ආදරයට විවාහයට උස්මිටි පහත් කම් මිල මුදල් යාන වාහනය රුව ආදී කරුණු වලට එහා ගිය පසුබිමක් තිබෙන බව ඔප්පු කර පෙන්වන අපූරුයි අඹු සැමි යූවලක් පිළිබඳව තොරතුරක් දඹුල්ල ගල්වැටියාය ප්‍රදේශයෙන් අපට වාර්තා විය.
දඹුල්ල සමෘද්ධි බැංකුවේ නිලධාරිනියක විසින් සපයා තිබූ තොරතුරකින් මෙම යුවළ පිළිබඳව කියැවී තිබුණේ කුඩා කාමර දෙකක් සාදා නිමකරවා ගැනීමට රජයේ උදව් ඉල්ලා සිටීමය. රාජ්‍ය නිලධාරිනියගේ ඉල්ලීමේහි වැඩිදුරටත් සඳහන් කර තිබී ඇත්තේ මෙම යුවළගේ ආදරය පිළිබඳව වීම විශේෂත්වයකි ඒ අනුව දඹුල්ල සමෘද්ධි බැංකුවේ නිලධාරියෙකුගේ තොරතුරක් මත් ගල් වැටියාය ප්‍රදේශයට ගොස් මෙම යුවළ පිළිබඳව තොරතුරු සොයන්නට අප උත්සුක උනෙමු.
බී .ජි. රංජිත් මහතා වයස අවුරුදු තිස් හතකි කේ . ඒ .අයිරාංගනී මහත්මිය අවුරුදු තිස් හතකි , උපතින්ම ආබාධිත ජීවිතයක් ගත කරන කේ . ඒ .අයිරාංගනී මීට වසර ගණනාවකට ඉහතදී පොළොන්නරුව ප්‍රදේශයේ තම ඥාතී කෙනෙකුගේ නිවසක නැවතී අත්කම් නිර්මාණය ඉගෙන ගැනීමට ගොස් තිබේ.
ඒ අතරතුර එළවළු සහ පලතුරු රැගෙන පොළ වෙළඳාමේ එන අපූරු තරුණයෙකුට හමුවී ඇත්තේ අහම්බෙනි , එළවලු පලතුරු පොලේ අලවි කොට ඉතිරි වන ප්‍රමාණය තබා යන්නට පුරුදුව තිබුනේ අයිරංගනි නැවතී සිටින නිවසේය.යන එන අතරතුර රංජිත්ට මෙම ආබාධිත තරුණිය කෙරේ ආදරයක් පැන නැගීමෙන් ඇය නැවතී සිටි නිවසියන්ගෙන් ඇයගේ දුරකථන අංකය ඉල්ලාගෙන ඇමතුමක් ලබා දී ආදරය ප්‍රකාශ කොට ඇත.
විවිධ දුක් මුසු තැන් රැසක් එම ආදරයේ ප්‍රකාශ කිරීමේ ඇතත් පසුව දෙදෙනාට දෙදෙනා ආදරය කරන්නට පටන්ගෙන තිබේ . එදා සිට අද දක්වා දෙමව්පියන්ගේ දැඩි අකමැත්ත මත මහනුවර ප්‍රදේශයේ පදිංචි රංජිත් අයිරාංගනී තම බිරිඳ කර ගෙන තිබේ.
කුලී නිවස් රැසක මේ වන විටත් වසර ගණනාවක් ජීවත්වෙන ඔවුන්ට දඹුල්ල ප්‍රදේශයේ අයෙකු පර්චස් දහයක ඉඩමක් නොමිලේ ලබා දී තිබේ මහන්සියෙන් කුලී වැඩක් කරමින් හරිහම්බ කරන රන්ජිත් දැඩි වෙහෙසක් දරමින් එකිනෙකාගෙන් ගඩොල් කැට පවා ණයට අරගෙන කාමර දෙකක් බාගෙට සාදාගෙන ඇත්තේ ඔවුන්ගේ කුරුලු කූඩුව ඉක්මනටම තනා ගැනීමේ අරමුණ ඇතිවය එතෙක් දරුවන් බිහි නොකොට කුලී නිවසක සිටින්නට තීරණය කර තිබේ.
රංජිත් කුලී වැඩකට ගොස් එනතුරු දෙපා ආබාධිතව ඉන්න ආදරණීය බිරිඳ අයිරාංගනී වඩා ගැනීම සිදු කළ යුතුය. විනාඩි කිහිපයක් සැමියාගේ උකුල උඩ වාඩි වී සිටීම ද මේ අයගේ පුරුද්දක්ව තිබේ. අයිරයිරාංගනී මහත්මිය මෙසේ පැවසිය.
" මම දන්නවා එයා මට කොච්චර ආදරේද කියල මමත් ඒ වගේම එයාට ආදරෙයි අපි දෙන්නට දෙන්නා නැතුව බැහැ. අපි කවදාවත් තරහ වෙන්නේ නෑ මේ ආදරය මැරෙනකල්ම තියෙනවා, ඉස්සරලාම මහත්තය මැරුණොත් මම එයත් එක්කම සියදිවි හානි කර ගන්නව කියලයි මම එයාට කියලා තියෙන්නේ අපි දෙන්නගේ ආදරය අපි දෙන්නට හිතාගන්නත් බැහැ.
මට මෙයා නැතුව කොහොමවත් ජීවත් වෙන්න බෑ. එයාටත් මම නැතුව ජීවත් වෙන්න බෑ . ඒ නිසා අපි දෙන්නා හැමදාම හරිම සතුටින් ඉන්න දෙන්නෙක් , මම ජීවිතේ කවදාවත්ම හිතුවේ නෑ මට මේ වගේ ලස්සන අංග සම්පූර්ණන මහත්තයෙක් හම්බවෙයි කියලා , මොකද මම උපතින්ම ඇවිදින්න බැරි කෙනෙක් පුංචි කාලෙ ඉඳලම ආදරය කියන එක හීනයක් වෙලා තිබුණේ හැබැයි මෙහෙම මිනිස්සු ඉන්නවා කියල දැනුනහම ජීවත් වෙන්න ලොකු බලාපොරොත්තු ඇතිවුණා."
රංජිත් මහතා තම අත්දැකීම මෙසේ විස්තර කළේය.
" මම නගරවල් වල පලතුරු එළවළු අරගන ගිහාම තේරෙනවා ලස්සන මිනිස්සුන් කසාද බැඳලා පවුල් විසිරිලා යන හැටි මට ඕනෑ තරම් අත්දැකීම් තියෙනවා අපේ පොල භූමියෙන්ම , මම කල්පනා කළා තත්වේට වැටෙන්නේ නැහැ කියලා අපේ ගෙදර අම්මල අයියලා මට විවාහ යෝජනා තුන හතරක් ගෙනාවා ඒවට කැමැති වුණේ නැහැ, මෙයා දැක්ක දවසෙන් මම තීරණය කළා මේ වගේ කෙනෙකුට පිහිට වෙලා ආදරය කරලා ඇය රැක බලා ගැනීම කළොත් මට මොන තරම් ඇයගෙන් ආදරයක් තිබේවිද කියලා, ඒ ආදරය මෙයාගෙන් ලැබෙනවා රූපය ඇවිදගන්න බැරිකම සහ මිල මුදල් නෙමෙයි ආදරය කියන එක භුක්ති විදලම බලන්න ඕන ජීවිතය මොනතරම් සතුටෙන් ඉන්න පුලුවන්ද කියල, හැමෝම ජීවත් වෙන්නේ සතුටෙන් ඉන්න ,සතුට මට මෙයා ළඟ තියෙනවා."
"මට කුලී වැඩ කරලා කොහොම හරි කාමර දෙක හදා ගන්න වැසිකිලිය හදා ගන්නයි මෙයාට ඇවිදින්න පුළුවන් වෙන්න මිදුල හදා ගන්නයි තමයි අවශ්‍ය වෙනනී , දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මට සෙවිලි වලට මුදල් ආධාරයක් දෙනවා ඉතිරි ටික කරගන්න තමයි අපහසුකම තියෙන්නෙ"
මේ කැදැල්ල සුන්දර කරන්න ඔබටත් හැකියාවක් ඇත්නම් ඔවුන්ගේ ලිපිනයේ කේ . ඒ .අයිරාංගනී, ගල්වැටියාය, දඹුල්ල, දුරකථන අංකයෙන් ,0783662496 ලංකා බැංකුවේ දඹුල්ල ශාඛාවේ කේ.ඒ අයිරාංගනී නමින් ඇති ගිණුම් අංකය 78974327









