තාල වර්ගයට අයත් Ivory Cane Palm / Ivory Palm යන විසිතුරු ශාකය නුදුරේදීම තෙත් කළාපීය සහ කදුකර වනාන්තර ආක්‍රමණය කිරීමේ දැඩි අවධානමක් නිරීෂක්ෂණය වී ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවත් ජ්‍යෙෂ්ඨ පරිසර නීතීඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිටද මෙම ශාකය ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පිටදෙනිය ප්‍රදේශය ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ වනලැහැබ් තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවය.
ඵල සතුන් මගින් ප්‍රචාරනය වීමත්, වැටන ඵල ප්‍රරෝහනය වීම තුලින් එක් ශාකයක් අසල ශාක රාශයක් හට ගැනීමත් හේතුවෙන් අනෙකුත් ශාක වර්ග වලට වර්ධනය විය නොහැකිවන ලෙස ප්‍රදේශය පුරා විශාල ලෙසින් Ivory Cane Palm වර්ධනය වන බවට පෙන්වා දෙන ආචාර්යවරයා, මෙම වර්ගයේ ශාකවල පත්‍රිකා කුඩා අවධියේ සිටම පළල් ලෙස වර්ධනය වීම සිදුවන බවද පෙන්වා දෙයි.
Pinanga cronata යන විදයාත්මක නාමයෙන් හැදින්වෙන මෙම Ivory Cane Palm ශාකය ඇතුළු විසිතුරු ශාක ලෙස මෙරටට ගෙන එන ලද ශාක වර්ග බොහොමයක් මේ වන විට ආක්රමනික ආගන්තුක ශාක බවට පත්ව තිබේ. ඒ අනුව මෙරටට ගෙන්වන සියලු ශාක කෙසේ වර්ධනය වන්නේද සහ ප්‍රචාරනය වන්නේද යන්න මෙන්ම එම ශාක හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වදේශීය ජෛව විවිධත්වයට සිදුවිය හැකි බලපෑමක් පිළිබඳ දැඩි අවධානයක් යොමු කල යුතුය. මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා,
"ඉන් දුනීසියාවට අයත් ජාවා සහ සුමත්‍රා දිවයින් නිජබිම් කරගත් මෙම තාල වර්ගයේ ශාකය මීටර් 10 තෙක් උසකට වැඩෙනා සිහින් කහවන් කඳකිනුත්,එහි කෙලවර තිබෙන පත්‍ර ගනනාවකිනුත් සමන්විත වනවා.මෙම පලලින් වැඩි මෙන්ම එකිනෙකට ස්පර්ශ වන ආකාරයට ආසන්නව තිබීමත් විශේශත්වයක්.මේ නිසා පත්‍රිකා අතුරින් හිරු එලිය පහතට ඒම සිදු වන්නේ ඉතා සුලු වශයෙන්.මෙහි පුශ්ප හට ගන්නේ පුශ්ප මංජරි විලසින්.මුල් කාලයේදී ලා කොල පාට පුශ්ප මංජරිය ක්‍රමයෙන් දීප්තිමත් තද රතු පාටකට පත්වනවා.මෙහි හටගන්නා කුඩා ඵල මුලදී කොල පාට මුත්,ඉදීමේදී දම්-කලු පාටක් ගන්නවා.ඒවා සතුන් මගින් ප්‍රචාරනය වනවා.
මෙම ශාකය වගා කිරීමේ උපදෙස් වල තිබෙන්නේ එය සෙවන සහ තෙතමනය ප්‍රිය කරන බවයි.මේ ශාකය බොහෝවිට හමු වන්නේ ගස් සහිත පරිසරවල සෙවන සහිත ස්ථාන වලයි.මේ නිසා එය වනාන්තර තුල ඉතා හොඳින් වර්ධනය වීමේ හැකියාව දරනවා.මෙහි තිබෙන වර්ධක ලක්ශනයක් වන්නේ මුලෙන් පඳුරු දැමීමයි.ඒ නිසා එක් ශාකයක් කලකදී ශාක ගොනුවක් බවට පත් වනවා.මේ ශාක යට කොටසට එන ආලෝකය ඉතා අඩු නිසා එම ගස් යට ශාක වලට වර්ධනය වීමට සුදුසු තත්වයක් නෑ.
මෙම ශාකය අඳමන් දූපත් වල සහ ෆීජි දිවයිනේත් ව්‍යාප්තවී තිබෙනවා.මේ වන විට එය ෆීජි දිවයිනේ ආක්රමනික ආගන්තුක ශාකයක් බවට පත්වී තිබෙන බවට පර්යේශන පත්‍රිකා පල වී තිබෙනවා.මෙම ශාකය කෙරේ විශාශ අවධානයක් යොමු කිරීමට තවත් හේඑතුවක් වන්නේ මෙය දැනටමත් ආක්‍රමනිකයෙක් වී තිබෙන බවට තිබෙන මේ තොරතුරුයි.
ඒ අනුව තමන්ගේ ප්‍රදේශ වලත් ගෙවතු වලින් බැහැරව තිබෙන්නේද යන්න සහ වන ලැහැබ් සහ වනාන්තර පරිසර තුලත් හමුවන අවස්ථාවන් දැක තිබේ නම් ඒ පිලිබද අවධානය යොමු කල යුතු වෙනවා" යනුවෙන් පවසා සිටී.
