Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
ඇත්තෙන්ම මේ අලි පැටියා පන්සලට ගෙනත් දාපු කෙනෙක්. එහෙම කියපු ගමන් ගොඩක් අය අවඥාවෙන් පුදුම වෙලා මේක පිළිනොගෙන අහනවා අලියෙක් එහෙම ගෙනත් දාන්න පුළුවන්ද කියලා. මේ හැමෝම හිතාගෙන ඉන්නේ අලියෙක් කියලා කියපුවාම කරඬුව ගෙනියන ඇතෙක් වගේ මහා විශාල සතෙක් කියලා. අලි පැටියෙක් කියලා කියන්නේ බොහෝ වෙලාවට හරක් පැටියෙකුටත් වඩා පුංචි සතෙක්. මේ සතාත් ඒ වගේ පුංචි සතෙක්. සාමාන්‍යයෙන් පෙරහරක් කෙරෙන තැනකට අපි ගිහින් බැලුවොත් අපිට පෙනෙනවා එතැනට නිමක් නැතිව අලි ගේනවා. කොහෙන් එනවද කවුරු ගේනවාද කියලා ඒ වෙලාවට හොයන්න බැහැ.
අනිත් එක අපේ පංසලට අලි ගෙනැවිත් අලි බාන තැන වෙනමම තියෙන්නේ. අපිට එතැන පේන්නේ නැහැ. අයිතිකරු ඉන්න අලි වුණත් ගෙනත් බෑවොත් අපි දන්නේ දවසකට විතර පස්සේ. නුවර පෙරහර කාලෙට දකුණෙන් ගෙනියන අලි මෙහාට ගෙනැල්ලයි ගෙනියන්නේ. ගංගාරාමේ නවම් පෙරහර කාලෙට අපේ පංසලේ තියලයි අලි ගෙනියන්නේ. බෙල්ලංවිල පෙරහර කාලෙටත් එහෙමයි. ඒ විදිහට අපේ පිංකමක් තිබුණ අවස්ථාවක තමයි මේ අලි පැටියා අපිට ලැබුණේ.
මගේ මතකයේ හැටියට දැනට අවුරුදු දෙකකට කලින් 2014 වසරේදී. ඒ කාලේ අපි රටට සෙත්පතා පුංචි පෙරහරක් කළා. ඒ වැඩසටහනට තමයි මේ පුංචි අලි පැටියා ගෙනත් තිබුණේ.
මම හොයලා බැලුවා. ඒ අවස්ථාවේදී කවුරුත් කිව්වේ දන්නේ නැහැ කියලා.
නැහැ. මොකද මේ සෙත් පිංකම දවස් ටිකේ අලි විශාල සංඛ්‍යාවක් මේ විහාරස්ථානයට ගෙනැවිත් තිබුණා. පිංකම ඉවර වෙනකම්මම ඒ පැත්තට ගියෙත් නැහැ
අනිවාර්යෙන් කරන්න ඕන. අපි එහෙම කළා. හැබැයි හිතවත්කමට සමහර අය එවනවා ඒ අවස්ථාවලදී ගෙවන්නේ නැහැ. එතකොට අපි අලියා බලලා නොවෙයි ගෙවන්නේ. අපිට ඇත්ගොව්වො අපිට ඇවිත් කියනවා අපි අසවල් දිහාවෙන් ආවෙ කියලා. ඒ විදිහට තමයි ගෙවීම් කෙරෙන්නේ.
බැරිවුණා. මොකද හේතුව මේ පැටියා වෙනුවෙන් කිසිම ගෙවීමක් කළා කියලා දැනගන්න විදිහකුත් නැහැ. එහෙම සටහන් වෙලා තිබුණෙත් නැහැ.
ගෙනත් දාපු උදවිය එතැන එහෙමම ගැටගහලා තිබුණා මිස පෙරහරට සම්බන්ධ කරගත්ත බවක් පෙනෙන්නත් නැහැ. මේ කියන දවසේ පෙරහරේ පුංචි අලියෙක් ගමන් කළා නම් මට හොඳට මතක හිටිනවා. නමුත් එහෙම දෙයක් වුණෙත් නැහැ.
මගේ මතකයේ හැටියට දවස් දෙකකට විතර පස්සේ මම ඒ පැත්තට යනකොටයි දැක්කේ අලි පැටියෙක් ඉන්නවා. අයිතිකාරයෙක් නැති නිසා අපේ පංසලේම මෙයා හිටියා.
මම දැනුම් දුන්නා. ඒ කාලෙ හිටපු වනජීවී ඇමති විජිත් විජයමුණි සොයිසා ඇමතිතුමාට කිව්වා. ඒ වෙලාවෙදී ඇමතිතුමා කිව්වා මෙහෙම ප්‍රශ්නයක් මුළු රටේම තියෙනවා, ඒක විසඳනකම් පොඩ්ඩක් තියාගන්න කියලා.
අපේ පංසලට හිතවත් දායක ඇත්තන්ට මම මේ කාරණය කිව්වා. ඔවුන් නොයෙක් නොයෙක් යෝජනා කළා. නමුත් මම මගේ ජීවිතයේ කවදාවත් වංචාවක් බොරුවක් කරලා නැහැ. නීත්‍යනුකූලව ලැබුණොත් භාරගන්නවා හැරෙන්නට මම බලෙන් මේ අලිපැටියා තියාගන්නේ නැහැ කියලා ඒ අවස්ථාවේදී මම ඔවුන්ට කිව්වා. ඒ නිසයි මෙතෙක් කාලයක් අලි පැටියා පන්සලේ හිටියේ.
සමහර විට මේ අලියත් අලි ජාවාරමේ යෙදුණු අය කිසියම් ප්‍රදේශයකට ගෙනියන්න ගිහිල්ලා කරගන්න දෙයක් නැතිව හෝ ඔවුන්ගේ බේරුම සඳහා මෙහෙට ගෙනත් දැම්මා වෙන්න පුළුවන්. මොකද ගෙවල්වල ඉන්න මිනිස්සු අලියෙක් අල්ලගෙන ඇවිත් මෙහෙ දාලා යන්නේ නැහැනේ. මේක ජාවාරම්කාරයන්ගේ වැඩක් වෙන්න පුළුවන්.
එක්කෙනෙක් සිටිනවා. එයා මගේ ළඟට ගෙනෙද්දි හරිම වස පැටියෙක්. දැං හරිම කීකරුව අපේ පංසලේ ඉන්නවා.
ලියාපදිංචි කළ අලියාට කිසිම ගැටලුවත් ඇති වුණේ නැහැ. නමුත් එදා අනිත් අලි පැටියා ගෙනියද්දි මම වනජීවී නිලධාරීන්ට කිව්වා මේ ලියාපදිංචි අලියත් ගෙනියන්න කියලා. මොකද මේ අලි දෙන්නම බොහොම සමීපව හිටපු නිසා. නමුත් ඔවුන් එහෙම කළේ නැහැ.
මේ වැඩපිළිවෙළ ආණ්ඩුවෙ එකක්ද එහෙම නැත්නම් රාජ්‍ය නොවන සංවිධානවල වැඩපිළිවෙළක්ද කියලා මට හිතාගන්න බැහැ. නමුත් තදබල ලෙස රාජ්‍ය නොවන සංවිධාන මේවාට මැදිහත් වෙලා තිබෙනවා. නීතිමය ගැටලුවක් තියෙන නිසා මට කියන්නට බැරි කාරණා කිහිපයක් තියෙනවා මේ වෙලාවේදී. නමුත් මේක විසඳුණු දවසට ඒ සියල්ලම හෙළිකරන්න සූදානම්.
නමුත් අපේ රටේ බෞද්ධයන්ට, භික්ෂූන් වහන්සේලාට විශාල අභියෝගයක් තිබෙනවා. අලි පන්සල්වල තබාගැනීම ඒ අභියෝගයේ ප්‍රධානම එකක්. අලි කොච්චර කැලෑවලදී මැරෙනවාද? ගම්වැදිලා මැරෙනවාද? එහෙම මැරෙද්දී අපි කොච්චර හොඳට පන්සල්වල මේ අලි බලාගන්නවාද? කොච්චර හොඳට කන්න බොන්න දෙනවාද? එහෙම තියෙද්දී ඒතැනින් ඉවත්කරලා අලි ගාල් කරලා තියෙන එක ලොකු ප්‍රශ්නයක්. මම නම් මේක දකින්නේ කුමන්ත්‍රණයක් විදිහට
අතීතයේ සුද්දගේ කාලේ තමයි මේ රටින් අලි තුරන් කිරීම ඇරඹුණේ. ඒ කුමන්ත්‍රණය අද වෙනස් විදිහකට යනවා කියලයි මම හිතන්නේ. හදාගන්න බැරි තැනක් තියෙනවා නම් ගිහිල්ලා බලලා අලි ගත්තාට කමක් නැහැ. අලියා බුදු දහමට සම්බන්ධයි. අලි නැතිකරන්න හදන්නේ ඒකයි. පොඩි අලි ටික මේ විදිහට අත්අඩංගුවට ගත්තාම ලොකු අලි ටික විතරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ඒ ලොකු අලි ටික ඉවරවුණාම අපේ පෙරහරවලුත් ඉවරයි. අන්න ඒකයි මම එහෙම කිව්වේ.
ඒ වගේම මේ පොඩි අලි ගන්නෙ ඇතින්නියන් මරල කියලා මේ අය පෙන්නන්න හදනවා .එහෙම නම් මම අහන්නේ ඒ මරපු සත්තු කෝ? කොහෙන්වත් හමුවෙන්නේ නැහැනේ. අලි මරනවා නම් නෙවෙයි පොඩි හරි හිංසාවත් කරනවා නම් මම ඒකට විරුද්ධයි. නමුත් ඒවාට සාධක තියෙන්න අවශ්‍යයි.
අලි ආදරෙන් බලාගන්න පුළුවන් ඉඩකඩ තියෙන පන්සල්වල හාමුදුරුවන්ට අලි භාරදිය යුතුයි කියයි මම නම් කියන්නේ. අපේ පන්සලේ ස්ථිරවම අලි හතර දෙනෙක්ට නවාතැන් දෙන්න මට පුළුවන්. මේක අක්කර පහක භූමියක් තියෙන පන්සලක්. අලියෙකුට අවශ්‍ය සියලු පහසුකම් මේ භූමිය තුළ තියෙනවා. ඉතිං අක්කර පහක භූමියක අලියෙක් දාලා යනවා කියන එක බොහොම සුළුදෙයක්.
අලි ජවාරම් කරන ගිහි හෝ පැවිදි හෝ අය වෙත්නම් ඒ සියල්ලන්ටම දැඩි දඬුවම් පැමිණවිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. අලි ජාවාරම විතරක් නොවෙයි සත්තු ජාවාරම් සියල්ලම රජය නවත්වන්න ඕන. ඒක හරියට හොයාගන්න අවශ්‍යයි. ආවාට ගියාට ඒක කරන්න බැහැ. ඒ වගේම අලි ජාවාරමේ නොයෙදුණු මට ඒ ලේබලය අලවද්දි සංවේගයක් ඇති වෙනවා.
ඒ වගේමයි යම් දෙයක් දුර්ලබ වෙනකොටයි ඒකෙ වටිනාකම වැඩි වෙන්නේ. එතකොට තමයි ජාවාරමේ යෙදෙන්නේ. ඒ නිසා මම කියන්නෙ අසරණ වෙලා අනාථ වෙලා හම්බවෙන අලි අපේ විහාරස්ථානවලට භාරදෙනවා නම් මේ ප්රශ්නය ඉවරයි. පිටරටවලටත් අලි තෑගි විදිහට යවන්නේ. පෙරහරවල්වලට අවශ්‍ය ප්‍රමාණයට අලි මෙච්චරක් දෙනවා කියලා ආණ්ඩුව අවුරුද්දක් ගානේ බෙදලා දුන්න නම් ඉවරයි. එතකොට කවුරුත් අලි සල්ලිවලට ගන්න යන්නෙ නැහැ. එතකොට නිකම්ම මේ ජාවාරම නවතිනවා. ඒනිසා පාචනේ හැදුණාම අමුඩේ ගහල වැඩක් නැහැ. ජාවාරම්කරුවො නවත්වන්න නම් ඒ විදිහට ක්‍රියාත්මක විය යුතුයි.
කාරණා දෙකක් නිසා තමයි මම එහෙම කිව්වෙ. එකක් මේ දේ අපේ මිනිස්සුන්ට දැනෙන්න අවශ්‍යයි. මහපොළෙව උහුලන්නේ නැති මේ අපරාධය මේ අයුක්තිය මිනිස්සු තේරුම්ගත යුතුයි. මිනිසුන්ට දැනෙන්න නම් මිනිස්සු සම්බන්ධ කරගන්න ඕන. භික්ෂුවක් හැටියට මිනිස්සු සම්බන්ධ කරගන්න පුළුවන් ඒ විදිහටයි. අනිත් එක මේ නඩුවට දක්ෂ නීතිඥවරුන් සම්බන්ධ කරගන්න අවශ්‍යයි. ඒ නිසා නඩුවට ලොකු වියදමයක් යනවා. ඒවට මට මුදල් නැහැ. අනිත් අය ඩොලර් වියදම් කරද්දි ඒ එක්ක හැප්පෙන්න අපිට හැකියාවක් තියෙන්න ඕන. මේක සමතයකට පත්කර ගන්න මගෙන් බණ අහපු හැමෝම උදවු කරනවා නම් හොඳයි.
ඉතිහාසය තුළ මම දැනුවත්ව නම් කිසිම වරදක් කරලා නැහැ. මට පක්ෂ භේදයක් නැහැ. ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් යමක් කළ යුතු නම් අනිවාර්යෙන්ම එය කිරීමට මම ඉදිරිපත් වෙනවා. ඒ වගේම ආණ්ඩු බලය කියන්නේ හරිම තාවකාලික දෙයක්. ඒක අපිට බොහොම පැහැදිලිව පෙනිල තියෙනවා. බලය නැතිවුණ දවසට ඒ ඇත්තොත් නිදහසේ ජීවත්වන වටපිටාව තිබිය යුතුයි. ඒනිසා ඒක තේරුම් අරගෙන වැඩකරන්න කියලයි මම මතක් කරන්නේ.
ඒ වගේම අපේ රටේ දේශපාලඥයො ජාත්‍යන්තර නායකයො වෙලා වැඩක් නැහැ. ඊට කලින් රටේ නායකයෙක් වෙන්න කියලයි මම කියන්නේ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වෙලා වැඩක් නැහැ. මම මේ කියන්නේ බොහොම සුහද අවවාදයක් විදිහටයි. රටේ මිනිස්සු දිනාගන්නේ නැතිව ලෝකය දිනාගෙන වැඩක් නැහැ. අපේ ජනතාවට කියන්න තියෙන්නේ ජාතිවාදය වැඩක් නැහැ. අපි කවුරුත් සමගි වෙමු කියලයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd