කෙටි කාලයකට පටි තද කරගන්නැයි ජනපති ජනතාවට කියයි
මැදපෙරදිග යුධ තත්ත්වය නිසා ඩොලරයට ඇති ඉල්ලුමේ ඉහළයාමක් ඇතිව තිබෙන බවත් මේ හේතුවෙන් කෙටි කාලයක් සඳහා තනි තනි වශයෙන් රටින් පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය අඩු කිරිමට කටයුතු කරමු යැයි ජනපති අනුර කුමාර දිසානායකමහතා පැවැසීය. ඒ අනුව ඉන්ධන භාවිතය අඩු කිරීම, ආනයන සීමා කිරීම වැනි කටයුතු සිදුකරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලාසිටියේය.
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
"වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරය පිළිබඳ අර්බුදයකට. විශේෂයෙන් අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙලා. එය අපේ රුපියලට බලපෑමක් ඇති කරලා.
අපේ ප්‍රධාන ඩොලර් උපයන ආදායම් මාර්ගයක් සංචාරක කර්මාන්තය. පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙවර 29%කින් සංචාරකයන් පැමිණීම අඩුවෙලා. එය අපේ ඩොලරයට බලපෑමක් ඇති කරනවා.
ලෝකයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා අපි පිටරට යවන භාණ්ඩවලට තියෙන ඉල්ලුවේ අඩුවක් ඇති වී තිබෙනවා. ඒ නිසා අපනයන හරහා ලැබෙන ඩොලර්වල හිඟතාවක් මතුවෙලා.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එවන විදෙස් සංක්‍රාමවල පසුබැසිමක් ඇතිවෙලා තිබෙනවා. ඩොලර් මිල ඉහළ යාම නිසා ඉන්ධන ගෙන්වීම සඳහා මාසික පිරිවැය වැඩිවී තිබෙනවා. පෙබරවාරි මාසයේ ඉන්ධන ආනයනයට වැය වුණේ ඩොලර් මිලිය 98යි.මාර්තු මාසයේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 368යි. මැයි මාසයේ ඩොලර් මිලියන 522යි.
ඒ නිසා අපේ රුපියලට තෙරපුමත් ඩොලරයට ඉල්ලුමක් ඇතිව තිබෙනවා. මේ අර්බුදයට මුහුණ දීම සඳහා ක්‍රියාමාර්ග
රැසක් නියමිතව තිබෙනවා. අපි මේ වන විට ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා බැදුන විස්තීරණ ණය පහසුකමක් එක්ක.ඒ නිසා ඔවුන් සමග සාකච්ඡා කර අපගේ යෝජනා ඉදිරිපත් කර තිබෙනව. කෙටි කාලයක් සඳහා කෙටි කාලයක් අපිට මේ ඩොලරය සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන භාවිතය සීමා කළ යුතුයි.
ආනයන භාණ්ඩ පරිහරණය පිළිබඳ යම් අවධානයක් යොමුකළ යුතුයි. ආනයන වියදම අඩු කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රටින් එළියට ගලායන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට තනි තනිව මැදිහත්වන ලෙස. මෙය කෙටිකාලයක් පවතීවි. අපි ශක්තිමත්ව මුහුණ දෙමු. නැවත කිසිසේත්ම විනාශකාරී ආර්ථික තත්ත්වයක් ඇතිවිමට කිසි සේත්ම ඉඩ දෙන්නේ නෑ."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

