Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
නායකයා යනු කිසියම් පුද්ගලයෙක්, කණ්ඩායමක් හෝ සමාජයක් පාලනය කිරීමට පත්කර ගන්නා අයෙක්. එහිදී නායකත්වය විවිධයි.
නීත්‍යනුකූල නායකත්වය එක් අවස්ථාවක්. එහිලා නීතියෙන් ලබන බලය දැක්විය හැකියි.
නිල නායකත්වය තවත් එකක්. වාරි ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාවද එහිදී වැදගත් තැනක් ගන්නවා. මන්ද ලංකාවද අතීතයේදී එවැනි ස්වරූපයක් දැරූ රටක් වන නිසා. එහිදී රට පාලනය වූයේ නිල බලය හරහා.
එය පසුකාලීනව විදේශීය ආක්රමණයන්ට නතු වූ ලංකාව පලානය කිරීමටද ඔවුන්ට අනුබලයක් වුණා. මම එසේ දක්වන්නේ එදා පැවැති එම ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යමින් සුදු පාලකයන්ගේ යටත් විජිත සමයේදී ඔවුන්ට ප්‍රාදේශීය ආදායම් පාලක ක්‍රමය වැනි තත්ත්වයන් පවත්වා ගෙන යෑමටද මෙය අනුබලයක් වූ නිසා. මන්ද ජනතාවටද එවැනි ක්‍රම පිළිබඳ ලබා තිබූ පුහුණුව නිසා එහි අමුත්තක් නොදැනුණා. අතීතයේ ඈපා, මාපා ආදී වශයෙන් තානාන්තර බෙදී තිබූ ආකාරය එහිදී සිහිපත් කළ හැකියි.
සාම්ප්‍රදායික නායකත්වය යනු තවත් අවස්ථාවක්. මුල් කාලයේ ගෝත්‍රික සමාජ තුළ පැවැති මේ ලක්ෂණ ලංකාවේ සමාජ සංස්කෘතිය තුළද දක්නට ලැබුණා. එහිදී ලිඛිත නීතියක් නැහැ. එසේ ලිඛිත නීතියක් නොතිබුණද, ගමේ වයසින් වැඩි පුද්ගලයා කෙෙරහි පැවැති ගරුත්වය නිසා ඔහුට අධ්‍යාපනයක් නැතත් ඔහු ගමේ සමාජ නායකත්වය ලෙස කටයුතු කළා. වරිග සභාව එයට එක් උදාහරණයක්.
මේ ක්‍රම සියල්ල විමසන අතර වඩාත් අර්ථවත් නායකත්ව ලක්ෂණයක් ලෙස %කැරිස්මටික් ක්‍රමය^ හැඳින්විය හැකියි. මෙය %අනුහස් ක්‍රමය^ යනුවෙන්ද විග්රහ කෙරෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට නොමැති යම් සත්‍යතා ලක්ෂණ නායකයා තුළ තිබීම මෙම නායකත්වයේ විශේෂ ලක්ෂණයක් ලෙස කිව හැකියි. එහිදී තවදුරටත් සිදුවන්නේ ස්ව කැමැත්තෙන් එයාගේ ලක්ෂණ යොදා ගැනීමක්.
මේ ක්‍රමය තුළ කැමැත්තෙන් වෙනස් වීම දැකිය හැකියි. ඔවුන් එනිසාම හිතන පතන ආකාරයද වෙනස්. මෙය තවදුරටත් වඩා පහසුවෙන් තේරුම් ගැනීමට උදාහරණ කිහිපයක් දැක්විය හැකියි.
ආගමික නායකයන් ගැන හිතන්න. ආසියාවේ කීර්තිධර මහත්මා ගාන්ධි නමැති ජාතික දේශපාලකයා ගැන හිතන්න. කළු ජාතීන් වෙනුවෙන් පෙනී සිටි අසහාය නායකයා වන මැන්ඩෙලා ගැන සිතන්න. ඔවුන් මම කියන අනුහස් නායකයන් ලෙස දැක්විය හැකියි. ආසන්නතම පුද්ගලයා ලෙස සිංගප්පූරුවේ රාජ්‍ය නායකයා ගැන හිතන්න. ලංකාවේ අතීතය දෙස නැවත විමසුවොත් මෙවැනි නායකයෙකු ලෙස වාරිමාර්ග ශිෂ්ටාරය සමග මහා පරාක්‍රමබාහු රජතුමා සමයේ සිදුවීම් දැක්විය හැකියි. ජනතාවට වාසිදායක ලෙස බලය පාවිච්චි කිරීම පිළිබඳ එවැනි උදාහරණ හිතන්න. එවැන්නන් මම කියන ජනකාන්ත යැයි අප පවසන ගණයට ඇතුළත් වෙනවා.
ඊළඟ දේ තමයි දේශපාලන නායකත්වය කියන්නේ. මෙය එදාත් තිබුණා. එහිදී දේශපාලන නායකත්වය විසින් පුද්ගලයා කවුරුන්ද හෝ ඔවුන්ගේ ජාතිය ආගම ඔවුන් වෙසෙන පළාත ගැන සිතුවේ නැහැ. නමුත් ඔවුන් දේශපාලනයක නිරත වුණා.
දිවංගත ඩී.එස්. සේනානයක මහතා ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කළා. ඔහු ජාතිවාදය නොව රටේ වාරි කර්මාන්තය සහ එයින් පෝෂණය වන ලංකාවක් සහ ජීවත් වන ජනතාව ගැන හිතුවත් ජාති, ආගම් භේදය එහිදී මූලික කර ගත්තේ නැහැ. ගල්ඔය ව්‍යාපාරය බිහි නොකළා නම් අද මුස්ලිම් ජාතිකයන් පත්වන අපහසුව ගැන හිතන්න.
සොඳුරු ආඥාදායකත්වය හෙවත් සොඳුරු ඒකාධිපතියෙකු ගැන ඇතැම් දේශපාලන අනුගාමිකයන් වර්ණනා කරනවා. එය ජාතියක්, වර්ගයක් අභිභවා ගිය දෙයක්. ඔබ නැවත සිංගප්පූරුව ගැන හිතන්න. එහි ජාතිවාදී, ආගම්වාදී දැක්මක් නැහැ. හැම පුරවැසියෙකුම සිංගප්පූරු ජාතිකයෙක්. එනිසා රටේ හැම සම්පතක්ම කා අතරත් සමසේ බෙදෙනවා. එම නායකයා ජනකාන්ත නායකයෙකු බවට පත්වෙනවා.
මෑතක සිට අප රටේ දේශපාලන නායකත්වය තල්ලු වී කඩාවැටෙන තත්ත්වයකට පත්ව තිබෙනවා. දේශපාලන ක්‍රියාකාරකම් තුළ සියල්ල අභිභවා විධායක ජනාධිපති බලතල ඉදිරියට ගොස් තිබෙනවා. එතැනදී එහි පවතින සොඳුරු ආඥාදායකත්වය ජනතාවගේ වාසියට හරවා දෙන්න නායකයන් කටයුතු කළේ නැහැ. දේශපාලන අර්බුද සහ ජනතා විරෝධතාවන්ට මැතිවරණ හමුවේ පවා පාලකයන් අර්බුද මතු කරන්නේ එනිසයි. කොහොම හරි විධායකය හොඳ වුණොත් හොඳයි. එහෙම නැති වුණොත් සේරම විනාශයි.
නායකයා රටට නොව පරිපාලනමය වශයෙන් එම සංස්කෘතික පද්ධතියටත් බලපෑමක් කරනවා. ඔහු රාජ්‍ය පරිපාලනය දක්වාම දේශපාලන බලය තුළ විධායකය බවට පත්වුණා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුළ ජාතිවාදී දේශපාලනයක් පවතින බවට චෝදනාවක් තිබෙනවා. ඇතැම් තැන්වල ඔහු එය විවෘතව ප්‍රකාශ කරනවා. එහෙම නම් සොදුරු ආඥාදායක්තවය විසින් ජාතීන් අතර පවතින අර්බුද විසඳීමට පියවර ගත හැකි වුවත් එවැන්නක් සිදුවී නැහැ. එහෙම වුණා නම් එය සොඳුරු ආඥාදායකත්වය ආස්වාදයක් විය හැකියි. එහෙම වුණේ නැහැ.
බණ්ඩාරනායක සමයේද මේ අර්බුද තත්ත්වයන් යම් තරමකින් නොතිබුණා නොවෙයි. නමුත් ඔහුටද යම් ආකාරයකින් අනුහස් ස්වරූපය තිබුණා. එහිදී ඔහු ජාතිවාදී ස්වරූපයෙන් බැහැරව යම් පොදු අවශ්‍යතාව වෙනුවෙන් දුර දක්නා නුවණින් කටයුතු කළා. එහිලා ඔහුගේ පවුල් පසුබිමත්, අධ්‍යාපන තත්ත්වයත් ද්විභාෂාවන් පිළිබඳ තිබුණා වූ කුසලතාව වැනි සුවිශේෂී අංග අනුබලයක් වෙන්න ඇති. පංච මහා බලවේගයන් පවා එකල සමාජය තුළ යම් ගොනු කිරීමකට ඔහු මැදිහත් වුණේ මේ ජනකාන්ත තත්ත්වය නිසා බව කියන්න පුළුවන්.
නමුත් බණ්ඩාරනායක අගමැතිතුමන් එ.ජා.ප.යෙන් වෙන්වී යෑමත් සමග එතැන් පටන් දේශපාලන පක්ෂ ක්රමයේ යම් වෙනස් මුහුණුවරක් ඇති වුණා. එතෙක් කොළපාට සහ අලියා වෙනුවට නිල්පාට සහ අත සලකුණ දේශපාලනයට එක් වුණා. ඩඩ්ලි කොළ, සිරිමාවෝ නිල් වශයෙන් ජනතාව බෙදා ගත්තා.
දේශපාලන අර්බුදය තීව්ර වෙන්නේ එයින් පස්සේ. එතැන් පටන් ජාතික දේශපාලනය වෙනුවට පාට සහ පක්ෂ පෙරදැරි කරගත් දේශපාලන රැල්ලක් ආවා. ජනතාව ඡන්දය දුන්නේ පුද්ගලයාට නොවෙයි. පාටට හෝ පක්ෂයට. මේ නායකයන් එතැන් සිට පක්ෂ දේශපාලනය මිස ජාතික දේශපාලනය ගැන කතා කළේ නැහැ.
ඒ විතරක් නොවෙයි. එතැන් පටන් ගමේ නිල්, කොළ, රතු දේශපාලනය බලය මෙහෙයවනවා. ගමේ බලය විනාශ කරවන තැනට සහ ආරවුල් පවතින තැනට කටයුතු යොදනවා. රැකියාවක් ලබාදීමටත්, ඒ පාක්ෂිකයන්ම විය යුතුයි. වෙනත් අයට අවස්ථාව දෙන්නේ නැහැ. රටේ පොදු දේපොළ පරිහරණය තම පාක්ෂිකයන් අතර පමණක් රඳවා ගැනීමට බලය යොදා ගන්නවා. එයින් රටේ ආර්ථික පාලනයත් දේශපාලන නායකත්වය තමන් අත සුරක්ෂිත කරවා ගැනීමට ගම් මට්ටමේ සිට අනුබල දෙනවා. අනතුරුව ඒ බලය තුළ තමන්ගේ පක්ෂ දේශපාලනයේ බලය රට පුරා ස්ථාපනය කර ගන්නවා.
බලය රැකගැනීම වෙනුවෙන් ඉහළ සිට පහළට එම ගැටුම් ගලාගෙන එනවා. දේශපාලකයන් තමන්ගේ බලය රැකගැනීමට සටන් කරනවා. ජනතාව ඔවුන් රැක ගැනීමට බලය පාවිච්චි කරනවා. බලය අයථා ආකාරයෙන් පවතින තැන දූෂිතයි. එතැන වංචාව, දූෂණයට, ප්‍රචණ්ඩත්වයට අනුබල සපයනවා. මෑත කාලයේ සිට පවතින්නේ මේ පක්ෂ දේශපාලන ක්‍රමය විනා ජාතික දේශපාලනය නොවෙයි. ඒ කියන්නේ මම මුල සිට කතා කළ ජනකාන්ත තත්ත්වය මේ දේශපාලනය තුළ නැහැ. කෙටියෙන්ම කිව්වොත් ජාතික දේශපාලන නායකයන් නැහැ.
ඒ තත්ත්වය තවදුරටත් භාවිතය තුළ ඉදිරියට ගමන් කළා. ජේ.ආර්. පාලනය තුළ මැතිවරණයෙන් පසු සති දෙකක් නිවාඩු ගන්න යැයි පොලීසියට අවස්ථාව දුන්නා. ඒ කිව්වේ ප්‍රතිවාදීන්ට පහර දෙන තුරු පොලීසිය නිහඬ කරවීමේ උත්සාහයක් ගත්තා. එතැනදී ඔහු පක්ෂ දේශපාලකයෙකු මිස ජාතික දේශපාලකයෙකු වශයෙන් කළ මැදිහත්වීමක් නෙවෙයි ඒ. එනිසාම ඔහු පක්ෂ දේශපාලකයෙකු බවට පත්වෙනවා. දේශපාලන බලය රැකගැනීම වෙනුවෙන් තමන්ගේ ප්‍රතිවාදියා වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතියත් අහෝසි කරනවා.
ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ යුගයත් එසේමයි. ඔහුද තමන්ගේ බලයට එරෙහිව පැමිණි යම් නායකයන් සමග විරසක වුණා. ඒ සඳහා තමන්ගේ බලය පාවිච්චි කළා. ඒ හැම අවස්ථාවක්ම ඔහු සිය දේශපාලනය පක්ෂ දේශපාලනයක් මිස ජාතික මෙහෙවරක් ලෙස පරිවර්තනය කර ගත්තේ නැහැ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීම කියන කාරණයට වඩා වැදගත් වුණේ එවකට පැවැති යුදමය වාතාවරණය බව කිව යුතුයි. ජනතාව ඔහුට යුද්ධය අවසන් කිරීමට බලය පැවරීම තුළ යුග නායකයෙකු බවට පත්වෙනවා. නමුත් ඔහු යුද්ධය අවසන් කළත් (ඔහුගේ පාක්ෂිකයන් විසින්ම හඳුන්වා දෙන) සොඳුරු ආඥාදායකත්වය තුළ ඔහු යුද්ධයෙන් පසු ජාතික දේශපාලන මෙහෙවරකට යොමු වුණේ නැතැයි ජනතාව පවසනවා. එහෙම වුණා නම් ඔහු සුළු ජාතීන්ගේ අප්‍රසාදයට පත්වන්නේ නැහැ.
ජාතීන් අතර හොඳ හිත විශ්වාසය තහවුරු කරමින් ගෝත්‍රවාදයෙන් බෙදී ගිය රට එක් කිරීමට ඔහු යුගපුරුෂයෙකු බවට පත්වුණේ නැහැ. එනිසා ඔහු පක්ෂ දේශපාලන නායකයෙකු විනා ජාතික දේශපාලනයේ මා පවසන අනුහස් (කැරිස්මා) නායකයෙකු නොවෙයි. නමුත් ඔහු ඒ තත්ත්වය වටහාගෙන කටයුතු කළා නම්, ඔහුගේ දේශපාලන නායකත්වය වඩාත් ජනප්‍රිය වෙනවා. ඔහු ජාතිවාදය සහ භේද අවුස්සන නායකයෙකු ලෙස ඔහුගේ අනුගාමිකයන්ම හඳුන්වාදීමෙන් ඔහු තවදුරටත් බලයට නුසුදුසු බවට ඇතැම් පිරිස් තීරණය කළා.
ඒ කියන්නෙ මහින්ද ජනාධිපතිතුමා සිංහල බෞද්ධයෙක් පමණයි යනුවෙන් ඇඟවෙන ප්‍රකාශ හිතන්න.
අනුහස් නායකයෙකු කවදාවත් තමන්ගේ ප්‍රදේශයට පමණක් වැඩ කරන්නෙ නැහැ. තමන්ගේ පක්ෂයේ අයට හරි තම ඥාතීන්ට පමණක් සලකන්නෙත් නැහැ. තම ජාතියට හෝ ආගමට විතරක් සේවය කරන්නෙත් නැහැ. මෙවර ආසන්නතම මැතිවරණවලින් පවා වැඩි ඡන්ද ප්‍රතිශතය විමසීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තමන්ගේ දකුණේ ඡන්ද බලය තරම් ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් සෙසු පළාත්වලින් ලැබුණේ නැහැ. ඔහු ජනප්‍රිය දේශපාලකයෙකු බවට ඉදිරියෙන් සිටිනවා.
ඔහු රටේ නීතියට, අධිකරණයට අතගැසුවා. අගවිනිසුරුවරිය ඉවත් කර ගැනීමේ අවශ්‍යතාව ඔහු ඉටු කර ගත්තා. එතැනදී ඔහු අධිකරණය බල දූෂණය යටතේ දූෂණය කළා. ඒක ඉතා බරපතළ වරදක්. නීතියේ බලය දේශපාලකයා අතට ගත හැකි තැනට ඔහු කටයුතු කළා. අදටත් නොවිසඳුණු අර්බුද මතුවන්නේ බල දූෂණය විසින් එදා සිදු වූ නොමනා ක්‍රියා හේතුවෙන්.
එවැනි ප්රචණ්ඩත්වයන් තුළ ඔහු අනුහස් නායකයෙකු ලෙස ජාතික දේශපාලනයට එක්වීමට තිබූ අවස්ථා අහිමි කර ගත්තා. නමුත් ඒ දේ වෙනුවට ඔහු යුද්ධය දිනාදුන්නා සේම එයින් පසු යුද්ධයේ පසුවිපරම් කටයුතු සමග ජන සංහිඳියාව පිළිබඳ කටයුතු කළා නම් එය අපමණ අගයක් ලැබෙන මැදිහත් වීමක් විය හැකියි.
ඒ අනුව පොදු අපේක්ෂකයන් පත්කර තමන්ගේ බලය රැකගත යුතු තැනට පක්ෂ දේශපාලන නායකයන්ද පත්වුණා.
නමුත් අද රටේ පක්ෂ නායකයන්ගේ රුව සැකසූ කමිස ටී-ෂර්ට් හෝ පෝස්ටර් අනුව ඔවුන් ජනතාව තුළ තවමත් පෙරමුණ ගන්නා බව පෙන්වනවා?
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන කතා කළොත් මා මෙහි තැනින්තැන පැවසූ ආකාරයේ කිසිදු නායකත්ව ලක්ෂණයක් කෙරෙහි ඔහුගේ සමීප බවක් නැහැ. ඔහු හොඳ අවස්ථාවක ඉදිරිපත් වූ නිසා ජයග්‍රහණය කළා. ඔහු හැමවිටම ඔහුට තම නායකත්ව ලක්ෂණ පෙන්නුම් කිරීමට තිබූ අවස්ථා මගහැරියා. ඔහු ඒවායෙන් නිසි ප්‍රයෝජන ගත්තා නම්, දක්ෂ අනුහස් නායකයෙකු බවට අපේක්ෂා තබා ගත හැකිව තිබුණා.
බලන්න හම්බන්තොට ගිවිසුම ඉදිරියේ ඔහු මත දෙකක රැඳී අසාර්ථක වුණා. එට්කා ගිවිසුම සම්බන්ධයෙන්ද එහෙමයි. ඇස්බැස්ටස් තහනම ගැන හිතන්න. මේ අවස්ථාවල තම නිවැරදි මතය ජනගත කළ හැකි වුවද, ඔහු නිහඬව සිටියා. එනිසා ජනතාව ඔහු කෙරෙහි සැකයෙන් බැලුවා.
ජාතික නායකත්වය තුළ එඩිතර තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ජාතික නායකත්වය ජනතාව ඉදිරියේ දුන් පොරොන්දු ඉටු කළ යුතුයි. මෛත්‍රී ජනාධිපතිවරයා ගත්තත් ඔහුට ඒ සඳහා බලපෑම් ආවා. පසුපසින් ඔහු මෙහෙයවන හස්තයන්ට ඔහු ගොදුරු වුණා. එය අනුහස් නායකයෙකුගේ ලක්ෂණයක් නෙවෙයි. පවතින දේශපාලන අර්බුදය හමුවේ ඔහුගේ ස්ථාවරය වරින්වර වෙනස් වන ආකාරය ජනතාව දකිනවා. විටින් විට සිදු කරන ප්‍රකාශ ඔහුට එවැනි ස්ථාවරත්වයක් නැති බව ජනතාවට අඟවනවා. ජනකාන්ත නායකයා තීන්දු තීරණ ගත හැකි වුවත් එසේ නොවන නායකයා දුර්වල නායකයෙකු බවට පත්වෙනවා. ඒ අවාසිය ඔහුගේ හෝ ඇයගේ දේශපාලන දිවියේ හෙට දවසට සිදුකරන හානිය බරපතළයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd