www.ada.lk
2026 ජුලි මස 21 වන අඟහරුවාදා
ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු මෙන්ම කවියෙකු ලෙස සැලකෙන විල්සන් හෑගොඩ ශූරීන්ගේ සියවැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවේදී අද(11දා) පෙරවරුවේ සිදුකෙරිණි.
ඔහුගේ සේවය අගයමින් පැවැති මෙම උත්සවය සඳහා තැපැල්සේවා අමාත්‍ය එච්.එම්.එච්.හලීම්,ලාල් හෑගොඩ මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව තුළ ඡායාරූප ශිල්පය ව්‍යාප්ත කිරීමේ නියමුවා ලෙස සැලකෙන විල්සන් හෑගොඩ මහතාගෙන් නොමිලයේ ඡායාරූප ශිල්පය ඉගෙනගත් සිසුපිරිස 20,000කට වැඩි බව සඳහන්වෙයි.
1950 වසරේ ඇරඹි ජාතික ඡායාරූප සංගමයේ ලේකම් ධුරය දරන කාලයේදීම අගනුවර තරුණ කවි සමාජය පිහිටුවා වසර 45ක් එහි ලේකම් ධුරය දරමින් කිවියන් දහස් ගණනකට කලාලොව විවෘත කිරීමටද ඒ මහතා කටයුතු කළේය.
popular news
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවි හානි කරගනියි
පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට මුදු
වියට්නාමය හා ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සමගාමිව බුද්ධ වන්දනා දියත් කරයි
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
පළාත් සභා ඡන්දයට වෙන් කළ මුදල් ආපසු එවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd