හිස ප්‍රදේශයට ඇතුඵ වූ උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි සාර්ථකව ඉවත් කළ බව එහි අධ්යක්ෂ වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් මහතා පවසයි.
වගාවන්වලට හානි කරන රිලවුන් එළවා දැමීම සඳහා භාවිත කරන වායු රයිපලයක් පත්තුවීම නිසා කෑගල්ල සියඹලාපිටිය කජුගස්වත්තේ පදිංචි (වසර 3මාස 9 යි) දරුවෙකු පසුගියදා (11දා) අනතුරට ලක්වි ඇත.
කෑගල්ල සියඹලාපිටිය කජුගස්වත්ත ප්‍රදේශයේ ගොවින්ගේ වගාවන් සඳහා හානි කරන රිලවුන් පන්නා දැමීම සඳහා ගොවි මහතුන් විශාල පිරිසක් බලපත්‍ර සහිත වායු රයිපල් භාවිත කරනු ලබන බවත් එම ප්‍රදේශයේ ගොවීන් 50 දෙනෙකු පමණ වගාවන් කර ජීවිකාව ගෙන යන බවත් අනතුරට ලක්වූ දරුවාගේ පියා පැවසීය.
සිද්ධිය වූ දින තම සොහොයුරියගේ දරුවාද නිවසට පැමිණ සිටි බවත් දොර අසල තබා තිබූ වායු රයිපලය කෙසේ හෝ දරුවන් දෙදෙනා අතින් බිම වැටී තුවක්කුව පත්තුවි ඇති බවත් අනතුරට ලක්වූ දරුවාගේ මව පවසයි.
දරුවා අඬන සද්දය ඇසි බලන විට දරුවාගේ හිස ප්‍රදේශයෙන් ලේ වහනයවී ඇති බව දුටු විට විගසින් කෑගල්ල රෝහලට ගෙන ගොස් ඇති අතර, කෑගල්ල රෝහලෙන් මූලික ප්‍රතිකාර කර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට මාරු කර යැවූ බවද දරුවාගේ මව සඳහන් කළාය.
සැත්කම කළ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර බණ්ඩාර ඇතුල්ගම මහතා පැවැසුවේ, දරුවාගේ දකුණු කන අසලින් ඇතුල්වී ඇති උණ්ඩය වම් පැත්තේ හිස් කබල දක්වා ගමන් කර ඇති බවත් එය හිසේ ඇති දමනියට හානි වුවානම් දරුවාගේ ජීවිතයට හානි වීමට තිබූ බවයි.
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ළමා ශල්‍ය දැඩි සත්කාර ඒකකය භාර නිර්වින්දන අංශයේ විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටි ආරච්චි මහතා පැවසුවේ, සැත්කමින් පසු කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් සිටි දරුවාගේ තත්ත්වය ඉතා යහපත් මට්ටමක ඇති බවයි.
දින 3කට පසු එම යන්ත්‍රවලින් අද (17) දින දරුවා ඉවත් කළ බවත් මේ වනවිට අනතුරට පත්වු දරුවා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවද ළමා ශෙල්‍ය දැඩිසත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.