පුරහල චතුරශ්‍රය හා විහාර මහා දේවි උද්‍යානය ප්‍රතිසංකරණය කිරීමෙන් පසු ජනතා අයිතියට පත්කිරීම අද (19දා) සවස ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.