සංගීතය ඒකාකාරී නොවන අතර එහි ඇති වන රස වෙනස්කම් හදුනාගැනීමට හැම කෙනෙක්ටම නොහැකි වුනත් සංගීතය නිරන්තරයෙන්ම නව මානයකින් දකින M Entertainments ආයතනය, The Voice Sri Lanka Season 3 තරඟයේ අවසන් වටයේ මහත් ප්‍රේක්ෂක ආදරයක් දිනා ගනිමින් බටහිර සහ සිංහල ගීත ගායනයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ලිසාරා ප්‍රනාන්දුගේ ප්‍රථම නිර්මාණය වන "හීන හුඟක්" ගීතය සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා M Entertainments YouTube නාළිකාව ඔස්සේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ වෙත මුදා හැරියා. The Voice Sri Lanka වේදිකාවේ දැක්වූ දස්කම් සහ වෙනස් හඬ පෞරුෂය නිසා විශාල රසික ආදරයක් ලිසාරා වටා එක් රොක් වූ අතර ඇයගේ ගැයුම් සහ ඉදිරිපත් කිරීම් ඇයව ජාත්‍යන්තර තලයටද ඔසවා තැබීමට සමත් වුනා.
“හීන හුඟක්” ශෙහාන් ගලහිටියාව අතින් ලියැවී, සංක B. අතින් අධ්‍යක්ෂණය වූ අතර, සන්දේශ් බණ්ඩාර අතින් රූප රචනා වී ඇත.
එදා මෙන්ම අදත් M Entertainments ආයතනය ශ්‍රී ලාංකේය සංගීත කලාව වෙනස් මානයකින් දකින්න වෑයම් කරන අතර, හැකියාවෙන් පරිපූර්ණ ශිල්පීන් ඔසවා තබා ඔවුන්ගේ නිර්මාණ ජනතාව අතරට ගෙනයාමට මුල් වූ ආයතන අතලොස්සෙන් එකක් ලෙස නම් කර හැකියි. එම වෑයම් වල ප්‍රතිපල අද වන විට බොහෝමයි.
ලිසාරා ප්‍රනාන්දු ගයන "හීන හුගක්" ගීතය දැන් ඔබට YouTube සහ Spotify, Apple Music ඇතුලු අනෙකුත් සංගීත සේවාවන් හරහා දැන් රස විඳින්න පුලුවන්.