවර්ධන වගේ කෙනෙක් එතන සිටිය යුතු නැද්ද? එතන ඉඳලා මේ තියෙන භයානකකම හෙළිදරව් කරලා අවසානයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නොලැබෙන තැනට කටයුතු කරන්න ඕන. ආණ්ඩුව දිගටම මේ ක්‍රියාවලියේ යනවා නම් පරාජය කරන්න ඕන. අපි කියන්නේ මහානායක හාමුදුරුවන්ගේ මතයට කන්දීලා ආණ්ඩුව මේ ක්‍රියාවලිය නතර කරන්න ඕන. ඒකාබද්ධ විපක්ෂය අයින් වෙන්න ඕන කියලා සමහර අය සිදුකරන ප්‍රකාශවලින් කෙරෙන්නේ මහානායක හාමුදුරුවරුන් කියූ මතය අයින් කරලා රජයේ දුෂ්ට වැඩපිළිවෙළට උදව් කිරීමක් පමණයි. මේ කාරණය සම්බන්ධව ජනතාව ප්‍රමාණවත් දැනුම්වත්භාවයක් නැහැ කියා අපි සිතනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd